ගමන් වියදම් බෙදාගෙන යන rideshare පහසුකම් Taxi සේවා වලින් ඔබ්බට ගිහින් දැන් අභ්‍යවකාශ යානා වලටත් තියෙනවා.
අද දවසේ (15) පෞද්ගලික සමාගම් දෙකක් විසින් නිර්මාණය කරන ලද Firefly Aerospace සමාගමේ Blue Ghost සහ ජපන් ispace සමාගමේ Resilience යන යානා දෙක ෆ්ලොරිඩා හි කැනවරල් අර්ධද්වීපයේ පිහිටි NASA ආයතනයේ Kennedy Space Center (KSC) සිට SpaceX හි Falcon 9 රොකට්ටුව මගින් අභ්‍යවකාශ ගත කෙරුණා. මෙය චන්ද්‍ර ගවේෂණයේ සැලකිය යුතු සන්ධිස්ථානයක් ලෙස සලකන්න පුළුවන්.
විශේෂයෙන්ම Blue Ghost යානය NASA ආයතනයේ Commercial Lunar Payload Services (C.L.P.S) වැඩසටහනේ කොටසක් වන අතර, එමගින් පර්යේෂණ උපකරණ 10ක් චන්ද්‍රයා වෙත ගෙන යනු ලබනවා. මෙම උපකරණ මගින් NASA ආයතනයේ Artemis වැඩසටහන යටතේ අනාගතයේදී චන්ද්‍රයා වෙත මිනිසුන් යැවීමේ මෙහෙයුම් සඳහා අත්‍යවශ්‍ය තොරතුරු රැස් කිරීමට අපේක්ෂා කෙරෙනවා.
Firefly Aerospace සමාගම පිහිට තිබෙන්නේ ටෙක්සාස් ප්‍රාන්තයේ නිසාම මේ නම භාවිත කරන්න ඇති.
මෙය ispace සමාගමේ දෙවන චන්ද්‍ර මෙහෙයුම වන අතර, ඔවුන්ගේ පළමු Hakuto-R යානය 2023 මාර්තු මාසයේදී චන්ද්‍ර කක්ෂය වෙත ළඟා වුණත්, ගොඩබැස්සීමේ උත්සාහය අසාර්ථක වීම නිසා යානය crash වුණා.
මෙවර Resilience යානය Mare Frigoris නම් ප්‍රදේශයේ ගොඩබැස්සීමට සැලසුම් කර තිබෙනවා. එහි ප්‍රධාන කාර්යය වන්නේ Tenacious නම් කුඩා moon rover යානය මගින් චන්ද්‍ර පෘෂ්ඨයේ සාම්පල එකතු කිරීමයි.
2025 වසර චන්ද්‍ර ගවේෂණ මෙහෙයුම් රාශියක් සිදුවන වසරක් බව නම් කියන්නම ඕනේ. Intuitive Machines සමාගම විසින් සාර්ථකව සිදුකළ Odysseus මෙහෙයුමෙන් පසු, ඔවුන්ගේ IM-2 මෙහෙයුම ලබන මාසයේදී ආරම්භ කිරීමට නියමිතයි. ඒවගේම, වසර අවසානයේදී IM-3 මෙහෙයුම සහ Astrobotic සමාගමේ Griffin Mission One යන මෙහෙයුම් ද සැලසුම් කර තිබෙනවා.
එක් රොකට්ටුවක චන්ද්‍ර යානා දෙකක් - අනපේක්ෂිත සංයෝගයක්
SpaceX සමාගමේ සැලසුම් කිරීම් අනුව සිදුවූ මෙම අනපේක්ෂිත සංයෝගය Firefly හෝ Ispace සමාගම් විසින් කලින් සැලසුම් කර තිබුණු එකක් නොවන බව තමයි දැනගන්න ලැබෙන්නේ.
Firefly සමාගම තම Blue Ghost යානය චන්ද්‍රයා වෙත යැවීම සඳහා Falcon 9 launch එකක් මිලදී ගෙන තිබූ අතර, මේ කාලයෙදේම Ispace සමාගම තම දෙවන සඳ ගමනේ පිරිවැය අඩු කර ගැනීම සඳහා තම Resilience යානය ද්විතීයික බර (secondary payload) ලෙස එම දිශාවට යන rocket එකක launch කරන ලෙස ඉල්ලා තිබෙනවා. සරළව කිව්වොත් rideshare එකක්.
“It was a no-brainer to put them together,” Julianna Scheiman
SpaceX හි නාසා විද්‍යාත්මක මෙහෙයුම් අධ්යක්ෂ Julianna Scheiman පැවසූ පරිදි මෙය "කිසිදු පැකිලීමකින් තොරව සරලව ගත් තීරණයක්".
Blue Ghost හි නව තාක්ෂණික පිම්ම
Firefly Aerospace සමාගම මෑත වසරවල බිහිවූ නව අභ්‍යවකාශ සමාගම් අතරින් එකක්. Blue Ghost යානය චන්ද්‍රයාගේ Mare Crisium ප්‍රදේශය වෙත ගොඩ බැස්සවීමට නියමිතයි.
ඔවුන් Alpha නම් කුඩා රොකට්ටුවක් නිර්මාණය කර කිහිප වතාවක්ම launch කළා. 2023 වසරේදී ඔවුන් United States Space Force වෙනුවෙන් දින කිහිපයක් තුළ උපකරණ සූදානම් කර payload එකක් launch කිරීමේ ඔවුන් සතුව ඇති හැකියාව පෙන්නුම් කළා.
NASA ආයතනය මෙම මෙහෙයුම සඳහා ඩොලර් මිලියන 101.5ක මුදලක් ගෙවනු ලබන අතර, එමගින් චන්ද්‍ර පෘෂ්ඨයේ සිට අභ්‍යන්තරය දක්වා තාප ප්‍රවාහය මැනීමේ Drill යන්ත්‍රයක්, විදුලි ධූවික ආවරණයක්(lectrodynamic dust shield) සහ එක්ස්-කිරණ කැමරාවක් (X-ray camer) ඇතුළු උපකරණ 10ක් ගෙන යනු ලබනවා.
Ispace හි දෙවන උත්සාහය Resilience
Ispace සමාගමේ පළමු Hakuto-R Mission 1 යානය Atlas crater එක (ඇට්ලස් ආවාටය) අසල ගොඩබැස්සීමට උත්සාහ කළ නමුත්, මෘදුකාංග දෝෂයක් හේතුවෙන් අසාර්ථක විය.
Resilience යානය මූලික වශයෙන් එම යානයේම නිර්මාණයක් වුවද, එහි වෙනස් උපකරණ සවි කර ඇත. මෙහි ප්‍රධාන උපකරණ අතර ජපානයේ Takasago Thermal Engineering සමාගමේ ජල විච්ඡේදන පරීක්ෂණයක් සහ Ispace හි යුරෝපීය අනුබද්ධිත සමාගම විසින් නිර්මාණය කරන ලද Tenacious නම් කුඩා රෝවර් යානයක් ඇතුළත් වේ.
ග්‍රීක මිථ්‍යා කථා වල එන ප්‍රකට ප්‍රමාණයෙන් විශාල ටයිටන් වරයෙක් වන ඇට්ලස් ගේ නමින් තමයි නම්ව තිබෙන්නේ.
චන්ද්‍ර ගමන් මාවත් සහ කාල රාමුව
Blue Ghost යානය මාර්තු 2 වන විට චන්ද්‍රයා වෙත ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර ම, දින 25ක් පෘථිවිය වටා කක්ෂගත වී සිට, දින 4ක චන්ද්‍ර ගමනක් ආරම්භ කිරීමට නියමිතයි. ඉන්පසු දින 16ක් චන්ද්‍ර කක්ෂයේ ගමන් කර තමයි ගොඩබැස්සීම සිදු වෙන්නේ.
Resilience යානය තරමක් දීර්ඝ එත් energy-efficient මාර්ගයක් ඔස්සේ කාලයක් මාස 4-5ක් තුළ Mare Frigoris ප්‍රදේශයේ ගොඩබැස්සීමට නියමිතයි. කොහොම වෙතත්, පෙබරවාරි මාසයේ launch කිරීමට නියමිත Intuitive Machines සමාගමේ යානය ඉතාම කෙටි මාවතක් ඔස්සේ මෙම යානා දෙකටම පෙර චන්ද්‍රයා වෙත ළඟා වෙන්න තමයි සැලසුම් කර තිබෙන්නේ.
NASA ආයතනය SpeceX වැනි පෞද්ගලික සමාගම් සමඟ හවුල් වීමෙන් අඩු පිරිවැයකින් වැඩි Payload එකක් චන්ද්‍රයා වෙත යවන්න වගේම, Commercial Lunar Payload Services (C.L.P.S) වැඩසටහන වගේ ව්‍යාපෘති එක්ක commercial lunar exploration industry එකක් නිර්මාණය කරන්නත් උත්සහ දරනවා.
පෞද්ගලික සමාගම් විසින් මෙහෙයවනු ලබන මෙවැනි මෙහෙයුම් මගින් අභ්‍යවකාශ ගවේෂණයේ පිරිවැය අඩු කිරීමටත්, නව තාක්ෂණික නවෝත්පාදන බිහි කිරීමටත් නුදුරේදීම හැකියාව ලැබේවි.
මෙම සියලු මෙහෙයුම් මගින් චන්ද්‍රයා පිළිබඳ අපේ දැනට තියෙන දැනුම වැඩි දියුණු කරගන්න හැකිවේවි. ඒ වගේම අනාගත මානව චන්ද්‍ර ගවේෂණ මෙහෙයුම් සඳහා මේ මෙහෙයුම් ඔස්සේ ලබාගන්න දත්ත පාර කපාවි.
මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා space.com වෙබ් අඩවිය සහ nytimes.com වෙබ් අඩවිය භාවිතා කළ හැක.