Twitter Stories පළ කිරීමේ හැකියාව ලබාදෙන 'Fleets' පහසුකම ඉන්දියාව සඳහා ද ලබාදීමට කටයුතු කරයි
මෙම වසර මුලදී Twitter සමාගම විසින් Fleets නමින් හැඳින්වෙන, Snapchat මගින් inspire වූ stories පහසුකමක් අත්හදා බැලීමට ආරම්භ කරන ලද අතර පසුගිය මාසයේ මෙම පහසුකම ඉතාලියේ පරිශීලකයින්ට ද ලබාදීමට ද Twitter සමාගම කටයුතු කල බව අපි ඔබව මින් පෙර ලිපියක් මගින් දැනුවත් කිරීමට කටයුතු කරනු ලැබුවා.
දැන් මෙම පහසුකම ඉන්දියාව සඳහාත් ලබාදීම හරහා අත්හදාබැලීම් කටයුතු ආරම්භ කිරීමට කටයුතු කරන බව TechCrunch වෙබ් අඩවිය වාර්තා කරනු ලබනවා.
Testing, testing…
— Twitter India (@TwitterIndia) June 9, 2020
We’re testing a way for you to think out loud without the Likes, Retweets, or replies, called Fleets! Best part? They disappear after 24 hours. pic.twitter.com/r14VWUoF6p
Twitter India හි කළමණාකාර අධ්‍යක්ෂ Manish Maheshwari විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ, Twitter සඳහා ඉන්දියාව වැදගත් වන්නේ එය ගෝලීය වශයෙන් Twitter හි විශාලතම හා වේගයෙන් වර්ධනය වන පරිශීලකයන් පිරිසක් සිටින රටක් නිසා බවයි.
මෙම නව අංගය අත්විඳින ලොව පළමු රටවල් තුනෙන් එකක් බවට ඉන්දියාව පත් වීම පිළිබඳව තමන් ඉතා සතුටට පත්වන බවත් මේ නව සංවාද ක්‍රමයක් එක් කිරීම හරහා ඉන්දියානුවන් Twitter භාවිතා කරනු ලබන ආකාරය වෙනස් වන්නේ කෙසේදැයි යන්න ඔවුන් විසින් අධ්‍යනය කරන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරනු ලබනවා.
Namaste! Starting today, Fleets are coming to India. If you’re in India, check it out and let us know what you think! #FleetsFeedback 🇮🇳 pic.twitter.com/U6QiHynm1U
— Kayvon Beykpour (@kayvz) June 9, 2020
මේ Fleets ප්‍රධාන timeline එකට ඉහළින් පෙන්වන අතර පැය 24 කට පසු අතුරුදහන් වෙනවා.
සාමාන්‍ය Tweet එකක් මෙන් නොව, fleets retweet කිරීමට හෝ third-party website එකකට embedded කිරීමට නොහැකි වන අතර Emoji මගින් fleets සදහ ප්‍රතිචාර දැක්වීමට සහ direct messages මගින් පිළිතුරු යැවීමට හැකි වුවද, like කිරීමට හැකියාවක් නොමැත.
Twitter සමාගම පවසන්නේ මෙම විශේෂාංගය අදියර කිහිපයකින් එළිදක්වන අතර ඉදිරි දිනවලදී ඉන්දියාවේ සියලුම Twitter පරිශීලකයින් සඳහා මෙම අංගය ලබා ගත හැකි වනු ඇති බවයි.
මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Android Central වෙබ් අඩවිය සහ Tech Crunch වෙබ් අඩවිය භාවිතා කර හැක.