Ai තාක්ෂණය භාවිතයෙන් බලගැන්වෙන OpenAI, Midjourneyවැනි tools භාවිතා කරලා ඉතා අලංකාරවත් images generate කර ගැනීමේ හැකියාවක් පවතින බව මේ වන විටත් ඔබ දන්නවා ඇති. ඒ වගේම AI Generated Images නිසා Graphic නිර්මාණ වෙළඳපොලට තර්ජනයක් එල්ල වූවා යැයි පවසමින් නිර්මාණකරුවන් සිය විරෝධය පෑමටද කටයුතු කර ඇති බව අප මීට පෙර ඔබව දැනුවත් කිරීමට කටයුතු කළා.
ඒ සියල්ල පසෙකලා, Ai තාක්ෂණය භාවිතයෙන් නිර්මාණය කෙරෙන Images එහෙමත් නැතිනම් arts සමාජය තුළ භාවිතා කරන්නේ කෙසේද යන්න, සැබෑ නිර්මාණකරුවාට එල්ල වන අභියෝග සහ Graphic නිර්මාණකරණ වෙළඳපොල තත්ත්වය පිළිබඳව විමසා බැලීමක් සිදු කිරීමට මෙම ලිපිය අවස්ථාවක් කර ගැනීමට අප සිතුවා.
AI Image Generating Tool එකක් ගතහොත් එය ක්‍රියා කරන්නෙ අපි ලබා දෙන විධානය එහෙමත් නැත්නම් command එක මත, එහිදී මෙම tool එක වෙත අපි ලබා දෙන keywords වලට අනුරූපව program එක අභ්යතරේ සිදුවන ක්‍රියාවලියක ප්‍රතිඵලයක් වශයෙන් අපට විචිත්‍රවත් නිර්මාණයක් ප්‍රතිදානය කරනු ලබනවා. මෙහිදී සාමාන්‍ය නිර්මාණකරුවෙකුගේ සිතීමේ ක්‍රියාවලියකට වඩා එහා ගිය පරිකල්පනයකින් යුතුව මෙමඟින් ලැබෙන Images අපිට බලා ගන්න පුළුවන් වෙනවා.
AI එක භාවිතයෙන් ඔයා Generate කරන Images වලට ඔයාට හිමිකාරීත්වයක් එහෙමත් නැත්නම් copyright එකක් ලැබෙන්නෙ නෑ. නමුත් Midjourney සේවාවේ පෙන්වා දෙන ආකාරයට ඔවුන්ගේ Coporate Subscription Plan එකත් සමඟ AI Tool එක භාවිතයෙන් නිර්මාණය කරන Images, ඔයාට commercial uses සඳහා භාවිතා කිරීමට අවසර ලැබෙනවා.
කෙසේ නමුත් AI Generated Images සමඟින් Designing ක්ෂේත්රයේ සිටින නිර්මාණකරුවන් සහ ඔවුන්ගේ සේවාවන්ට මෙය විශාල තර්ජනයක් වී ඇති බවට බොහෝ අය මැසිවිලි නඟන්නට පටන් අරන් තිබෙනවා. ඒත් සමඟම TechNews.LK අපි හිතුවා "AI Generated Images සමඟ අනාගතයේදී Graphic නිර්මාණකරණ ක්ෂේත්රය කෙබඳු වේවිද ?" යන්න පිළිබඳව ශ්‍රී ලංකාවේ Designing ක්ෂේත්රයේ සහ විවිධ ක්ෂේත්රවල දීර්ඝ කාලීනව රැඳී සිටින ප්‍රවීණයන්ගෙන් ඔවුන්ගේ අදහස් විමසා බලන්නට.
ඒ වගේම AI තාක්ෂණය ක්‍රියාකරන්නේ කෙසේද යන්න සහ AI වල භාවිතමය සම්බන්ධව Sanjaya Elvitigala මහතා විසින් කෙටි පැහැදිලි කිරීමක් SL Pod Talks YouTube නාළිකාව සමඟින් ගෙන එනු ලැබුවා.
AI තාක්ෂණය අත්හරින්නෙ නැතුව tool විදිහට යොදාගෙන ඔයාගෙ Designs වැඩි දියුණු කරගනිමින්, සංවර්ධනය වෙන ලෝකයේ ඉදිරියට යාමට කටයුතු කරන ලෙස අපි ඔබට ආරාධනා කරන අතර මෙම AI තාක්ෂණය සමඟින් එන tools අනාගතයේදී මීට වඩා සංවර්ධනය වෙනු ඇතැයි අපි විශ්වාස කරමු.
මෙම ලිපිය සඳහා වටිනා අදහස් පළ කරන ලද සියළුම දෙනාට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙමි.