Comment එකක් සමඟින් retweet කරන, එහෙමත් නැතිනම් quoted tweets counter එකක් ලෙස වෙනම පෙන්වීම හරහා ඒ වෙත පහසුවෙන් පිවිසීමේ හැකියාව ලබාදෙන පහසුකමක් පිළිබඳව මේ වන විට වාර්ථා වෙනවා.
මූලිකව Tweets quote කිරීමේ හැකියාව මීට වසර 5කට පමණ පෙර නිකුත් කළ අතර මේ option එකට සෘජුවම පිවිසීමේ හැකියාවක් මේ දක්වා ලබාදීමට Twitter ආයතනය කටයුතු කර තිබුණේ නැහැ.
Tweets about a Tweet add more to the conversation, so we’ve made them even easier to find.
— Twitter Support (@TwitterSupport) August 31, 2020
Retweets with comments are now called Quote Tweets and they've joined the Tweet detail view. Tap into a Tweet, then tap "Quote Tweets" to see them all in one place. pic.twitter.com/kMqea6AC80
දැනට පවතින Retweets සහ Likes යන options අතරමැදට එකතු වෙන මේ අලුත් Quote Tweets පහසුකම හරහා අදාල Tweet එක quote කර පළ කර ඇති සියළුම Tweets එකම ස්ථානයකදී දැකගැනීමට හැකියාව ලැබෙනවා.
Three things—
— Twitter (@Twitter) August 31, 2020
1. "Retweets with comments" is changing to "Quote Tweets"
2. Quote Tweets will appear right next to Retweets
3. The mask goes over your nose pic.twitter.com/x00YTZSAFs
විශේෂයෙන්ම විශාල followers ලා පිරිසක් සිටින Twitter ගිණුම් හිමියන් හට මෙන්ම ඔවුන්ව follow කරන්නන් හට spam comments වලින් ඔබ්බට ගොස්, ඉතාමත් පහසුවෙන් වැදගත් tweets පමණක් filter කර බලාගැනීමට මේ හරහා අවස්ථාව හිමි වෙනවා.
මේ වන විට Twitter app එකේ අලුත්ම සංස්කරණය භාවිතා කරනු ලබන සියළුම දෙනා හට මෙම පහසුකම ලබාදීමට Twitter ආයතනය කටයුතු කර ඇති බවද වැඩිදුරටත් වාර්ථා වෙනවා.
මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය, Engadget වෙබ් අඩවිය සහ 9to5google වෙබ් අඩවිය භාවිතා කළ හැක.