මේ වන විට ඇති වී තිබෙන තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවේ Facebook පිටු මෙන්ම Twitter ගිණුම් බොහෝමයක් ඉතාමත් අවාසනාවන්ත ලෙස report වී block වී යනු දකින්නට ලැබෙන අතර එයින් ගැලවී සිටීම සඳහා උපදෙස් කිහිපයක් පහත දැක්වේ.

  • ඔබේ ෆේස්බුක් පිටුව ශ්‍රී ලංකාවට තුල ජනතාවට පමණක් පෙනෙන ලෙස audience settings වෙනස් කරන්න. එමගින් පාකිස්ථානය, බංගලාදේශය වැනි රටවල් වල සිට සිදුකරන ස්වයංක්‍රීය ප්‍රහාර වලින් ආරක්ෂා විය හැකිය. උණුසුම පහව ගිය පසු නැවත audience settings පෙර තත්ත්වයට සකසන්න.

මේ සඳහා Settings -> General -> Country Restrictions යන option එක භාවිතා කළ හැක.

  • පෝස්ට් වල සහ tweet වල ඉංග්‍රිසි බසින් 'මුස්ලිම්, ඉස්ලාම්,ජිහාඩ්, අයිසිස්' වැනි වචන සටහන් කරන්න එපා. එවැනි වචන අඩංගු පෝස්ට් ස්වයංක්‍රීයව search වී, report විය හැකි මෘදුකාංග අන්තවාදී කණ්ඩායම් සතුයි.
  • පෝස්ට් වල සහ tweet වල අසභ්‍ය වචන සටහන් කරන්න එපා. එසේ කිරීමෙන් ඔබේ ගිණුම රිපෝට් කිරීම පහසු වෙයි. නිතරම සෞම්‍ය භාෂාවකින් අදහස් දක්වන්න.
  • ඔබේ පෞද්ගලික ගිණුම්වල සිටින නාඳුනන අන්තවාදී අන්‍යාගමිකයන් ඉවත් කරන්න. ජනප්‍රිය (viral) වෙමින් පවතින්න පෝස්ට් සහ page මොනවාද යන්න ඔවුන් හඳුනාගන්නේ ඔබේ ගිණුම් වල share කර ඇති පෝස්ට් වලිනි.
  • නාඳුනන fake ගිණුම් ඔබේ මිතුරන් ලෙස තබාගන්නට එපා! මිතුරන් (friends) විසින් සිදුකරන report කිරීම් බාහිර පුද්ගලයන් සිදුකරන report කිරීම් වලට වඩා භයානකයි.
  • හැකි සෑම විටම වැදගත් පෝස්ට් වලට කුමන හෝ comment එකක් සටහන් කරන්න. පෝස්ට් එකක් යටතේ ඇති comment ප්‍රමාණය වැඩි වෙද්දී report කිරීමට අවශ්‍ය report ප්‍රමාණය අනුරූපව වැඩි වන රටාවක් පවතී.

බොහෝ ශ්‍රී ලාංකික Facebook pages දැනටමත් මේ ආකාරයෙන් ඉවත් වී ඇත. ඔබට Facebook පිටුවක් නැතත්, දැනට ඉතිරි වී තිබෙන ගිණුම් ආරක්ෂා කරගැනීම සඳහා හැකි සෑම විටම කටයුතු කරන්න යුහුසුළු වන්න.

මෙම ලිපියේ අන්තර්ගත වන කරුණු සඳහා හර්ෂ සමරසේකර සොයුරාට අපගේ හෘදයාංගම ස්තූතිය පුද කරන්නෙමු.