AI භාවිත කරලා පරිසරයට සමීප වෙන්න ඔබට උපකාරී වෙන Apps කිහිපයක් ගැන සහ ඒවායේ ක්‍රියාකාරිත්වය ගැන කතා කරමු.
ඔබ කවදා හෝ Shazam app ඇප් එකක් හෝ Siri හෝ Google Assistant වගේ AI යෙදුමක් භාවිත කරලා ගීතයක් හඳුනාගන්න උත්සහ දරලා තිබෙනවාද? ස්මාර්ට් ජංගම දුරකථනයක් අතේ තියාගෙන ඉන්න අපිට මේක අලුත් දෙයක් නම් නෙමෙයි.
දැන් අප අවට පරිසරයේ ඇහෙන කුරුල්ලෙකුගේ හඬක් හෝ ගීතයක් හරහා ඒ වගේම පහසුවෙන් අදාළ පක්ෂියව හඳුනාගන්න හැකියාව තියෙනවා. ඒ ඇමරිකාවේ Cornell University එක ඔස්සේ ක්‍රියාත්මක වෙන Merlin Bird ID by Cornell Lab App එක හරහා.

ඔබ පළපුරුදු පක්ෂි නරඹන්නෙක් හෝ අලුත් පටන්ගන්නෙක් වුණත්, මේ app එක ඔබට පක්ෂියන් හඳුනාගන්න, ඔබේ සොයාගැනීම් සටහන් කරගන්න, සහ citizen scientist කෙනෙක් විදිහට සමාජයට මේ දත්ත ඔස්සේ සහයෝගය ලබා දෙන්න හැකි වෙනවා වගේම, මගේ පෞද්ගලික අත්දැකීමට අනුව, මේක ඔබව ස්වභාව සෞන්දර්යත් එක්ක තවත් සමීප කරනවා.
මෙම ඇප් එක Google Play Store සහ Apple App Store යන දෙකෙහිම නොමිලේ ස්ථාපනය කර භාවිතා කළ හැකියි. ඇප් එක සහ ඊට අවශ්‍ය මොඩියුලයන් ඩවුන්ලෝඩ් කිරීමට අන්තර්ජාල සම්බන්ධතාවක් අවශ්‍ය වුවත්, ඉන් පසු මූලික හඳුනාගැනීම් සඳහා අන්තර්ජාල සම්බන්ධතාවක් හෝ ගිණුමක් අවශ්‍ය වෙන්නේ නැහැ.
Merlin එකේ කෘත්‍රිම බුද්ධිය කොහොමද වැඩ කරන්නේ

Merlin Bird ID යෙදුම ක්‍රම කිහිපයක් ඔස්සේ ඔබට කුරුල්ලන් හඳුනා ගන්න උපකාරී වෙනවා. ඔබ හදිසියේ යම් ස්ථානයක දුරු පක්ෂියෙක් නම් ඒ පක්ෂියාගේ හැඩ හුරුව හා හැසිරීම් පිලිබඳ සරල ප්‍රශ්නාවලියක් ඔස්සේ ඒ සත්වයා හඳුනා ගන්න ඔබට මේ app එක ඔස්සේ හැකියාව තිබෙනවා ඊට අමතරව AI සහ Machine Learning ඔස්සේ බල ගැන්වුණු Photo ID සහ Sound ID පහසුකම් මේ යෙදුම සතු වෙනවා.
ෆොටෝ හඳුනාගැනීම (Photo ID)

Merlin Bird ID එකේ Photo ID feature එක ඔබේ device එකේම run වෙනවා deep convolutional neural networks (CNNs) use කරලා. මේ models train කරලා තියෙන්නේ Cornell Lab එකේ Macaulay Library එකේ තියෙන citizen scientist ලා ඇතුළු ස්වේච්ඡාවෙන් 1,300කට වැඩි පිරිසක් විසින් ඒ ඡායාරූප eBird යෙදුමේ checklist හරහා දායක වෙලා, නිවැරදි බව තහවුරු කරලා ගොඩ නැගුණු මිලියන හයකට වඩා label කරපු පක්ෂින් ගේ images වලින්.
මෙහි ක්‍රියාවලිය සරලව සඳහන් කලොත්, ඔබ ලබා ගන්න චායාරූපය Process කිරීමකට ලක්වෙනවා, එක් එක් රූපය රතු, කොළ, නිල් නාලිකාවල 224x224 පික්සල් වලට ප්‍රමාණය වෙන් කෙරෙනවා, පිහාටු රටා, හැඩය සහ පසුබිම් සන්දර්භය detect කරන්න පහසු වෙන්න.
ඊට අමතරව ඔබ photo එකක් submit කරද්දී, අදාළ රූපයේ ඉන්න පක්ෂින් auto-detect කරලා frame එකේ ඉන්න හැම පක්ෂියෙක්ම crop කරනවා. CNN එක visual cues වගේ edges, colors, shapes analyze කරලා එක එක species එකේ likelihood compute (සම්භාවිතාවයන් හා විය හැකියාවන් ගණනය කරනවා) කරනවා. අන්තිමට eBird data use කරලා regional range සහ seasonal presence බලලා identification තවත් accurate කරනවා.

ඔබේ ජංගම උපකරණයේ තියෙන කැමරාව තියුණු නොවුණත්, location data සහ අනෙකුත් අවශ්‍ය දත්ත නිවැරදි ව මේ වෙත ලැබුනොත්, ඔබ දුටු පක්ෂියා හඳුනාගන්න හෝ ඔබට ආසන්න හැඩහුරුව සහිත (නිවැරදි විය) හැකි යෝජනා කිහිපයක් ලබා දෙන්න මේ යෙදුමට ලොකු ඉඩක් තියෙනවා.
ශබ්ද හඳුනාගැනීම (Sound ID)


Merlin Bird ID ap ශබ්ද හඳුනාගැනීම (Sound ID)
Merlin Bird ID app එකේ Sound ID feature එක විශේෂාංගය මයික්‍රෆෝනය හරහා ශබ්ද ග්‍රහණය කරගෙන, එම ශබ්ද තරංග ස්පෙක්ට්‍රොග්‍රෑම් (sound waves spectrogram) එකක් බවට පරිවර්තනය කරනවා. එය කාලය සහ සංඛ්‍යාතය පෙන්වන visual representation (දෘශ්‍ය සිතියමක්) වගේ.
කුරුලු හඬ පැය 140 කින් පමණ සහ පසුබිම් ශබ්ද පැය 126 කින් පමණ පුහුණු වූ දෙවන CNN එකක්, මෙම ස්පෙක්ට්‍රොග්‍රෑම් analyze කරනු ලබනවා. තත්පර කිහිපයකට වරක්, එය species name (කුමන කුරුලු විශේෂයද යන්න) සහ එහි confidence score (විශ්වසනීයත්වය) පිළිබඳ පුරෝකථනයක් යාවත්කාලීන කරනවා(prediction update).
මේ වනවිට, Merlin App එක වෙත කුරුළු විශේෂ 1,382 ක් හඬ මඟින් හඳුනා ගැනීමට හැකි වී තිබෙනවා. මෙම Sound ID මොඩියුලය ද අන්තර්ජාලය නොමැතිව ක්‍රියාත්මක වන අතර එය මෙගාබයිට් 50 ට අඩු ප්‍රමාණයකට ගෙන එන්න Cornell University කණ්ඩායමට හැකි වෙලා තියෙනවා.
2025 වෙද්දි තාක්ෂණයේ දියණුව එක්ක AI models දුරකතනයේ අන්තර්ජාල සම්බන්දතවයකින් තොරව internally process කරන එක අමාරු දෙයක් නෙමෙයි. Birding වගේ subjects වලට මේක තවත් උපකාරී වෙනවා. උදාහරණ විදිහට forest, wetlands, mountain වල internet connection නැති හෝ දුර්වල සම්බන්දතාවයන් ඇති තැනකදී වුනත් කිසිම ගැටලුවකින් තොරව මේ යෙදුම් භාවිත කරලා පක්ෂීන් හඳුනාගන්න ඔබට හැකියාව තිබෙනවා.
Merlin එකේ CNN එක compress කරලා speed සහ efficiency වැඩි කරලා ගොඩක් optimized කරන්න ඔවුන් වග බලාගෙන තියෙනවා. ඒ නිසා battery drain නොකරගෙන ඉතාම ඉක්මනින් photo සහ sound analysis ලබාගන්න පුළුවන්.
ඊට අමතරව ඔබ ඉන්න පළාත සහ අදාළ කාලවකවානුවක ට අනුව Regional bird packs download කරගන්න, recordings store සහ export කරන්න, ඔබ වෙනත් උපාංගයක් භාවිත කරලා ලබා ගන්න MP3 හෝ WAV files import කරන්න වුනත් මේ යෙදුම හරහා පුළුවන්කම ඔබට ලැබෙනවා.
කෙසේ වෙතත්, eBird හි ඔබගේ දත්ත sync කිරීමට නම් අන්තර්ජාල සම්බන්ධතාවක් අවශ්‍ය වෙනවා. (ඇප් දෙකෙහිම එකම ගිණුමෙන් ලොග් වීමත් අවශ්‍ය වේ.)
ආචාර ධර්මීය කෘතීම බුද්ධි භාවිතය, ජන විද්‍යාව හා අනාගතය

Account එකක් අවශ්‍ය නෑ, personal data හෝ location history යෙදුම භාවිත නොකරන විට upload වෙන්නේ නෑ ඔබේ අනුදැනුමකින් තොරව. හැම identification එකම locally වෙනවා, ඔබට instant results සහ recordings, photos වලට full control එක දෙනවා.
Merlin Bird ID ඇප් එක 2021 සිට කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරනවා. 2025 Great Backyard Bird Count අනුව, මෙවර වාර්තාගත වසරක් වීමට නියමිතයි. මාර්තු 7 වන විට, රටවල් සහ කලාප 217 ක් පුරා, සහභාගී වූ 838,000 කට වැඩි පිරිසක් පක්ෂි විශේෂ 8,078 ක් සටහන් කරගෙන තිබෙනවා. එය පසුගිය වසරට වඩා විශේෂ 158 කින් වැඩිවීමක්.
Merlin Bird ID ඉදිරිපත් කිරීම් 655,000 කට වඩා සටහන් වී තිබෙන අතර, එය 2024 වසරට වඩා දෙගුණයක්. eBird සඳහා චෙක්ලිස්ට් 387,652 ක් ඉදිරිපත් කර තිබෙනවා. Macro Library සඳහා ඡායාරූප, වීඩියෝ සහ ශබ්ද ක්ලිප් 190,000 කට ආසන්න ප්‍රමාණයක් එක් වී තිබෙන අතර, මෙය පුරවැසි දත්ත මත පදනම් වූ විශාලතම පක්ෂි විද්‍යා දත්ත රැස් කිරීමක් ලෙසයි වාර්තා වෙන්නේ.
තව මෙවැනි යෙදුම් ගණනාවක් හා බැඳුනු ව්‍යාපෘති රැසක් ලෝකයේ ක්‍රියාත්මක වෙනවා ඒ පිළිබඳවත් ඔබට විස්තර ඉදිරි ලිපියකින් අරගෙන එන්න අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා.