අපි දැනට නිතරම භාවිතා කරනු ලබන platforms අතරින්, හැම එකකම වගේ live broadcast එකක් කරන්න ඕන නම් ඒ සඳහා video source එකක් තියෙන්න ඕන වෙනවා.
නමුත් ඔන්න දැන් Twitter සමාගම විසින් audio පමණක් භාවිතා කර live එන්නට හැකි ක්‍රමයක් නිර්මාණය කරන්න සමත් වෙලා තියනවා. Twitter සමාගමේ ප්‍රධාන විධායක නිළධාරීවරයා වන Jack Dorsey විසින් මෙම පහසුකම පිළිබඳව නිවේදනයක් නිකුත් කර ඇති අතර මෙය Twitter iOS app එක හරහා මෙන්ම Periscope app එක හරහා මේ වන විට භාවිතා කළ හැකි වෙනවා.
Looking forward to what folks do with this https://t.co/273orcivil
— jack (@jack) September 7, 2018
Live video එකක් ලබා දීමට අපහසු අවස්ථාවක මෙන්ම, video එකක් අනවශ්‍යය අවස්ථාවකදී news ඉදිරිපත් කිරීමට හෝ හිතේ තියන ඕනම දෙයක් කියන්න මේ පහසුකම භාවිතා කරන්න පුළුවන්.
සාමාන්‍යය live video එකකදී වගේම audio broadcast එකකදීත් අසන්නන් ප්‍රමාණය, replay කරන ලද අසන්නන් ප්‍රමාණය සහ සවන් දුන් කාලය වැනි තොරතුරු දැකගැනීමට ලැබෙනවා.
Sometimes you just want to talk, without being on camera. We’re launching audio-only broadcasting, so your followers can hear, but not see you.
— Twitter (@Twitter) September 7, 2018
Rolling out now for iOS. pic.twitter.com/tBsm37NcdH
ඉතින් මේ අළුත් පහසුකම භාවිතා කරමින් Twitter අකුරු 280 කින් කියාගන්න බැරි දෙයක් තියනවා නම්, ඔයාගේ කටහඬින්ම ඒ දේ කියන්න දැන් අවස්ථාව තියනවා. ඒ වගේම mini podcasts වගේ කරන්න කැමති අය ඉන්නවා නම්, මේ පහසුකම ගොඩක් වැදගත් වේවි.
iOS වලට හැරුණුකොට අනෙකුත් platform වලට මේ පහසුකම නිකුත් කරන කාළසීමවක් ගැන තවමත් දැනගන්නට ලැබෙන්නේ නැහැ. එහෙත් වැඩි දවසක් නොයවාම මේ පහසුකම සෑම platform එකකටම රැගෙන එන්න Twitter සමාගම කටයුතු කරාවි.