ඔබත් දවසේ වැඩි ප්‍රමාණයක් පරිගණකය හෝ ජංගම දුරකථනය භාවිතා කරන කරන අයෙක්ද? ඔබ දිනය පුරාම Screen එකක් දිහා බලන් වැඩ කරන නිසා ඔබගේ දෙනෙත් විඩාවට පත්වන බව ඔබ මිට පෙර දැන සිටියාද?

විශේෂඥයන් පවසන පරිදි, පරිගණක, tablets සහ smartphone screens දෙස බලා සිටීමෙන් ඔබේ ඇස් පෙනීම සදාකාලිකවම හානි නොවේ. කෙසේ වෙතත්, එසේ කිරීමෙන් හිසරදය සහ ඇසෙහි පෙනිම දුර්වල විම් වැනි සමහර කරදරකාරී අතුරු ආබාධ ඇති විය හැකි බව වාර්ථා වල සඳහන් වෙනවා‍.

බොහෝ වැඩිහිටියන් සහ ළමුන් දිගුකාලීන පරිගණක ජංගම දුරකථන වැනි උපකරණ භාවිතය හේතුවෙන් අක්ෂි අපහසුතාවයන් සහ පෙනීමේ ගැටළු අත්විඳිනු ලබනවා. The American Optometric සංගමය පවසන්නේ, පරිගණක භාවිතයෙන් සේවය කරන සේවකයින් අතර බහුලව දක්නට ලැබෙන සෞඛ්‍ය පැමිණිලි වන්නේ පෙනීම සම්බන්ධ ගැටළු බවයි. අධ්‍යයනවලින් පෙනී යන්නේ පරිගණක භාවිතා කරන්නන්ගෙන් 50-90% ක් පරිගණක computer vision syndrome පෙන්නුම් කරන රෝග ලක්ෂණ අත්විඳින බවයි. එපමණක් නොව, screen එක දෙස දිගු වේලාවක් බලා සිටින තරමට අපහසුතාවයේ මට්ටම නරක අතට හැරෙන බවද වාර්ථාවල සඳහන් වෙනවා.

දවසේ බොහො වෙලාවක් Computer Screen එකක් දිහා බලා සිටිමෙන් ඇස් වෙහෙස විම, හිසරදය, පැහැදිලිව නොපෙනීම, බෙල්ලේ සහ උරහිසේ වේදනා වැනි අතුරු ආබාධ දෑ වලට ඔබට මුහුණ දිමට පුලුවන්.

ළමුන් සඳහා ඉහත රෝග ලක්ෂණ වලට අමතරව අවධානය අඩුවීම, දුර්වල හැසිරීම් සහ ඉක්මනින් තරහා යාම දැක්විය හැකි අතර මෙම කරුණු නිසා ඉගෙනිම් කටයුතු අඩාල විමටද පුලුවන්.

එහෙත් ඔබ නිවැරදි ක්‍රියාකාරකම් අනුගමනය කලහොත් ඔබට මෙම සංකුලතා අවම කරගැනීමටද හැකියාව පවතිනවා

  • ඇස් පිල්ලමි ගැසීම - සාමාන්‍ය පුද්ගලයෙකුගේ ඇස් පිල්ලම් ගැසීම විනාඩියකට 12 - 18ත් අතර විය යුතු වේ. එසේ වුවද පරිගණකය හෝ ජංගම දුරකථය භාවිතයේ දී මෙම ඇස් පිල්ලම් ගසන වාර ගණන ඉතාමත් අඩුවේ. කඳුලු රැඳීම ඇසෙහි ක්‍රියාකාරිත්වයට උදව් වන බැවින් නිතර ඇස් පිල්ලම් ගැනිම අත්‍යවශ්‍ය කරුණක් වෙනවා‍.
  • අක්ෂර වල ප්‍රමාණය - පරිගණක තිරය දුරින් තිබුනද, අක්ෂරයන්හි කියවිමට පහසු අයුරින් විශාලව තිබිය යුතුවේ.
  • 20-20-20 නීතිය - විනාඩි 20 කට වරක් අඩි 20 ක් ඈතින් ඇති වස්තූන් බැලීමට තත්පර 20 ක විවේකයක් ගැනීමෙන් 20-20-20 රීතිය අනුගමනය කරන්න. මෙම ක්‍රමය ලෝකය පුරා පරිගණකය සමග දවසේ වැඩි හරියක් වැඩ කරන පුද්ගලයන් විසින් භාවිතා කරනු ලබනවා.
  • පරිගණක තිරය - පරිගණක තිරය ඇසෙහි සිට අඟල් 20ක් (අතෙහි දුරින්) තිබිය යුතුය, පරිගණක තිරය ඔබේ ඇස් මට්ටමින් අගල් 6-8ක් පමණ පහලින් සිටින සේ තිබිය යුතු අතරම පරිගණක භාවිතයේදි තිරය අංශක 15ක කෝණයකට නවා තිබිය යුතුවේ. එමෙන්ම පරිගණක තිරය අවම ආලෝකයකින් තිබිම වඩාත් වැදගත්ය. මෙය කාමරයේ ආලෝකය අනුව වෙනස් විය යුතු අතර තිරයේ ආලෝකය පමණක් ඔබ සිටිනා කාමරයේ තිබිම කිසි සේත් සුඳුසු නැත.
  • කාමර ආලෝකය - පරිගණක තිරයට කෙලින්ම ආලෝකය වැදීම වැලැක්විය යුතුය. මේ සඳහා ප්‍රති දිදුලන තිරයක් භාවිතය සුදුසු වේ. ඔබගේ කාබරය තුලට අධික ආලෝකය පාලනය කිරීම සඳහා තිර රෙදි භාවිතා කල හැකිය.
  • Keyboard එක තබා ගන්නා ආකාරය - keyboard එක වැලමිටට පහතින් තිබිය යුතු වන අතර ඉදිරියෙන් මැණික් කටුව තබාගැනීමට ස්ථානයක් තිබිම දෙඅත් කෙලින් තබා ගැනීමට උදව් වේ. මෙම ස්ථානය සුමුදු විය යුතු මෙන්නම ඔබට සැප පහසු පුටුවක්ද භාවිතා කර දෙඅත් කෙලින් තබා ගැනීමට උදව් කරගන්න.

ඉහත පැවසු කරුණු වලට අමතරව ඔබ දවසේ වැඩි හරියක් පරිගණකත් හා බැදුණු වැඩ කරන කෙනෙක් නම් ඔබගේ පවුලේ වෛද්‍යවරයාට ඒ බව පවසා ඔබට සුඳුසු අක්ෂි වෛද්‍යවරයෙකු කරා යොමු කරගන්න. බොහෝ වෛද්‍යවරුන් මෙම සේවාව නොමිලේම කර දෙනු ලබන අතර අක්ෂි වෛද්‍යවරයාගේ උපදෙස් පරිදී ඔබට ගැලපෙන ආකාරයට ඔබ ක්‍රියා කලහොත් Screens දෙස බලා සිටීමෙන් ඔබේ ඇස් පෙනීම සිදුවිය හැකි හානිය තව දුරටත් ඔබට අවම කරගැනීමේ හැකියාව පවතිනවා.

මෙම ලිපිය ලිවිමේදී මා යොදා ගත් සියලු කරුණු මා විසින් පෞද්ගලිකව අක්ෂි ශල්‍ය වෙද්‍යවරයෙකු මුණ ගැසී දැන ගත් කරුණු සහ Eye Que වෙබ් අඩවියෙන් උපුටාගත් කරුණු ද ඇතුලත් වේ.