Spotify කියන්නේ තවමත් ලෝකේ හැම රටකටම ලබා දෙන සේවාවක් නෙවෙයි කියලා අපි හැමෝම වගේ දන්නවා. ඉතින් මේ හේතුව නිසා ගොඩක් අය eBay එකෙන් Spotify family packages විකුණන්න/මිලදී ගන්න කටයුතු කරන නමුත් ඒ අයට මේ news එක නම් ටිකක් නරක ආරංචියක් වේවි.
Update: 29/09/2018
techcrunch වෙබ් අඩවිය වාර්ථා කරන පරිදි GPS හරහා ලිපිනය තහවුරු කිරීමේ ක්රියාවලිය නැවැත්වීමට Spotify ආයතනය කටයුතු කර තිබෙනවා.
විශේෂයෙන්ම මේ සේවාව ලංකාව වගේ රටවල් වලට තවමත් ලබා නොදෙන නිසා, ලංකාවේ Spotify භාවිතා කරන බොහෝ දෙනා කරන්නේ මාසයකට හෝ කිහිපයකට subscription එකක eBay එකෙන් මිලදීගෙන භාවිතා කරන එකයි.
මේ eBay එකේ විකුණන්න තියන ගොඩක් Spotify subscriptions අයත් වෙන්නේ Spotify family subscription කියන ඝනයටයි. ඒ කියන්නේ තමන්ගේ පවුලේ අයත් එක්ක share කරගෙන Music අහන්න තමයි මේ subscription එක හරහා ඉඩ ලබා දීලා තියෙන්නේ.
මේ විදිහට family subscription එකක් share කරගෙන භාවිතා කරනවා නම්, ඒ අය ඇත්තටම පවුලේ අයද කියලා හඳුනාගැනීම සඳහා තමන්ගේ නිවසේ ලිපිනය GPS හරහා සනාථ කරන ලෙස ඉල්ලා සිටිමින් Spotify සමාගම තම පාරිභෝගිකයන් වෙත email මගින් නිවේදනයක් නිකුත් කිරීමට කටයුතු කර තිබෙනවා.
මෙලෙස තමන් සිටින ස්ථානය GPS හරහා සනාථ කිරීමට අපොහොසත් වන්නේ නම්, අදාල subscription එක තවදුරටත් භාවිතා කිරීමට හැකියාව නොලැබෙන අතර අඩු මුදලට මිතුරන් අතරේ Spotify සේවාව share කරගෙන භාවිතා කරන අය හඳුනාගැනීමට ඔවුන් මෙම ක්රියා පිළිවෙත අනුගමනය කිරීමට තීරණය කර තිබෙනවා.
@Spotify Why do you need my GPS location to continue offering me a "Premium discount"? I pay for the family plan and it should not matter where my family lives. Will you cancel my account if my family gets too far from each other? #wtf #fail pic.twitter.com/HauQtHXSUA
— suck (@unaligned) September 18, 2018
මේ ප්රවෘත්තිය අැහුවම හැමෝටම හිතට එන ප්රශ්නයක් තමයි "හොඳයි, අපේ පවුලේ අය එකම ගෙදර නෙවෙයි නම් ජීවත් වෙන්නේ?" කියන එක. ඒ වෙනුවෙනුත් Spotify සමාගම ඔවුන්ගේ terms & conditions වල විශේෂයෙන්ම සඳහන් කර ඇති බව තවත් පාරිභෝගිකයෙකු හට Twitter මගින් පිළිතුරු දෙමින් පවසා සිටිනවා.
Hey there! To be eligible for our Premium for Family plan, all family members must live at the same location. This can be found in our T&Cs: https://t.co/FboM1TdN4Y. Let us know if you need anything else /WC
— SpotifyCares (@SpotifyCares) September 21, 2018
කොහොම නමුත් තවමත් මේ message එක සෑම Spotify භාවිතා කරන්නෙකුටම යැවීමට කටයුතු කර නොමැති බව පෙනෙන්නට තිබෙන අතර, මෙලෙස සනාථ කරන ලෙස බල කරන ලද පාරිභෝගිකයන්ගේ නොමද දෝෂ දර්ශනයට ද Spotify සමාගම ලක් වී තිබෙනවා.
මේ ගැන වැඩි විස්තර Quartz වෙබ් අඩවියෙන් සහ theverge වෙබ් අඩවියෙන් දැනගන්න අවස්ථාව තිබෙනවා.