Twitter Blue මගින් ව්‍යාපාර සඳහා Square ආකාරයේ Profile Picture දැමීම සහ ගිණුම් සම්බන්ධ කිරීමේ පහසුකම් ලබා දෙයි
Twitter සමාගම විසින් ඉකුත් සඳුදා (19) සිට Business සඳහා Twitter Blue Subscription එකක් එළිදැක්වීමට පටන් ගත් අතර, එය එහි නමට අනුව ව්‍යාපාර සඳහා අමතර වරප්‍රසාද හිමිවන අතර එය Twitter Blue දායකත්ව සේවාවේ අනුවාදයකි.
මෙම විශේෂාංගය විස්තර කර ඇත්තේ "ව්‍යාපාර සහ ඒවායේ අනුබද්ධ ආයතන සඳහා Twitter මත verify කිරීමට සහ වෙන්කර හඳුනා ගැනීමට නව ක්‍රමයක්" ලෙසිනි. රවුම් එකක් වෙනුවට හතරැස් ආකාරයේ profile pictures භාවිතා කිරීම ද මෙයට ඇතුළත් වනු ඇත.
Twitter Blue වෙත ගෙවන ව්‍යාපාර වලට gold checkmark සලකුණක් ලැබෙනු ඇති අතර ඔවුන්ගේ ඕනෑම සේවක සංඛ්‍යාවක් මෙන්ම අනෙකුත් ව්‍යාපාර සහ වෙළඳ නාම ද ඔවුන්ගේ ගිණුමට සම්බන්ධ කළ හැක. අදාල ව්‍යාපාරයේ සේවකයින්ට ඔවුන්ගේ සමාගමේ profile picture එක කුඩා ලාංඡනයක් ඔවුන්ගේ checkmark සලකුණට යාබදව පෙන්වනු ඇත.
Today, we’re rolling out Twitter Blue for Business, a new program that lets businesses distinguish their brands and key employees on Twitter. These accounts will show a square company badge next to their display names. pic.twitter.com/d6sNPqFNnY
— Twitter Business (@TwitterBusiness) December 19, 2022
Twitter Blue for Business හි මිල ව්‍යුහය තවමත් ප්‍රකාශ කර නොමැති අතර, මෙම ව්‍යාපෘතිය දැනට “සීමිත ව්‍යාපාර සංඛ්‍යාවක්” සමඟින් නියමු ලෙස ක්‍රියාත්මක වෙමින් පවතී Twitter වැඩසටහන ලබන වසරේ පුළුල් කිරීමට සැලසුම් කර ඇත.
මේ අතර, Twitter හි ප්‍රධාන විධායක නිලධාරී (CEO) ධුරයෙන් ඉවත් විය යුතු දැයි විමසූ මත විමසුමකදී පරිශීලකයින්ගෙන් 57.5% ක් “ඔව්” යනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසුව Elon Musk වැඩි කාලයක් සමාජ මාධ්‍ය වෙබ් අඩවියේ ප්‍රධානියා වී සිටිය නොහැකි බව පෙනේ. කෙසේ වෙතත්, ඡන්ද විමසීම අවසන් වීමෙන් පසු ඔහුගේ පළමු අදහස් දැක්වීමේදී Musk පැවසුවේ Twitter Blue ග්‍රාහකයින්ට ගෙවීම් කිරීමෙන් පමණක් අනාගත ප්‍රතිපත්ති සම්බන්ධ ඡන්ද විමසීම් (Polls) වලදී ඡන්දය ප්‍රකාශ කළ කිරීමේ හැකියාව ලබාදෙන බවයි.
Good point. Twitter will make that change.
— Elon Musk (@elonmusk) December 19, 2022
මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Twitter for Business වෙබ් අඩවිය සහ PCMag වෙබ් අඩවිය භාවිතා කළ හැක.