අන්තර්ජාලය භාවිතා කිරීමේදී ශ්‍රී ලාංකික අපට තිබෙන ලොකුම ගැටලුව තමයි භාෂා ප්‍රශ්නය.

Social media සියයට සියක්ම පාහේ ක්‍රියාත්මක වෙන්නේ සහ ඒවායේ අන්තර්ගතය සඳහා යොදාගෙන තිබෙන්නේ ඉංග්‍රීසි මාධ්‍ය නිසා, බොහෝ ලාංකික සිසුන් සහ දෙමව්පියන් මේ වගේ අධ්‍යාපනික වැඩසටහන් අන්තර්ජාලය ඔස්සේ නැරඹීම සැලකිය යුතු ලෙස අඩු කරන්න සමත් වෙලා තියෙනවා.

ඉතිං අද අපි ඔබට කියන්නට යන්නේ YouTube වීඩියෝ වගේම ඕනෑම වෙබ් පිටුවක තිබෙන දෙයක් සිංහලට පරිවර්තනය කරගෙන කියවන්නෙ කොහොමද කියන එක ගැන.

YouTube වීඩියෝ Subtitles එක්ක බලන විදිහ

YouTube කියන්නෙ දැනට ලෝකයේ තිබෙන ජනප්‍රියතම social media platform අතළොස්සෙන් එකක් බව මේ වෙනකොට හැමා්ම දන්න කාරණයක්.

Google සමාගම හිමිකාරිත්වය දරන මේ video platform එක smart ජංගම දුරකතනයක් තිබෙන ඕනෑම කෙනෙකුට Google account එකක් ඇතුව උනත් නැතුව උනත් භාවිතා කරන්න පුළුවන් වීම නිසා ඉතාම සරල ප්‍රවේශයක් සහිත platform බව අමුතුවෙන් කිව යුතු නැහැ.

ඒ වගේම මේ වෙනකොට ලෝකය පුරාම කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් එක්ක YouTube වගේ platform අධ්‍යාපන කටයුතු වලටත් යොදා ගැනිම ඉහළ ගිහින් තියෙනවා.

ඔබ දැනටමත් ඇතැම් විට YouTube video ඉංග්‍රීසි Subtitles එක්ක බලනවා වෙන්න පුළුවන්.

මේ ඉංග්‍රීසි Subtitles එක්ක බලන feature එක enable කරන්න කරන්න තියෙන්නෙ YouTube වීඩියෝ එක play වෙද්දි මේ පහළ තියෙන clip එකේ පෙන්නල තියෙන CC එක icon එක click කරන එක විතරයි.

මෙතනදි අදාළ video එක Upload කරපු කෙනා ඉංග්‍රීසිත් ඇතුළුව තවත් භාශා කිහිපයකටම සහය ලබා දෙන පරිදි භාශා කිහිපයකම subtitle ලබා දිල තියෙනවනම්, ඔබට ඒ භාශා අතරින් කැමති භාශාව තෝරගන්නත් පුලුවන්.

ඔබට ඒ Setting මෙනුව වෙත පිවිසෙන්න නම්, කරන්න ඕනෙ කලින් කියපු CC කියන icon එක එහා පැත්තෙ තියෙන කුඩා Setting icon එක click කරන එකයි.

මේ පහසුකම ලබාගන්න නම් ඔබට YouTube web view එක වගේම mobile app එකෙනුත් හැකියාව තියෙනවා.

ඇත්තටම YouTube video සිංහල subtitles එක්ක බලන්නත් පුළුවන්ද? ඔව් පුලුවන්!

මෙතනදි මම අර කලින් කියපු විදිහට, යම්කිසි වීඩියෝ එකක් YouTube එකට upload කරපු එක්කෙනා subtitle සඳහා සහාය ලබාදෙන භාෂා කිහිපය අතර ගොඩක් වෙලාවට සිංහල භාශාව ඇත්තෙ නැහැ.

ඔයා YouTube web app එක use කරලා, ඒ කියන්නේ youtube.com වෙබ් අඩවියට ගිහින් video බලන කෙනෙක් නම්, සාමාන්‍යය විදිහටම අදාල video එකට යන්න.

දැන් කලින් වගේම video එක play වෙද්දි CC icon එක click කරල subtitles load කරගන්න. ඒ වගේම එහා පැත්තෙ තියෙන කුඩා setting icon එක click කලාම ඔබට අලුත් option එකක් ලැබිල ඇති Auto translate කියල.

එතනින් ඔබට භාශා 50 කට වඩා දකින්න පුළුවන් වෙනවා වගේම එහි සිංහල භාෂාවත් දකින්න පුළුවන් වේවි. එතනින් සිංහල භාෂාව click කරාට පස්සේ අදාල වීඩියෝ subtitle අනුව එය Automatically සිංහලට translate වෙලා පෙන්නාවි.

මේ ක්‍රමය YouTube mobile app එකට හරියන්නේ නැද්ද?

කලින් කියපු විදිහට automatic translate පහසුකම තවම YouTube mobile app එකට වත්, YouTube mobile website එකට, ඒ කියන්නේ m.youtube.com එකට ලබාදීල නෑ.

ඒත් ඔයා mobile phone එකක් use කරනවා නම්, ඔයාගේ phone එකේ තියෙන web browser එක හරහා youtube.com වෙබ් අඩවියට ගිහින්, options හරහා desktop site එක තෝරගෙන තමයි මේ පහසුකම භාවිතා කරන්න වෙන්නේ.

අනික් කාරණය, YouTube එකේ තියෙන සමහර වීඩියෝ වලට ඉංග්‍රීසි subtitles වත් නැහැ. ඒ නිසා එවැනි වීඩියෝ වලට මේ option එක භාවිතා කරන්න පුලුවන් කමක් නැහැ.

ඒ වගේම මේ විදිහට සිංහලට translate වෙන එක, තරමක් අඩු අඩුපාඩු සහිතව තමයි සිද්ධ වෙන්නේ. නමුත් ඔබට video එකේ අන්තර්ගතය ගැන දළ අදහසක් ලබා ගන්නට එය ප්‍රමාණවත් වේවි.

අන්තර්ජාලයේ තිබෙන වෙනත් දෙයක් සිංහලෙන් කියවන විදිහ.

ඇත්තටම ඔබට අන්තර්ජාලයේ තිබෙන ඕනෑම වෙබ් පිටුවක් සිංහලෙන් කියවන්න පුළුවන්.

උදාහරණයක් විදියට ඔබ යම්කිසි දෙයක් කියවන්න විකිපීඩියා වෙබ් අඩවිය තෝරා ගත්තොත්, ඔබට පෙනේවි ඔබ තෝරාගත් ලිපිය තියෙන්නෙ ඉංග්‍රීසි භාෂාවෙන් කියලා.

ඔයා Google Chrome browser එක භාවිතා කරනවා නම්, මේ වෙනුවෙන් වෙන කිසිම tool එකක් භාවිතා නොකර තමන් යන වෙබ් අඩවි සිංහල භාශාවට translate කරගන්න ඉතාමත් පහසුවෙන් හැකියාව තිබෙනවා.

Google Chrome mobile app එක use කරනවා නම්, පහළ පෙන්නලා තියෙන විදිහට අදාල වෙබ් අඩවියට ගිහින්, options button එක tap කර, එහි ඇති translate යන option එක tap කිරීම හරහා මෙම පහසුකම භාවිතා කරන්න පුලුවන්.

ඒක click කලාම ඔබට භාශා සිය ගණනක් අතරන් සිංහල භාෂාවත් දක්නට ලැබේවි. ඉතින් ඔබ සිංහල භාෂාව තෝරා ගත්තට පස්සේ, ඔබ කියවන්න තෝරාගත් ඉංග්‍රීසි ලිපිය සම්පූර්ණයෙන්ම සිංහලට translate වීම සිදුවෙනවා.

ඒ වගේම කලින් වගේ අපි ඔබට Google Chrome එකම මේකටත් recommend කලත්, මේ වන විට හැම web browser එකටම වගේ මේ පහසුකම එකතු කර තිබෙන නිසා, ඔබ කැමති වෙනත් browser එකකින් වුණත් මෙය උත්සාහ කර බලන්න පුලුවන්.

අනිත් කාරණය තමයි, මේ විදිහට translate වෙන්න නම් ඔබට (2G, 3G වගේ) සමාන්‍ය ප්‍රමාණයේ අන්තර්ජාල වේගයක් තිබුනම ඇති.

Google Translate App එක භාවිතා කරන්න

මේක නම් ඉතාම සරල ක්‍රමයක්.

ඔබට පුළුවන් Google Play store එකෙන් හරි App Store එකෙන් හරි Google Translate app එක download කරගන්න.

Google Translate - Apps on Google Play
• Text translation: Translate between 108 languages by typing• Tap to Translate: Copy text in any app and tap the Google Translate icon to translate (all languages)• Offline: Translate with no internet connection (59 languages)• Instant camera translation: Translate text in images instantly by ju…
‎Google Translate
• Text translation: Translate between 108 languages by typing• Offline: Translate with no internet connection (59 languages)• Instant camera translation: Translate text in images instantly by just pointing your camera (94 languages)• Photos: Take or import photos for higher quality translations (…

මේ app එක භාශා සිය ගණනකට සහය දක්වනවා වගේ භාවිතා කරන්නත් ඉතාම පහසු සරල UI එකක් තමයි තිබෙන්නේ.

ඔබ කරන්න ඕනි මේ පහළ තියෙන screenshot එකේ වගේ ඔබට translate වෙන්න ඕනි සිංහල භාශාව කියල select කරන එකයි. ඊට පස්සෙ ඔබ translate කරන්න බලාපොරොත්තු වෙන article එක හෝ ඔබ කියවන ඕනෑම දෙයක්, copy කරල translate එක ඇතුළෙ paste කරන එකයි.

එහෙම paste කරපු සම්පූර්ණ ලිපියම සිංහලට translate වීම සිදු වෙනවා. මේ සඳහාත් ඔබට සාමාන්‍ය විදියට අන්තර්ජාල සම්බන්ධතාවයක් තිබුනාම ප්‍රමාණවත්.

ඒවගේම මෙම app එකේ තියෙන අනෙක් වාසිය තමයි, හිතන්න ඔබට ඔබ කියවන ඉංග්‍රීසි පොතක තියෙන දෙයක් සිංහලට translate කරගන්න අවශ්‍යයයි කියල. එතනදි කරන්න ඕනි ඉහත screenshot එකේ තියෙන විදිහට, මේ app එකේ තියෙන camera option එක හරහා අදාළ කොටස scan කරලා translate වෙන්න ඕනි කොටස highlight කරගන්න එකයි.

එවිට ඔබට ඔබ highlight කරගත්ත කොටස සිංහලට translate වෙලා පෙන්නාවි.


ඉතින් මේ අපි කතා කළේ අන්තර්ජාල භාවිතයේ තිබෙන ඉතාම සරල tool දෙකක් ගැනයි. මේ පිළිබඳව අපි ලියන්නට හිතුවෙම මේ දවස්වල ලංකාවේ බොහෝ දෙනෙක් online අධ්‍යාපනයට යොමු වෙලා ඉන්න නිසා හා භාශා ප්‍රශ්නය නිසා බොහෝ දෙනෙකුට අන්තර්ජාලයෙන් ඉගෙනගැනීම අභියෝගයක් වෙලා තියෙන නිසායි.

මෙතැන දී යළිත් මතක් කළ යුතු කරුණ වෙන්නේ, ඔබ දන්නවා ඇති ඉංග්‍රීසි භාෂාවට සාපේක්ෂව සිංහල කියලා කියන්නේ ඉතාම සංකීර්ණ භාෂාවක් කියල. ඉතින් ඒ නිසා මේ විදියට translate වෙන ඒවා 100% ක් නිවැරදි නැහැ.

නමුත් ඔබට video එකක හරි ඔබ කියවන article එකේ අන්තර්ගතය පිළිබඳව සැළකිය යුතු අවබෝධයක් ලබා ගන්නට මේ විදිහට translate වෙන ප්‍රමාණයත් හොඳටම ප්‍රමාණවත් බව අපගේ අදහසයි.