මේ වනවිට, Spotify සමාගමෙහි අපේක්ෂාව වී ඇත්තේ ඔවුන්ගේ පරීශිලකයන් සඳහා සංගීතයට එහා ගිය සේවාවක් ලබාදීම බැවින්, subscription podcast සේවාවක් ලබාදීම කෙරෙහි ඔවුන්ගේ අවධානය යොමු වී ඇති බවට වාර්තා වෙනවා.

Andrew Wallenstein විසින් කරන ලද සමීක්ෂණයෙන් පෙන්නුම් කරන්නේ Spotify සමාගම විසින් මසකට ඩොලර් 3 සිට ඩොලර් 8 දක්වා මිල පරාසයක podcast subscription plans හතරක් හඳුන්වාදීමට සුදානම් වන බවයි.

වඩාත්ම මිල අධික plan එකට සුවිශේෂී අන්තර්ගතයන්, සමහර episodes සඳහා early access හැකියාව සහ දැන්වීම් නොමැතිව භාවිතා කළ හැකි අතර මිලෙන් අඩුම plan එකෙහි සුවිශේෂී interviews සහ episodes සඳහා ප්‍රවේශය ලබා දෙනු ඇති නමුත් මෙම plan එකෙහි ads play ‍වන බවටද ඔහු විසින් සඳහන් කරනවා.

Spotify වල subscription podcast plans, premium music subscription වලට සම්බන්ධයක් නොමැති අතර එය මසකට ඩොලර් 9.99 සිට ආරම්භ වන බවට සඳහන් වෙන නමුත් දැනට, දහස් ගණනක් වන podcasts සඳහා නොමිලේ access කිරීමට Spotify හරහා හැකියාව ලබාදෙනවා.

Spotify සමාගම විසින් පසුගිය වසර කිහිපය තුළ podcast සිය platform එකෙහි ප්‍රධාන කොටසක් බවට පත් කිරීමට කටයුතු කළ අතර විශේෂයෙන්ම මේ සඳහා Michelle Obama සහ Joe Rogan සමඟ සුවිශේෂී ගිවිසුම් අත්සන් කර ඇති බවට වාර්ථා වෙනවා.

Spotify: Listen to new music and play podcasts - Apps on Google Play
With Spotify, you can listen to music and play millions of songs and podcasts for free. Stream music and podcasts you love and find music - or your next favorite song - from all over the world. • Discover new music, albums, and podcasts• Search for your favorite song, artist, or podcast• Enjoy mu…
මේ පිළිබඳ වැඩි විස්තර දැන ගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය සහ The Verge වෙබ් අඩවිය භාවිතා කරන්න.