පසුගිය දින වල ලොවම මවිත කරමින් නිකුත් කළ Oppo Find X ජංගම දුරකථනය ගැන බොහෝ දෙනෙකුට මතක අැති.
ඔන්න ඒ phone එකේම 10GB RAM එකක් සහිත මාදිලියක් චීනයේදී දැකගන්නට ලැබී තිබෙන බව දැනගන්නට ලැබෙනවා.
චීනය තුල ජංගම දුරකථනයක් නිකුත් කිරීමට පෙර TENAA එක විසින් අනුමත කළ යුතු වන අතර 10GB RAM එකකින් සහ 256GB internal storage එකක් සහිත Oppo Find X ජංගම දුරකථනයක් මෙලෙස අනුමැතිය ලබා ගැනීම සඳහා ඔවුන් වෙත ඉදිරිපත් කර ඇති බවත් මෙලෙස දැනගන්නට ලැබී තිබෙනවා.
OPPO Find X adds a 10GB RAM version, which will be the world's first 10GB RAM Smartphone. pic.twitter.com/ULdntw6X95
— Ice universe (@UniverseIce) September 27, 2018
GizmoChina වෙබ් අඩවිය මගින් මේ පිළිබඳව මුලින්ම වාර්ථා කර ඇති අතර මේ ප්රවෘතිය නිවැරදි නම් මෙය මේ තරම් ප්රමාණයක RAM එකක් තිබෙන ලොව ප්රථම ජංගම දුරකථනය බවට පත් වෙනවා.
මේ පිළිබඳ වැඩිදුර විස්තර දැනගැනීමට gizmochina වෙබ් අඩවිය සහ theverge වෙබ් අඩවිය භාවිතා කළ හැක.