ඩොනල්ඩ් ට්රම්ප් ජනාධිපතිවරයාගේ Facebook, Instagram සහ Twitter social media accounts තාවකාලිකව අත්හිටුවීමට එම සමාගම් කටයුතු කර ඇති බව මේ වන විට වාර්තා වෙනවා.
මේ අනුව Facebook සහ Instagram ආයතන විසින් පැය 24ක කාලයකටත්, Twitter ආයතනය විසින් පැය 12ක කාලයකටත් මෙම ගිණුම් block කිරීමට කටයුතු කර ඇති අතර මීට හේතුව වශයෙන් ඔවුන් පෙන්වා දෙන්නේ මෙම ගිණුම් හරහා තම සේවාවන් වලට අදාල policy වල violations සිදු වී ඇති බවයි.
මැරවරයින් පිරිසක් විසින් US Capitol Building එක (ඇමෙරිකානු congress සභාව රැස් වෙන ස්ථානය) ඉලක්ක කරගෙන පහරදීමට සූදානම් වන වීඩියෝවක් ඩොනල්ඩ් ට්රම්ප් විසින් තම සමාජ ජාලා ගිණුම් හරහා පළ කිරීමට කටයුතු කිරීමත් සමඟ මෙම තත්ත්වය උදාවී තිබෙනවා.
Future violations of the Twitter Rules, including our Civic Integrity or Violent Threats policies, will result in permanent suspension of the @realDonaldTrump account.
— Twitter Safety (@TwitterSafety) January 7, 2021
මේ පිළිබඳව වාර්තා කරමින් Twitter ආයතනය ප්රකාශ කර සිටින්නේ මොහුගේ Twitter ගිණුම හරහා Twitter ප්රජා අඛණ්ඩතාව පිළිබඳ ප්රතිපත්තිය උල්ලංඝනය වී ඇති බවත්, මීට අදාල tweets 3ක් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට කටයුතු කරන තුරු ගිණුම තාවකාලිකව block කර ඇති බවත්, මෙම තත්ත්වය දිගින් දිගටම ඇති වුවහොත් එම Twitter ගිණුම සම්පූර්ණයෙන්ම ban කර දැමීමට කටයුතු කරනු ලබන බවත් ය.
We've assessed two policy violations against President Trump's Page which will result in a 24-hour feature block, meaning he will lose the ability to post on the platform during that time.
— Facebook Newsroom (@fbnewsroom) January 7, 2021
Facebook සහ Instagram ආයතන වලින් ද තම platform වලින් මෙම සිද්ධියට අදාල posts ඉවත් කිරීමට කටයුතු කර ඇති අතර, ඒ සඳහා ලැබෙන දඬුවමක් ලෙස පැය 24ක කාලයකට එම ගිණුම් හරහා අලුත් posts දැමීමේ හැකියාව අවහිර කර දැමීමට කටයුතු කර තිබෙනවා.
මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ BBC වෙබ් අඩවිය භාවිතා කළ හැක.