Twitter එකේ bug එකක් හරහා පිටස්තර developers ලා හට Direct Messages කියවීමට අවස්ථාව ලැබී ඇති පුවතක් ගැන පසුගිය ලිපියකින් ඔබව දැනුවත් කලා මතක ඇති
මීට පැය කිට පමණ පෙර iPhone එකෙන් Twitter App එක භාවිතා කරන්නන් බොහෝ පිරිසකට පැමිණි කිසිම තේරුමක් නොමැති අපිලිවෙල අංක හා අකුරු ඇතුළත් Notification කිහිපයක් ගැන විස්තර දැනගන්නට ලැබෙනවා.
එ් වගේම මේ පිළිබඳව Twitter සමාගමේ CEO එහෙමත් නැතිනම් ප්රධාන විධායක නිලධාරී වන Jack Dorsey ද සිය Twitter ගිණුමේ සඳහනක් තබමින් කියා සිටියේ ඔවුන් මේ අඩුපාඩුව දැනටමත් දුටු බවත්, මෙය පිළිසකර කිරීමට කඩිනම් පියවර ගනිමින් සිටින බවත්ය.
We’re seeing this issue too. On it. pic.twitter.com/pzjd6248gJ
— jack (@jack) October 16, 2018
මෙවැනි තේරුමක් නොමැති ආකාරයේ notification ලැබී ඇතැයි තවමත් වාර්ථා වෙන්නේ iOS භාවිතා කරන්නන් හට පමණක් වන අතර කුමක් නිසාවෙන් මෙය සිදු වූවාද යන්න ගැන තවමත් පැහැදිලි කිරීමක් වාර්ථා වන්නේ නැහැ.
These are real helpful pic.twitter.com/098UlYU0tv
— Ben Schoon (@NexusBen) October 16, 2018
කොහොම නමුත් ලොව පුරා සිටින Twitter පරිශීලකයින් විශාල ප්රමාණයක් මේ notification ලැබීම පිළිබඳව Twitter හරහා ම වාර්ථා කිරීමට මේ වන විට කටයුතු කර තිබෙනවා.
මේ වන විට මෙම bug එක පිළිසකර කිරීමට Twitter කාර්ය්යමණ්ඩලය සමත් වී තිබෙන අතර ඒ පිළිබඳව ඔවුන්ගේ නිළ Twitter ගිණුමෙහි මෙලෙස නිවේදනයක් නිකුත් කරන්නට ඔවුන් කටයුතු කර තිබෙනවා.
You know those red bubbles that appear when you get notifications? Usually, you wouldn’t see this in numbers and code, but that’s how we talk to your phone so you get those notifications. It's fixed, we're good. https://t.co/JA71hewEvS
— Twitter Support (@TwitterSupport) October 16, 2018
මේ ගැන වැඩි විස්තර දැන ගැනීම සඳහා 9to5mac වෙබ් අඩවිය හා Twitter Support නිළ Twitter ගිනුම භාවිතා කළ හැක.