වාහන වල හානි වී ඇති කොටස් ගැන තොරතුරු වගේම දැනට තිබෙන තත්ත්වයෙන් තව කොපමණ වාර ගණනක්, එහෙමත් නැතිනම් කොපමණ කාලයක් බාවිතා කර හැකිද යන වග පරිගණකය හරහා පෙන්වන දැනුම් දීම අපි නිතරම වගේ movies වල දකින දෙයක්. නමුත් එදිනෙදා ජීවිතයේදී තාමත් මේක අපිට දැකගන්න පුළුවන් වෙන්නේ නැහැ.

නමුත් ඔන්න දැන් ඇමෙරිකානු හමුදාව විසින් ඔවුන්ගේ යුධ වාහන වල තත්ත්වය මැනගැනීමට මෙන්ම අළුත්වැඩියා කටයුතු සඳහා යොමු කළ යුතු කාලය නිර්ණය කිරීම වැනි දේවල් වලට machine learning භාවිතා කරන්නට යොමු වෙලා තියනවා.

US-Army-is-using-machine-learning-for-tanks-techie

මේ Machine learning software එක නිර්මාණය කරලා තියෙන්නේ චිකාගෝ වල පිහිටි Uptake Technologies කියන සමාගම විසින් වන අතර මේ හරහා වාහන අළුත්වැඩියා කළ යුතු කාලය වගේම වෙනත් ප්‍රශ්ණයක් ඇති වියහැකි දුර්වලතා ගැන යාන්ත්‍ර ශිල්පියන්ව දැනුවත් කිරීමට කටයුතු කරනවා.

US-Army-is-using-machine-learning-m2a3bradleyint-techie

මේ වන විටත් පාබල හමුදාව ප්‍රවාහනය සඳහා යොදාගන්නා Bradley M2A3s වර්ගයේ vehicles වලට මෙම සේවාව ක්‍රියාත්මක වෙනවා. මේ හරහා වාහනයේ එන්ජිම තුල උෂ්ණත්වය, RPM අගය, coolant වල තත්ත්වය වැනි තොරතුරු පවා මේ ආකාරයට එකතු කර machine learning සඳහා යොමු කරනවා.

US-Army-is-using-machine-learning-m2a3bradley-techie

ඉන්පසු ඒ හා සමාන වාහන වල ඇති වෙන ගැටළු වල රටාවන් හඳුනාගෙන අදාල අවස්ථාවට ප්‍රථමව වාර්ථා කිරීමට මේ මගින් කටයුතු කරනවා. උදාහරණයක් ලෙස දැනට පවතින තත්ත්වයේ සිට සතියක් හෝ දෙකක් ඇතුලත ගියර් වල ඇති වීමට නියමිත ප්‍රශ්ණයක් වුවද හඳුනාගැනීමට මෙම පද්ධතියට හැකියාව තිබෙනවා.

එමෙන්ම දැනට පවතින මෙම පරීක්ෂණය සාර්ථක වුවහොත් ඉදිරියේදී සියළුම වර්ගයේ යුධ වාහන සඳහා මෙය ක්‍රියාත්මක කිරීමට බළාපොරොත්තු වන බවද වැඩිදුරටත් ඇමෙරිකානු හමුදාවේ Bradley vehicle නිෂ්පාදන අංශයේ නිෂ්පාදන කළමණාකරු වන Lt. Col. Chris Conley මහතා ප්‍රකාශ කර සිටිනවා.

මෙම Uptake සමාගම මේ වන විටත් Caterpillar, Boeing සහ Progress Rail වැනි ලෝකප්‍රසිද්ධ ආයතන කිහිපයකටම මෙයට සමාන සේවා සාර්ථකව ලබා දීමට කටයුතු කරනවා. මීට අමතරව සුලං මගින් විදුලිය නිපදවන ටර්බයින වල ඇති වන දෝෂ හඳුනාගැනීම සඳහා Berkshire Hathaway Energy ආයතනයට ද මෙයට සමාන සේවාවක් සපයනු ලබනවා.