Android දුරකතන කියල කියපු ගමන් මතකයට එන පළමු brand එක වෙන්නෙ Samsung කියන එක නොරහසක්. ඒකට හේතුව වෙන්නෙ දැවැන්ත Apple සමාගමත් එක්ක තරගයට ඉන්න පළමු සමාගම වගේම ලෝකේ විශාලතම ජංගම දුරකතන නිශ්පාදකයා වෙන්නෙත් මේ කියන Samsung සමාගමම වීමයි.

මීට වසර කිහිපයක කලින් නිකුත් වුණ Samsung flagship දුරකතන කියල කියන්නෙ නවෝත්පාදන රැසකට මඟ විවර කරපු මාදිලි බව ඔබට අමතක නැතිව ඇති.

නමුත් මෑත කාලීනව ඒ ඇතැම් සොයාගැනීම වැඩිදියුණු කර ඉදිරිපත් කරනවා වෙනුවට ඒවා අමතක කර නව දුරකතන නිකුත් කරන්න පෙළඹීම Samsung සමාගමේ මූලික ලක්ෂණයක් වුණා. ඉතිං එහෙම අමතක කරල දාපු සුපිරි features කිහියපක් ගැන ඔබේ මතකය අවදි කරන්නයි මේ සූදානම.

SpO2 Sensor එක

Samsung දුරකතන වලට ආපු සුපිරිම feature එකක් විදිහට මේ SpO2 Sensor එක හඳුන්වන්න පුලුවන්.

මේ sensor එක මඟින් ඔබේ රැධිරයේ ඇති Oxygen ප්‍රතිශතය Samsung Health App එක මඟින් දුරකතනය ඔස්සේම බලන්න පුළුවන් වුණා වගේම මෙමඟින් ලබා දුන් දත්තයන් Pulse Oximeter එක මඟින් ලබා දුන් දත්ත වලට ඉතාම සමාන වුණා.

Samsung Galaxy Note 4 දුරකතනය එක්ක මුලින්ම ආපු මේ SpO2 Sensor එක ඊට පස්සෙ නිකුත් වුණ Galaxy S6, S6 Edge,S6 Edge+/Galaxy S7, S8, S8+/Galaxy S9, S9+/Galaxy S10, S10+ කියන S series දුරකතන වලටත් Galaxy Note 5, 7, 8 සහ Note 9 වලටත් ආවා.

නමුත් S20, S21, S22 කියන දුරකතන වලට වගේම Note 10 හා Note 20 වලටත් මේ sensor එක ඇතුලත් වුණේ නෑ.

නමුත් ඔබ දන්නවා අප මේ පසුකරමින් ඉන්න වසංගත කාලයේ හැටියට Samsung සමාගම තමන්ගේ අලුත් flagship දුරකතන වලටත් මේ sensor එක තවදුරටත් වැඩිදියුණු කරල ලබා දෙනවනම් ඒක කොච්චර වටිනවද කියන එක.

ඉතිං මේ sensor එක අතහැර දමන්නට හේතුව Samsung සමාගම නිශ්චිතව සඳහන් කරල නම් නැහැ. ඒ නිසා ඔබට මෙම පහසුකම Samsung ජංගම දුරකථනයක් හරහා අත්විඳින්න කැමති නම් ඉහත සඳහන් කරපු දුරකතනයක් ගන්නම වෙනවා.

Iris Scanner එක

ඔබේ ඇසේ තාරා මණ්ඩලය Scan කරල ඔබේ දුරකතය Unlock කරන තාක්ෂණයකුත් දුරකතන වලට පැමිණි බව ඔබ දැන සිටියාද?

මුලින්ම මේ අත්දැකීම දුරකතන පරිශීලකයෙකුට ලැබුනේ ජපානයේ Fujtsu සමාගම නිකුත් කල දුරකතනයකින් වුණත්, මෙය ලොව පුරා කතාබහට ලක් වුණේ S8, S8+ කියන Samsung දුරකතන වලිනුයි.

ඒ වගේම පස්සේ Galaxy S9, S9+ / Note 8, Note 9 කියන දුරකතන වලටත් මේ Scanner එක ආවා.

නමුත් මෙම Scanner එක සමඟ ආපු තාක්ශණය එතරම්ම වැඩිදියුණු වුණ එකක් නොවුන අතර මේ නිසාම මෙම Scanner එකෙන් දුරකතනය Unlock කරන එක ටිකක් විතර අමාරු දෙයක් වුණා.

ඒ වගේම Fingerprint හෝ face unlock භාවිත කරනවා තරම් මෙම Iris Scanner එක භාවිතා කිරීම ප්‍රායෝගික නොවුන අතර මේ නිසාම මෙම Scanner එක වැඩිදියුණු කරනවා වෙනුවට එය අතහැර දමන්නට Samsung සමාගම කටයුතු කළා.

Heart Rate Sensor එක

හෘද ස්පන්දනය මනින්න දැන් නම් අඩු මිල Smart watch එහෙකටත් හැකියාව තියෙනවා.

නමුත් ඉතාම හොඳ මට්ටමේ, නිරවද්‍යතාවයෙන් වැඩි දත්ත ඒවා මඟින් ලබා දෙනවද යන්න ගැටළුවක් වුණත්, මීට කලකට පෙර නිකුත් උන Samsung Note 4 දුරකතනය මෙන්ම පසුව නිකුත් වුණ Galaxy S6, S6 Edge,S6 Edge+/Galaxy S7, S8, S8+/Galaxy S9, S9+/Galaxy S10, S10+ මාදිලි වල වගේම Galaxy Note 5, 7, 8 සහ Note 9 වලටත් ආපු Heart Rate Sensor එක ඉතාම හොඳ මට්ටමේ එකක් වුණ බව අන්තර්ජාලයේ ඇති reviews පිරික්සා බැලීමේදි හමුවන කරුණක්.

කොහොම උනත් SpO2 sensor එක වගේම මේ Heart Rate Sensor එකත් කිසිම හේතුවක් නැතිව පසුව ඉවත් කරන්නට Samsung සමාගම කටයුතු කලා.

සමහරවිට ඔවුන්ගේ Smart watch වලට අමතර වටිනාකමක් එකතු කරන්නට ඔවුන් මෙම තීරණය ගත් බව උපකල්පනය කරන්න පුළුවන් වුණත්, දුරකතනය ඔස්සෙ තමන්ගේ හෘද ස්පන්දනය මනින්න හුරු වුණු පරිශීලකයින්ට නම් මෙය හොඳ පුවතක් වුණේ නැහැ.

1,440p Resolution එකක් සහිත QHD Curved තිරය

සාමාන්‍යෙන් පොදු පිළිගැනීම තමයි Mobile Phone වලට එන හොඳම Display තියෙන්නෙ Samsung දුරකතන වලට කියන එක.

මේක ඇතැම් තැන් වලදි වෙනස් උනත් බොහෝ දුරට සත්‍යක්. Samsung කියල කියන්නෙ ලෝකේ ඉහලම Display Technology එකක් තියෙන සමාගමක් නිසා ඔවුන්ගේ දුරකතන වලට එන Display Technology එක ඉතාම ඉහළයි.

සාමාන්‍යෙන් තිර විභේදනය නැතිනම් resolution කියන එක බොහෝ දෙනෙක් දුරකථනයක් මිලදී ගනිද්දි සැළකුවෙ නැති වුණත්, ඇතැම් අය නම් ඒ ගැන උනන්දුයි.

ඔබට මතක ඇති Samsung සමාගමේ S series හා Note series දෙකටම ඉතා ඉහළ Pixel density එකක් හා resolution එකක් සහිත Display තිබුණ බව.

විශේෂයෙන්ම S7, S8, S9, S10, S20 හා Note 10 වෙනකම් ආපු දුරකථනය වල හැම model එකකටම 1,440p resolution එකක් හා ඉහළ pixel density එකක් සහිත Curved තිරයක් ලබා දෙන්නට Samsung සමාගම කටයුතු කලා.

මෙම මාදිලි වලදී Display එකේ Quality එකෙහි වෙනසක් නොකර, Size එක පමණක් වෙනස් කරමින් මූලික version එක හා Plus හෝ Ultra version එක වෙන් කරන්නට Samsung සමාගම කටයුතු කලා.

නමුත් ඔවුන් විසින් 2020 සිට තමන්ගේ flagship දුරකථන නිකුත් කරන structure එක වෙනස් කිරීමත් එක්ක මේ සුපිරි තිරය සහිත දුරකථනයක් ලබා ගන්නට නම් ඔබ අනිවාර්යයෙන්ම වැඩි මුදලක් ගෙවා Ultra version එක ලබා ගත යුතුයි.

මූලික Version වෙන Note 20, S21, S21 Plus, S22 හෝ S22 Plus මිලදී ගන්නවනම් ඔබට ලැබෙන්නේ සාමාන්‍ය 1080p resolution එකක් සහිත Flat screen එකක් සහිත දුරකථනයක්.

මේ Dispaly එක ගෙවන මුදලට ඇත්තටම වටිනවද කියන තර්කය නිසාම, අලුතෙන්ම නිකුත් උන S22 හා S22 Plus දුරකථන වල ඇති flat screen එක, S21 එකට වඩා තරමක් වැඩිදියුණු කරන්නටත් Samsung සමාගම කටයුතු කරල තිබුණා.

Micro SD Card Slot එක

දුරකතනයකට Micro SD card එකක් තිබෙන එක වාසිදායක වෙන්නෙ අපිට අඩු storage එකක් සහිත දුරකතනයක් සාපේක්ශව අඩු මිලකට මිලදී අරගෙන Micro SD card එකක් මඟින් storage එක වැඩි කරගැනීමට හැකියාව තිබීමයි.

ඉතිං චීන දුරකතන නිශ්පාදකයින් ඇතුළු බොහෝ නිශ්පාදකයින් මෙම වාසිය පාරිභෝගිකයින්ට ලබා දුන්නත් ඔබට Samsung flagship දුරකතන වලින් නම් මෙම වාසිය තවදුරටත් බලාපොරොත්තු වෙන බෑ.

ඒකට හේතුව වෙන්නෙ 2021 දී නිකුත් උන Galaxy S21 series එකට වගේම 2022 දී නිකුත් උන Galaxy S22 series එකටත් මේ පහසුකම ඇතුළත් නොකිරීමට Samsung සමාගම කටයුතු කරල තිබුනා.

ඒ වගේම Galaxy Z flip 3 හා Z fold 3 කියන folding series දෙකෙනුත් මෙම පහසුකම ඉවත් කර තිබුනා.

මේ නිසා අඩු මිලකට නිකුත් වෙන 128GB storage එක සහිත දුරකතනයක් මිලදී අරගෙන SD card එකක් මඟින් storage එක වැඩි කරගැනීමේ හැකියාව අහිමි වෙන අතර විසඳුම නම් වැඩි මුදලක් ගෙවා වැඩි storage එකක් සහිත version එකක් මිලදී ගැනීමයි.

ඒ වගේම විශ්ලේශක මතය නම් බොහෝ දුරට ඉදිරියේදී නිකුත් වෙන Galaxy S, Galaxy Z fold කියන flagship series දෙකටම තවදුරටත් SD card පහසුකම ඇතුළත් වෙන්නෙ නෑ.

ඉතිං cloud storage සේවාවක් භාවිතා කිරීම මීට ඇති එක විසඳුමක් විදිහට දක්වන්න පුළුවන්.

පොදුවේ Flagship දුරකතන මිලදි ගන්න ඔබට අහිමිවෙන වෙනත් පහසුකම්

මේ පිළිබඳව මීට කලිනුත් අපි ඔබව දැනුවත් කරල තියෙනවා. ඉහත සඳහන් කරපු ඇතැම් පහසුකම් Samsung දුරකතන වලට ආවේණික ඒවා උනත් පොදුවේ ඔබට Samsung/Apple හෝ Pixel flagship දුරකතන මිලදී ගන්නේ නම් ඔබට Power Adaptor එකක් හෝ Headset එකක් තවදුරටත් ලැබෙන්නෙ නැහැ.

ඒ වගේම Samsung සමාගම විසින් සිය Midrange දුරකථන වන A53 හා A73 සමඟින්ද Power adaptor එක ලබා නොදීමට කටයුතු කල අතර ඒ අනුව midrange දුරකතන මිලදී ගන්නන්ටද ඉදිරියේදි අමතර පිරිවැයක් දැරීමට සිදු වනු ඇති.

මෙම සමාගම් විසින් මීට වසර කිහිපයකට පෙර 3.5mm jack එකත් ඉවත් කරනු ලැබු බවත් ඔබට මතක ඇති.

ඉතිං මේ ඉවත් කිරීම් වලට විකල්ප වෙනුවට ඔබට ලැබෙන දේවල් ගැන ඔබේ අදහස මොකක්ද? ඒ ගැන අපිට comment කරන්නත් අමතක කරන්න එපා.