කතා මාලාවේ වගේම තරඟ නීති මෙතනදීත් අදාළ වෙනවා. තරඟයෙන් ඉවත් නොවී Red Light, Green Light game එක දිනන්න ඔබටත් පුළුවන් ද?


Squid Game කතා මාලාවේ දෙවැනි season එක පසුගිය 26 වෙනිදා Netflix streaming සේවාව ඔස්සේ විකාශය ආරම්භ කෙරුනා. 2021 වසරේ විකාශය වූ මෙහි පළමු කතා මාලාවට ඉතාම හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණු බව ඔබට මතක ඇති. 

Squid Game season 2 නිකුත් වීමට සමගාමිව Google Search එකෙන් Easter egg එකක් ඇතුලත් කරන්න කටයුතු කරලා තියෙනවා. 

Squid Game හි Red Light, Green Light game එක, Google search එකෙන් ක්‍රීඩා කරන්න අවස්තාව

ඔයාට මතක ඇතිනේ කතා මාලාවේ බොහොම මතක හිටින වගේම ත්‍රාසජනක ක්‍රීඩාවක් වුන Red Light, Green Light game එක, මෙන්න මේ ක්‍රීඩාව අනතුරු රහිතව කිසිම software එකක් නැතුව නොමිලේම ඔයාගේ වෙබ් බ්‍රව්සර් එකේම play කරන්න අවස්ථාව ලබා දීල තියෙනවා.

ඔබට කරන්න තියෙන්නේ Google Search එකෙ Squid Game කියලා search කරන්න විතරයි. ඊට පස්සේ ඔයාට Squid Game වෙත ආරාධනා කරමින් ලැබෙන “Invitation card” එක තිරයේ පහලින් දැකගන්න ලැබෙනවා. එය click කල සැනෙන් තරඟය ආරම්භ වෙනවා. 

squid-game-google-search-mobile.webp
ඔබේ ජංගම දුරකතනයෙන් වුනත් මෙය ක්‍රීඩාකරන්න ඔබට පුළුවන්.

කතා මාලාවේ වගේම Young-hee නම් වූ දැවැන්ත බෝනික්කා වගේම මුහුණු වසාගත් ආරක්ෂකයන් දෙදෙනෙකුත්, green tracksuits ඇඳගත් ක්‍රීඩකයන් 6 දෙනෙකුත් මෙහිදී ඔබට දැකගන්න ලැබෙනවා. 

ඔබට කරන්න තියෙන්නේ  Green light අවස්ථාවේදී "O" button එක සහ "X" button එක භාවිත කරමින් මේ ක්‍රීඩකයන් ජයග්‍රාහී සීමාව වෙත රැගෙන යන්න.