මිය යමින් පවතින අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය පොලවට කඩා වැට්ටවීමට තීරණයක්
මේ ලිපිය කියවන ඔබ හෝ ඔබ දන්නා කෙනෙක් සතියේ සිය 25 වන උපන්දිනය සමරන වාද?, ඔබ හෝ ඒ පුද්ගලයා තම ජීවිත කාලය තුල එක දවසක් හෝ අභ්‍යවකාශයේ මිනිස් වාසයක් නොතිබූ කාලයක් අත්දැක නැහැ. එය එතරම් සුවිශේෂී සන්ධිස්ථානයකි. එහෙත්, ඔවුන් 30 වන වියට පා තබන විට එම වාර්තාව වෙනස් වීමට ඉඩ තියෙනවා. ඊට හේතුව, වසර 25ක් පුරා නොකඩවා මිනිසුන් රැඳී සිටි International Space Station (ISS) මධ්‍යස්ථානය, 2030දී සිය මෙහෙයුම් ආයු කාලය අවසන් කිරීමට නියමිත වීමයි.
මෙම ගමන ඇරඹුනේ 2000 නොවැම්බර් 2 වන දා Soyuz TM-31 යානයෙන් ISS වෙත ළඟා වූ පළමු කාර්ය මණ්ඩලය. ඔවුන් පැමිණියේ සම්පූර්ණයෙන්ම ගොඩනැගූ මධ්‍යස්ථානයකට නම් නෙමෙයි, මීට පෙර මෙහෙයුම් මගින් කක්ෂයේ එකලස් කර තිබූ මූලික කුටි කිහිපයකින් සමන්විත මධ්‍යස්ථානයකටයි.

Commander Bill Shepherd සහ ගගනගාමීන් වූ Yuri Gidzenko සහ Sergei Krikalev යන තිදෙනාම Mir අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සහ Space Shuttle මෙහෙයුම්වල අත්දැකීම් ලත් ප්‍රවීණයන් වුවද, ISS හි මුල් දින ඔවුන්ගේ දක්ෂතා දැඩි ලෙස පරීක්ෂා කරන්නක් වූ බව ඔවුන් සඳහන් කරනවා.
2000 වසරේ ISS යනු අද අප දකින විශාල මධ්‍යස්ථානය නම් නොවන බව මතක තබා ගැනීම ඉතාම වැදගත්. එහි ප්‍රධාන solar arrays තවමත් සවිකර නොතිබූ අතර, බොහෝ modules ඒ වන විටත් කක්ෂගත කිරීමට සුදානම්ව තිබුනේ නැහැ.
ඔවුන් පැමිණෙන විට අභ්‍යවකාශයේ තිබුණේ මීට පෙර මෙහෙයුම් මගින් කක්ෂයේ එකලස් කර තිබූ පීඩනය පාලනය කළ හැකි කුටි තුනක් පමණයි. ඒවා Zvezda(සේවා කුටිය), Zarya (බල සහ ගබඩා කුටිය) සහ Unity (සම්බන්ධක කුටිය)ලෙසයි නම් වෙන්නේ. අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන Jim Orberg එම තත්වය සාරාංශ කළේ,
"අපි Space Shuttle එක 90%ක් සූදානම්ව තිබියදී දියත් කළා. නමුත් ISS එක දියත් කළේ 50%ක සූදානමකින්" ලෙසයි.

මෙම 50%ක යථාර්තයට කාර්ය මණ්ඩලය ඉතා ඉක්මනින්ම මුහුණ දෙන්න සිදු වුණා. Software glitches සහ hardware malfunctions නිතර නිතර ඇති වෙන්නට පටන් ගත්තා. ප්‍රධාන solar arrays නොතිබූ නිසා රුසියානු කුටිවල විදුලිය, ඇමරිකානු Unity කුටියට ලබා දීමට නොහැකි වූ අතර එය වසා තැබීමට පවා සිදු වුණා. තිදෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයට, දෙදෙනෙකු සඳහා නිර්මාණය කළ රුසියානු කුටියේ තෙරපී සිටීමට සිදුවීම තවත් ගැටළුවක්.
Commander Shepherd ගේ log සටහන් මෙම 'අවුල්සහගත' තත්වය මනාව පෙන්නුම් කරනවා. එයට අනුව පද්ධති නිරන්තරයෙන් ක්‍රියා විරහිත වීමට අමතරව, කාර්ය මණ්ඩලයට printer යන්ත්‍රය ක්‍රියා කරවීම වැනි සරළ ක්‍රියාවන්ට පවා විශාල වෙහෙසක් දරන්න සිදු ව තිබෙනවා. ගැටළු වාර්තා කිරීම සඳහා වූ "crew squawk" පද්ධතිය පවා ක්‍රියා විරහිත වී තිබුණ බව ලොග් සටහන් පෙන්වා දෙනවා.

පසුව Oberg වාර්තා කළේ, Commander Shepherd විසින් මධ්‍යස්ථානය අනාරක්ෂිත තැනක් ලෙස හැඳින්වූ බවයි. ඊට ප්‍රධානතම හේතුව storage එකේ ගබඩා කර තිබූ බඩු ප්‍රමාණය අධික වීමයි. ගැටලුව කොතරම් උග්‍ර වූවාද කියනවා නම්, පසුකාලීනව භාණ්ඩ ප්‍රවාහනය කළ Multi-Purpose Logistics Module (MPLM) එකක්, ගබඩාවක් ලෙස මධ්‍යස්ථානයට ස්ථිරවම සවි කිරීමට පවා සිදු වුණා.
කෙසේ වෙතත්, කාර්ය මණ්ඩලයේ කැපවීම මත, 2000 දශකය පුරා Space Shuttle යානා මගින් දැවැන්ත Integrated Truss Structure (ITS), solar arrays සහ laboratories රැගෙන එමින් ISS මධ්‍යස්ථානය සීග්‍ර ලෙස විශාල කරගන්න ඔවුන් සමත් වුණා. 2011 දී Shuttle වැඩසටහන අවසන් වන විට එය වර්තමාන configuration එකට ඉතාම ළඟ මට්ටමක පැවතුණා. කාර්ය මණ්ඩලය 3 සිට 6 දක්වාත්, පසුව SpaceX Crew Dragon යානා පැමිණීමත් සමඟ 7 දක්වාත් වැඩි වුණා.
මෙම කාලය තුල, සැලසුම් සහගත මෙන්ම අනපේක්ෂිත දීර්ඝ මෙහෙයුම් වගේම, ඉතාලි ගගනගාමී Luca Parmitano ගේ හිස්වැස්ම spacewalk එකකදී ජලයෙන් පිරීම වැනි ඉතාම අනතුරු දායක තත්ව ද වාර්තා වුණා.
නමුත් ISS මධ්‍යස්ථානය දැන් 'මිය යමින්' පවතී. Mir 2 ව්‍යාපෘතිය සඳහා 1980 ගණන්වල ඉදිකළ Zvezda කුටිය වැනි පැරණි කොටස් වලින් දැන් air leak වීම් සිදුවන බව කාර්යමණ්ඩලය වාර්තා කර තිබෙනවා. NASA ආයතනය සහ හවුල්කරුවන් සැලසුම් කරන්නේ මෙම දශකය අවසන් වීමට පෙර මධ්‍යස්ථානය deorbit කිරීමට එහෙම නැති නම් කක්ෂයෙන් ඉවත් කිරීමටයි.
දැනට NASA ආයතනය SpaceX සමඟ ගිවිසුම්ගත වී තිබෙන්නේ, නවීකරණය කරන ලද Dragon යානයක් භාවිතයෙන් ISS මධ්‍යස්ථානය පාලනයකින් යුතුව පැසිෆික් සාගරයට කඩා වැටීමට සැලැස්වීමටයි. නමුත් මේ සැලසුම් නුදුරු අනාගතයේ වෙනස් වෙන්න ඉඩ තියෙනවා.
ISS මධ්‍යස්ථානයෙන් පසු කුමක් සිදුවේද? NASA ආයතනය සැලසුම් කළේ ISS වෙනුවට commercial stations ආදේශ කිරීමටයි. නමුත් එම ව්‍යාපෘතිවල කාලය නිශ්චිත නැතිවීම නිසා මේ සැලසුම් වෙනස් වීමට හෝ තව කල් යාමට ඉඩ තිබෙනවා.

NASA ආයතනය මෑතකදී, ගගනගාමීන් 7 දෙනෙකුගෙන් යුත් permanent crews පිළිබඳ සැලසුම් වෙනුවට, වරකට ගගනගාමීන් 4 දෙනෙකුගෙන් සමන්විත month-long visits සඳහා පමණක් පහසුකම් සැලසීමට බලාපොරොත්තු වෙන බව සඳහන් කර තිබෙනවා.
ඇතැමුන් දැනටමත් ප්‍රශ්න කරන්නේ "ඇත්තෙන්ම අපට මිනිසුන් අභ්‍යවකාශයේ රඳවා තැබීම අවශ්‍ය ද?" යන්නයි. මන්දයත්, කාර්ය මණ්ඩලයේ වැඩි කාලයක් ගතවන්නේ මධ්‍යස්ථානය maintaining කිරීමටයි. Varda වැනි සමාගම් පෙන්වා දී ඇත්තේ, මිනිසුන් නොමැතිව "without meatbags" අභ්‍යවකාශයේ නිෂ්පාදන කටයුතු සාර්ථකව කළ හැකි බවයි.
කෙසේ වෙතත්, වසර 25ක් පුරා, සෑම විනාඩි 90 කට වරක් පෘථිවිය වටා කක්ෂගත වන යමෙකු සිටී යන හැඟීමට මනුෂ්‍යත්වය පුරුදු වී ඉන්නවා. ISS මධ්‍යස්ථානය විශ්‍රාම යාමත් එක්ක, එම නොකඩවා පැවති human presence එක, අඩුම තරමින් තාවකාලිකව හෝ අවසන් වේවි.
