Sony සමාගම විසින් ඔවුන්ගේ PlayStation 5 event එක ඊයේ දිනයේ පැවැත්වීමට නියමිත වන බව අපි ඔබව මීට පෙර දැනුවත් කළා මතක ඇති.

Sony PlayStation 5 event එක අද දින පැවැත්වීමට Sony සමාගම සූදානම් වෙයි
Sony සමාගම විසින් පසුගිය ජුනි 4 වැනි දින පැවැත්වීමට නියමිතව තිබූ තමන්ගේPlayStation 5 event එක George Floyd ගේ අභාවය නිසා ලොව පුරා සිදුවන විරෝධතාහේතුවෙන් කල් දැමීමට පියවර ගනු ලැබුවා. මේ වන විට ඔවුන්ගේ නිළ Blog එක හරහා නිවේදනයක් නිකුත් කරමින්[https://blog.playstation.com/2020/06/08/updated-time-this-thursday-see-the-future-of-gaming-on-ps5/…

සැළසුම් කර තිබුණු පරිදි මේ event එක අතරතුරදී Sony සමාගම විසින් ඔවුන්ගේ next-generation PlayStation console එක එළිදැක්වීමට කටයුතු කෙරුණු අතර, මෙවර optical drive එකක්, එහෙමත් නැතිනම් Blue-ray drive එකක සහිත සාමාන්‍යය PlayStation එකට අමතරව කිසිඳු optical drive එකක් නොමැති, එනම් digital edition එකක් ද නිකුත් කිරීමට කටයුතු කරනු ලැබුවා.

මේ Play Station 5 Digital Edition එක තුල සාමාන්‍යය සංස්කරණයේ ඇති optical drive එක ඇතුලත් නොවන නිසාවෙන්, එය මිලෙන් අඩු වනු ඇති නමුත්, Sony සමාගම විසින් තවමත් මෙහි මිළ ගණන් පිළිබඳව හෝ වෙළඳපොලට නිකුත් කරනු ලබන දිනයක් පිළිබඳව නම් කිසිඳු තොරතුරක් වාර්ථා කිරීමට කටයුතු කරනු ලැබුවේ නැහැ.

View post on imgur.com

මේ අලුත් console එක eight-core AMD Zen 2 CPU එකකින් ද, custom AMD RDNA 2-based GPU එකකින් ද සමන්විත වන අතර variable frequiencies හරහා CPU එක සහ GPU එකට teraflops 10.28ක computation power එකක් ලබාගැනීමට මේ හරහා හැකියාව ලැබෙනවා.

මීට අමතරව ‍825GB SSD එකක් මෙයට අන්තර්ගත වන අතර එහි speed එක 5.5GB/s, එනම් තත්ත්පරයට ගිගාබයිට් 5.5ක් පමණ වෙනවා. කොහොම නමුත් මේ speed එක ලබාගැනීමට නම් සියළුම games මේ internal SSD එක තුළ පහණක් install කළ යුතු බව Sony සමාගම පෙන්වා දෙනවා.

මේ PlayStation 5 console එක 8K දක්වා graphics සඳහා සහාය දැක්වීම ද, 4K graphics වලට 120Hz refresh rate එකක් ලබාදීමට ද සමත් වන අතර 3D audio සඳහා ද සහාය දක්වනු ලබනවා.

එමෙන්ම මෙම version දෙක සඳහාම Duel Sence Remote controls මෙන්ම, HD Camera, 3D Wireless headset හා streaming box එකක් ලෙස භාවිතා කිරීමට පහසු කරවන Media Remote Control එකක්ද මීට ඇතුලත් කර තිබෙනවා.

මීට අමතරව Sony සමාගම විසින් Marvel's Spider-Man: Miles Morales, Horizon Forbidden West, Gran Turismo 7, Ratchet & Clank: Rift Apart, Resident Evil Village, NBA 2K21, Deathloop, Hitman III ඇතුළු තවත් අලුත් Game රාශියක්ම හඳුන්වා දී ඇති අතර GTA V වැනි Game සඳහා අලුත් improvements ද නිකුත් කිරීමට සැලසුම් කර තිබෙනවා.

කෙසේ වුවත් පෙර සඳහන් කළ ආකාරයට, මෙම උපාංගය නිකුත් වන කාලරාමුවක් හෝ මිල ගණන් පිළිබඳව තොරතුරු වාර්තා නොවන නමුත් බොහෝ විට එය 2020 වසර අග දී නිකුත් වනු ඇති බව මෙන්ම $800 ක ආසන්න මිලකට මිල නියම වෙනු ඇති බවත් අනුමාන කරනු ලබනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා GSM Arena වෙබ් අඩවිය සහ The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.