ලංකාව කියන්නෙ ඝර්ම කලාපීය රටක් නිසා කොහොමත් අපේ රටේ උෂ්ණත්වය සාපේක්ෂව ටිකක් වැඩියි.

ඒ නිසා ගෙදරදි නැත්නම් කාර්යාලය හෝ ව්‍යාපාරික ස්ථානයක ඉන්නකොට රස්නය අඩු කරගෙන ඉන්න නම් අපිට අනිවාර්යයෙන්ම AC එකක් හරි නැත්නම් අඩුම තරමේ Fan එකක් හරි පාවිච්චි කරන්න වෙනවා.

අපි ඔබට කියන්න යන අලුත් කතාව AC machine එකක් නැතුවත්, රස්නය මට්ටු කරන අලුත්ම Ultra White තීන්ත වර්ගයක් ගැනයි.

ඇමරිකා එක්සත් ජනපදයේ පර්ඩියු විශ්වවිද්‍යාලයේ පර්යේශකයින් විසින් පිරිසක් විසින් සොයාගෙන තියෙන මේ අලුත්ම තීන්ත වර්ගයට පුලුවන් ඔබේ නිවස මුලු දවස පුරාම සිසිල්ව තියන්න.

The whitest paint is here – and it’s the coolest. Literally.
In an effort to curb global warming, Purdue University engineers have created the whitest paint yet. Coating buildings with this paint may one day cool them off enough to reduce the need for air conditioning, the researchers say.

ඒකට හේතුව තමයි මෙම තීන්ත වර්ගයට හැකියාව තියෙනවා තීන්ත මතුපිට ස්පර්ශ වෙන හිරුඑළිය වැඩි ප්‍රමාණයක් උරා ගන්නව වෙනුවට එය 98.1% ක් ඉහළ අගයකින් පමණ පරාවර්තනය කරන්න.

මෙම අලුත් Ultra white තීන්ත වර්ගය හිරු එළිය 1.9% ක් පමණක් උරාගන්නා බව පර්යේෂකයන් පෙන්වා දෙන අතර වෙළඳපොලේ ඇති අනෙක් සාමාන්‍ය තීන්ත වර්ගයක හිරු එළිය උරා ගැනීමේ අගය 20% කට ආසන්න වෙනවා.

අධෝරක්ත කැමරාවකින් ලබාගත් එම තීන්ත වර්ගය ආලේප කර ඇති පුවරුවක ඡායාරූපයක් - මෙහි මැද ඇති තද පැහැති කොටසෙහි පමණක් එම තීන්න ආලේප කර ඇති අතර, ඒ මගින් ඊට පහලින් ඇති පුවරුව ද සිසිල් කරනු ලබන බව ඔවුන් පෙන්වා දෙනවා.

ඒ වගේම සිසිලන බලය වර්ග මීටරයකට Watt 113 ක් පමණ වෙන අතර අඩි 1,000 ක වර්ගඵලයක් ඇති පෘෂ්ඨයක නම් එම අගය 10 kw ක් තරම් ඉහළ අගයක් ගන්නා බව මේ පිළිබඳව සිදුකරන ලද පර්යේෂණ වලින්ව හෙළි වූ බව Purdue සරසවියේ mechanical engineering professor වරයෙකු ලෙස කටයුතු කරන Xiulin Ruan මහතා පෙන්වා දෙනවා.

ඒ වගේම මෙම නව තීන්ත වර්ගය සඳහා පර්යේෂකයින් විසින් මේ වන විටත් Patent බලපත්‍රය සඳහා ඉල්ලුම් කර ඇති අතර, ප්‍රායෝගික භාවිතයේදි- ඒ කියන්නේ එලිමහනක දීර්ඝ කාලයක් තිස්සේ භාවිතා වෙද්දි paint එකේ ආයු කාලය, දිරාපත් වීමේ ස්වභාවය, ආදී බොහෝ දේ අවබෝධ කර ගැනීම සඳහා තවත් අමතර පරීක්ෂණ රැසක්ම සිදු කිරීමට නියමිතයි.

ඔබ දැනටමත් දන්නවා ඇති AC machine එකකින් යම් ස්ථානයක්, උදාහරණ, නිවසක් සිසිල් කරද්දි සිදුවෙන වෙන ක්‍රියාවලිය තමයි ඇතුළත තිබෙන උණුසුම් වාතාශ්‍රය එළියට තල්ලු කිරීමේ ක්‍රියාවලිය. ඒ නිසා අභ්‍යන්තරය සිසිල්ව තිබුණත් සෑම විටම එළිමහන උණුසුම්වයි පවතින්නේ.

ඒ වගේ AC machine භාවිතය මිල අධිකයි වගේම පරිසර හිතකාමී නොවන බවත් ඔබ දන්නවා ඇති. නමුත් මේ නව Ultra white තීන්ත වර්ගය මෙම සෑම ගැටළුවකටම සාර්ථක හා තිරසාර විසඳුම් රැසක් රැගෙන එන බව මෙතනදි සඳහන් කරන්න ඕන විශේෂ කරුණක් වෙනවා.

මෙම නව තීන්ත වර්ගය මිලදී ගන්න පුළුවන් කවදටද? දැනට වාර්තා වෙන පරිදි ඊළඟ වසර දෙක ඇතුළත මෙය වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමට හැකි වෙතැයි මෙම පර්යේෂකයින් අනුමාන කරනවා. ඒ වගේම මිල, පර්යේෂකයින් පවසන ආකාරයට තීන්ත ගැලුමක් ආසන්න වශයෙන් $30-$40 ත් අතර මුදලක් වීමට ඉඩ තිබෙනවා.


මේ ගැන මීට වඩා දේවල් ඔයාලත් දන්නවා ඇති. ඉතින් ඔයා දන්න කරුණු තියනවා නම් හෝ මේ ගැන ප්‍රශ්න තියනවා නම් ඒ ගැන අපේ Community එකට ඇවිත් කියන්නත් අමතක කරන්න එපා.