Tesla සමාගම විසින් ඔවුන්ගේ අලුත්ම මෝටර් රථය වන Teslta cybertruck එක එළිදැක්වීමට පසුගියදා කටයුතු කරනු ලැබූ අතර එය ලොව පුරා බොහෝ දෙනාගේ අවධානයට යොමු වූයේ අදාල එළිදැක්වීම අතරතුර සිදු වූ වීදුරු බිඳීයාමක් නිසාවෙනි.
කොහොම වුණත් මේ වන විට රටවල් ගණනාවක් පුරාවට 200,000කට අධික පිරිසක් විසින් මේ Cybertruck එක preorder, එහෙමත් නැතිනම් පූර්ව ඇනවුම් කිරීමට කටයුතු කර තිබෙන බව Tesla සමාගමේ ප්රධානියා වන Elon Musk විසින් ප්රකාශ කර තිබෙනවා.
146k Cybertruck orders so far, with 42% choosing dual, 41% tri & 17% single motor
— Elon Musk (@elonmusk) November 23, 2019
200k
— Elon Musk (@elonmusk) November 25, 2019
කිසිඳු ආකාරයේ මුදල් ගෙවීමක් සිදු කර වෙළඳ දැන්වීම් පළ කිරීමක් නොකර 2021 වර්ෂයේදී නිෂ්පාදනය ආරම්භ කිරීමට නියමිත මෝටර් රථයක් වෙනුවෙන් මේ තරම් ඇනවුම් ප්රමාණයක් ලැබීම Tesla සමාගම ලද ජයග්රහණයක් ලෙස සැලකිය හැකි අතර මේ සෑම preorder එකක් සඳහාම ඇමෙරිකානු ඩොළර් 100ක මුදලක් Tesla සමාගමට ගෙවිය යුතු වෙනවා.

මෙහි තනි මෝටරයක් සහිත, 250 miles, එහෙමත් නැතිනම් වරක් charge කළ විට ආසන්න වශයෙන් 400km පමණ දුරක් ගමන් කළ හැකි මාදිලිය ඩොලර් 39,900ක මුදලකටත්, මෝටර ද්විත්වයක් සහිත all-wheel drive, 300 miles (ආසන්න වශයෙන් 480km) ගමන් කළ හැකි මාදිලිය ඩොළර් 49,900ක මුදලකටත්, මෝටර් ත්රිත්වයක් සහිත 500 miles (ආසන්න වශයෙන් 800km) ගමන් කළ හැකි මාදිලිය ඩොලර් 69,900ක මුදලකටත් ඇනවුම් කිරීමේ හැකියාව තිබෙනවා.
මේ අතරින් තනි මෝටරයක් සහ ද්විත්ව මෝටර සහිත මාදිලි නිෂ්පාදනය කිරීම ආරම්භ කිරීමට සූදානමින් සිටින්නේ 2021 වර්ෂයේ අවසන් භාගයෙහි වන අතර මෝටර ත්රිත්වයක් සහිත මාදිලිය 2022 වර්ෂයේදී නිෂ්පාදනය කිරීම ආරම්භ කිරීමට Tesla සමාගම සැලසුම් කර තිබෙනවා.
මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා නිළ Tesla වෙබ් අඩවිය, The Verge වෙබ් අඩවිය සහ CNBC වෙබ් අඩවිය භාවිතා කළ හැක.