Samsung සමාගම විසින් සිය ප්‍රමුඛතම Premium flagship line-up එක වෙන Note Line-up නිල වශයෙන් අතහැර දැමීමත් සමඟ 2022 වසර සඳහා නිකුත් වීමට නියමිත වූ S22 Line-up එක ගැන බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබුණා.

ඒ අනුව අප විසින් මීට පෙර ඔබව දැනුවත් කළ ආකාරයටම සැබවින්ම Note Line- up එක ඉවත් නොකර, මෙවර S22 Line-up එක, Note හා S හි සංකලනයක් ලෙස නිකුත් කිරීමට Samsung සමාගම කටයුතු කර තිබෙනවා.

Mobile Phone Industry එකට ආයුබෝවන් කියන Galaxy Note Series එක
Galaxy Note, එහෙම නැතිනම් Android mobile phone industry එකේ Big boy සම්පූර්ණයෙන්ම mobile phone industry එකෙන් සමුගන්නයි සූදානම් වෙන්නේ. ඉතින් ලොව පුරා සිටින Samsung Note පරිශීලකයන්ට බො

ඉතිං මෙවරත් සුපුරුදු ලෙස Device තුනක් නිකුත් කරන්නට Samsung සමාගම කටයුතු කළ අතර ඒවා S22, S22 Plus හා S22 Ultra ලෙස වෙනවා. ඉතිං මේ ලිපිය අප වෙන් කරන්නේ Samsung S series හි හැරවුම් ලක්ශයක් වෙන මෙම Device තුන ගැන ඔබව දැනුවත් කරන්නයි.

S22 Ultra

සම්පූර්ණයෙන්ම Note 20 Ultra දුරකතනය සිහිපත් කරවන මෙවර S22 Ultra දුරකතනය, S21 Ultra සතු නොවූ S Pen slot එකත් සමඟයි පැමිණේන්නේ.

ඒ වගේම 108mp වැඩිදියුණු කරන ලද wide lens එකක්, 10mp ක periscope telephoto lens එකක්, 10mp ක තවත් telephoto lens එකක් හා 12mp Ultrawide lens එකක් සහිත Quad camera setup එකක් මෙම සුපිරි දුරකතනය සතු වෙන අතර මෙම setup එකට 8K Videos 24fps වේගයකින් record කිරීමේ හැකියාව තිබෙනවා. එමෙන්ම මෙහි එන 108mp camera එක පසුගිය වසරේ නිකුත් කල S21 Ultra  දුරකතනය සතු වූ 108mp camera එකට වඩා වැඩිදියුණු කරන ලද්දක් බවයි සමාගම පෙනවා දෙන්නේ.

එමෙන්ම 40mp wide selfie camera එකක් ද මෙම දුරකතනය සතු වෙන අතර එයට 4k වීඩියෝ 30/60fps වේගයකින් record කිරීමේ හැකියාව තිබෙනවා.

S22 Ultra

1500 ක උපරිම nits අගයකට ලඟා විය හැකි Dynamic AMOLED 2X තිරයක් මෙම දුරකතනය සතු වෙන අතර එය, 120Hz refresh rate එකකට හා HDR10+ සඳහාද සහය දක්වනවා වගේම මෙම සුපිරි තිරය 3088 x 1440 resolution එකකින් හා 516 PPI density එකකින්ද සන්නද්ධ කර තිබෙනවා. මේ අනුව දැනට ජංගම දුරකතනයක ඇති හොඳම තිරය බවට මෙය පත්ව තිබෙන අතර ඒ නිසාම මෙම තිරය Corning Gorilla Glass Victus plus version එකෙන් ආරක්ෂා කර තිබෙනවා.

ඒ වගේම S21 Ultra සේම මෙවර 8GB (LPDDR5) RAM එකක් සහිත version එකක් මූලික Version එක ලෙස ලබා දී තිබෙන අතර, 12GB (LPDDR5) RAM එකක් සහිත version එකක්ද නිකුත් කර තිබෙනවා.

එමෙන්ම 128GB සිට 1TB දක්වා වූ පරාසයකින් Internal Storage එක තෝරාගත හැකි ලෙස මෙම දුරකතනය නිකුත් කර තිබෙනවා.

ඒ වගේම 5000mAh ක බැටරි එකක්ද ලබා දී තිබෙන අතර Samsung සමාගම විස්න් පළමු වතාවට සිය උපාංග සඳහා හඳුන්වා දෙන 45W fast charging system එකද මෙම දුරකතනය සතුයි.

ඒ වගේම මෙම S22 Ultra දුරකතනය සතු වෙන S Pen එකේ Display respond latency එක (ප්‍රමාදය) 2.8ms දක්වා අඩු කිරීමටද Samsung සමාගම කටයුතු කර තිබෙන අතර ඒ නිසාම වඩා Smooth performance එකක් මෙවර S Pen මගින් බලාපොරොත්තු විය හැකියි.

S22 හා S22 Plus

Samsung සමගම මෙවර S22 හා S22 plus වෙත පසුගිය වසරේ S21 සමඟ හඳුන්වා දුන් Design එකම ලබා දී තිබෙන අතර  S22 දුරකතනය අඟල් 6.1 ක Full HD Dynamic AMOLED තිරයක් හා S22 Plus සඳහා අඟල් 6.6 ක Full HD Dynamic AMOLED තිරයක් ලබා දී තිබෙනවා.

සුපුරුදු ලෙස මෙම තිරය Curve edges සහිත නොවන Flat එකක් ලෙස ලබා දී තිබෙන අතර සම්පුර්ණයෙන්ම bezel less feel එකක් ලැබෙන ලෙස නිර්මාණය කර තිබෙනවා.

මෙම තිරයද  Corning Gorilla Glass Victus plus version එකෙන් ආරක්ෂා කර තිබෙන අතර, S22 හා S22 Plus වෙත Glass Back එක්කද ලබා දී තිබෙනවා.

ඒ වගේම S22 Ultra හි ඇති 108MP camera lens එක S22 හා S22 Plus වෙත ලබා දී නැති අතර ඒ වෙනුවට 50mp ක wide angle lens එකක්, 12mp ක ultra wide lens එකක් හා 10mp ක telephoto lens එකක් ලබා දී තිබෙන අතර ඒ අනුව පසුගිය වසරේ නිකුත් වූ S21 සහ S21 plus වෙත එකතුව තිබූ 64mp කැමරාව මෙවර ඉවත් කර ඇති බව දැකිය හැකියි. එමෙන්ම 10mp Selfie camera එකක් මෙම මාදිලි දෙක වෙත ලබා දී තිබෙනවා.

මීට අමතරව S22 Plus දුරකතනයද 45W Fast charging සඳහා සහය දක්වන අතර, නමුත් S22 දුරකතනය වෙත ලබා දී තිබෙන්නේ S21 එකෙහි ලෙසම 25W Fast charging සහය පමණයි. එය යම් අඩුපාඩුවක් ලෙස මෙහිදී පෙන්වා දිය හැකියි.

මෙම දුරකතන සඳහා වෙළඳපොළ අනුව Exynos 2100 4nm හෝ Snapdragon 8 Gen 1 4nm chip set සමඟ නිකුත් කරන අතර බොහෝ දුරට ශ්‍රී ලංකාවට Exynos version එක ලැබෙනු ඇති.

මෙම දුරකතන සියල්ලටම Qualcomm 3D Ultrasonic 2nd generation තාක්ෂණය එකතු කරන ලද වේගවත් in-display finger print sensor එකක් ඇතුළත් වෙන අතර, මෙම  sensor එක S21 Ultra එකට වඩා 77% කට වඩා වැඩි ප්‍රදේශයක් ආවරණය කරන අතර S21 Ultra එකට වඩා 50% ක පමණ වැඩි වේගයකින් දුරකතනය Unlock කිරීමේ හැකියාව තිබෙනවා.

ඊට අමතරව දුරකතන සියල්ලම අලුත්ම Android 12 හා OneUI 4.1 version එක සමඟින් නිකුත් වෙන අතර මිල ගණන් සැලකීමේදී S22 දුරකතනය $799 සිට ඉහළටත්, S22 plus දුරකතනය $999 සිට ඉහළටත්, S22 Ultra දුරකතනය $1,199 සිට ඉහළටත් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Samsung Newsroom වෙබ් අඩවිය සහ GSM Arena වෙබ් අඩවිය භාවිතා කළ හැක.