Twitter සේවාව භාවිතා කළ නොහැකි බව ඊයේ දිනයේ (15/10/2020) සිට මේ දක්වා ලොව විවිධ ප්‍රදේශ වල Twitter පරිශීලකයින් විසින් වාර්තා කර තිබෙනවා.

ඇතැම් පරිශීලකයින් හට Twitter timeline එක දැකගැනීමේ හැකියාව ඇති නමුත් අලුත් Tweet පණිවිඩ පළ කළ නොහැකි බවත්, තවත් පිරිසකට timeline එක ද දැකගත නොහැකි බවත් වාර්තා වෙනවා.

මේ පිළිබඳව Twitter support ගිණුම හරහා නිවේදනයක් නිකුත් කර ඇති අතර Downdetector.com වෙබ් අඩවියට අනුව මෙම ගැටළුව ඇමෙරිකාව, යුරෝපය සහ ජපානය ආශ්‍රිත රටවල් වලට වැඩි වශයෙන් බළපා ඇති බව දැකගත හැකි වෙනවා.
Twitter has been down for many of you and we’re working to get it back up and running for everyone.
— Twitter Support (@TwitterSupport) October 15, 2020
We had some trouble with our internal systems and don’t have any evidence of a security breach or hack.
කොහොම නමුත් මෙය කිසිඳු සයිබර් ප්‍රහාරයකට හෝ වෙනත් ආකාරයක දත්ත leak වීමකට හෝ සම්බන්ධ බවට කිසිඳු කරුණක් වාර්තා වී නොමැති බව, Twitter Support team එක විසින් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

Twitter API status වෙබ් අඩවියට අනුව සියළුම සේවාවන් සාමාන්‍යය පරිදි ක්‍රියාත්මක වන බව දැකගත හැකි වන නමුත්, එහි නිවේදනයක් පමණක් හරහා මේ වන විට ගැටළුවක් ඇතිව තිබෙන බවත්, ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු ඉදිරියේදී ලබාදෙනු ලබන බවත් සඳහන් කර තිබෙනවා.
මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය, Forbes වේ අඩවිය සහ නිළ Twitter API Status වෙබ් අඩවිය භාවිතා කළ හැක.