ශ්‍රී ලංකාවේ සිටින බොහෝ YouTube නිර්මාණකරුවන්ට තවමත් YouTube සමාගම විසින් යොදා ඇති ප්‍රධාන රීතියක් වන Copyright ගැන නිවරදී අවබෝධයක් නොමැති බව සමාජ මාධ්‍යන්හි දිගින් දිගටම පළවන අදහස් මඟින් මට පෙනී ගියපු නිසා, සරලව මෙම ලිපිය මඟින් මොකක්ද මේ YouTube Copyright කියලා දැනුවත් කරන්න සිතුවා.

YouTube නිර්මාණකරුවන් YouTube වෙත upload කළ යුත්තේ තමන් විසින් සාදන ලද හෝ භාවිත කිරීමට අවසර දී ඇති video පමණක් වේ. එයින් අදහස් වන්නේ අවශ්‍ය අවසරයකින් තොරව සංගීත, copyrighted වැඩසටහන්වල කොටස්, හෝ වෙනත් පරිශීලකයින් විසින් සාදන ලද video වැනි වෙනත් අයෙකුට ප්‍රකාශන හිමිකම් අයිතිය ඇති, ඔවුන්ගේ video වල අන්තර්ගතයන් ඔබ විසින් භාවිතා නොකළ යුතු බවයි.

මොකද්ද මේ සාධාරණ භාවිතය එහෙමත් නැත්නම් Fair Use කියන්නේ?

සාධාරණ භාවිතය යනු Copyright owner ගේ අවසරය ලබා නොගෙන යම් යම් තත්වයන් යටතේ copyright-protected content නැවත භාවිතා කිරීමට ඉඩ සලසන එක්සත් ජනපදයේ නීතියකි.

ඒ වගේම YouTube ආයතන විසින් YouTube Audio Library එක හරහා ඉතාමත් හොද තත්වයේ music සහ sound effects නොමිලේම භාවිතා කිරීමටද අවස්ථාව ලබාදී තිබෙන අතර මෙම music සහ sound effects භාවිතයෙන් ඔබගේ නාලිකාවට copyright සම්බන්ධ ගැටලුවක් ඇති වන්නේද නැත.

Fair use on YouTube - YouTube Help
Fair use is a legal doctrine that says you can reuse copyright-protected material under certain circumstances without getting permission from the copyright owner.Fair use guidelinesDifferent count
Fair Use පිළිබඳ වැඩි විස්තර නිළ YouTube වෙබ් අඩවිය ඔස්සේ

සෑමකෙනෙකුටම Copyright Management Tools වලට access ඇති අතර ඔබට අයත් යම් කිසි content එකක් වෙනත් කවුරුන් හො YouTube වෙත අනවසරයෙන් upload කර ඇත්නම් එය ඉවත් කරන මෙන් ඔබට YouTube ආයතනයට ඉල්ලීමක් යැවිමට හැකියාව ලැබෙනු ඇත.

එසේ ඔබ විසින් ඉල්ලීම යැවූ පසු YouTube හි නියෝජිතයන් ඔබ විසින් ඉදිරිපත් කර ඇති තොරතුරු පරීක්ෂා කර බලා කිසිඳු ගැටලුවක් නොමැතිනම් ඔබගේ ඉල්ලීම ක්‍රියාත්මක කරනු ලබනවා.

අනවසර Copyright content ඉවත් කිරීමට ඇති බොහොමයක් පරීශිලකයකන් සඳහා පහසුම ක්‍රමය වන්නේ YouTube ආයතනය විසින් ලබා දී ඇති DMCA (Digital Millennium Copyright Act) webform එක භාවිතයෙන් ඔබගේ ඉල්ලිම YouTube කණ්ඩායම වෙත යොමු කිරීම වන අතර මෙම web form එකට සෑම කෙනෙකුටම භාවිතා කර හැකි මෙන්ම සියළුම භාෂාවලින් ඇති බව YouTube ආයතය විසින් සඳහන් කර තිබෙනවා.

Content ID

Content ID යනු වඩාත් සංකීර්ණ Copyright Management සහ Matching Tool එකක් වන අතර මෙය YouTube හි digital fingerprinting system එක වනු ලබනවා. කෙසේ වෙතත් YouTube සමාගම විසින් මෙම Tools භාවිතයට සෑම පරීශිලකයෙකුටම අවසර නොදෙන අතර ඔවුන් විසින් තොරාගත් පරිශිලකයන් සඳහා පමණක් මේ හරහා තමන්ගේ content වෙනත් අය විසින් YouTube හි පළකරහොත් ඒවා auto ම Block, Monetize , Permit කිරීම වැනි දෑ copyright owner ගේ කැමැත්ත අනුව සිඳුකිරීමට හැකියාව ලබා දී තිබෙනවා.

ඔබ භාවිතා කර ඇති Content එක අදාල හිමිකරු විසින් DMCA Web form එක සම්පුර්ණ කර YouTube ආයතනය විසින් ඔබ දමා ඇති video ව ඉවත් කරන්න යැයී පැමිණිල්ලක් යොමු කර ඇත්නම් YouTube ආයතනය විසින් එය පරීක්ෂා කර බලා ඔබට copyright strike ලබා දෙනවා සේම එම video ව YouTube මඟින් ඉවත් කරුණු ලබනවා.

යම් කිසි පරීශිලෙකු හට දින 90ක් තුල copyright strike 3ක් ලැබුණු වහාම ඔබගේ නාලීකාව කුමක් උවත් YouTube ආයතනය විසින් ඔබගේ නාලිකාව තව දුරටත් භාවිතයට ගැනීමට නොහැකි වන ලෙස terminate කරනු ලබනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ YouTube වෙබ් අඩවිය භාවිතා කළ හැක.