OnePlus සමාගම විසින් true wireless (TWS) earbuds යුගලයක් හඳුන්වාදීමට සූදානම් වන බව අපි ඔබව මීට පෙර ලිපියකින් දැනුවත් කළා මතක ඇති.

Apple AirPods වලට සමාන පෙනුමකින් යුතු truly wireless earbuds යුගලයක් මීළඟ ජූලි මස එළිදැක්වීමට OnePlus සමාගම සූදානම් වන ලකුණු
Truly wireless earbuds (සම්පූර්ණයෙන්ම රැහැන් රහිත earbuds) මෙම වසර කිහිපය තුළඉතාමත් ප්‍රසිද්ධ අංගයක් වූ අතර Apple සමාගමෙන් පසුව Google, Samsung, Microsoft සහAmazon සමාගමත් තමන්ගේම earbuds එළිදැක්වීමට කටයුතු කරනු ලැබුවා. Google Pixel Buds 2 නිළ වශයෙන් වෙළඳපොලට නිකුත් කිරීමට Google සමාගම කටයුතු කරය…

මේ වන විට OnePlus සමාගම විසින් නිකුත් කරනු ලබන පළමු true wireless earbuds යුගලය එළිදැක්වීම ජූලි මස 21 වන දින පැවැත්වීමට නියමිත OnePlus Nord smartphone එක එළිදැක්වීමේ event එකට සමගාමීව සිදු කිරීමට නියමිතව ඇති බව වාර්ථා වෙනවා.

කෙසේ වෙතත් වාර්ථා වන පරිදී මෙම earbuds යුගලය, OnePlus Buds ලෙස හඳුන්වනු ඇති අතර මෙම නම සනාථ කිරීම හැරුණු විට earbuds පිළිබඳව වැඩිදුර තොරතුරු OnePlus සමාගම විසින් තවමත් හෙළිකර නැත.

OnePlus Nord ජංගම දුරකථනය ජූලි මස 21 වැනි දින AR Event එකක් හරහා නිල වශයෙන් එළිදැක්වීමට සූදානම් වෙයි
OnePlus සමාගම විසින් එළිදැක්වීමට නියමිත OnePlus Nord ජංගම දුරකථනය පිළිබඳවතොරතුරු රාශියක්ම පසුගිය සති කිහිපය පුරාවට අන්තර්ජාලය තුළ දැක ගැනීමට හැකි වූ අතරමීට දින කිහිපයකට පෙර OnePlus සමාගම විසින් OnePlus Nord ජංගම දුරකථනය pre-orderකිරීමට පවා අවස්ථාව ලබා දුන් බව අප ඔබව දැනුවත් කළා ඔබට මතක ඇති. අලුත…

මේ අනුව OnePlus Nord ජංගම දුරකථනය සහ OnePlus Buds යුගලය ජූලි මස 21 වැන දින ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7:30ට AR livestream event එක හරහා දැක ගැනීමට හැකියාව ලැබෙනු ඇති අතර එම AR අත්දැකීම විඳගැනීම සඳහා ඔබ OnePlus Nord AR application එක download කරගත යුතු වෙනවා.

OnePlus Nord AR - Apps on Google Play
The OnePlus Nord AR App is your gateway to the first smartphone launch of its kind. Download it now so you’re ready for the experience on July 21.
මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Android Police වෙබ් අඩවිය, The Verge වෙබ් අඩවිය සහ XDA Developers වෙබ් අඩවිය භාවිතා කළ හැක.