Google Pixel ජංගම දුරකථන මාලාවේ මීළඟ මාදිලිය වන Pixel 5 ජංගම දුරකථනය තව දින 5කින් නිළ වශයෙන් එළිදැක්වීමට නියමිත බව අපි ඔබව මීට පෙර දැනුවත් කළා මතක ඇති.

Pixel 5 ජංගම දුරකථනය මීළඟ සැප්තැම්බර් 30 වැනි දින එළිදැක්වීමට Google සමාගම සූදානම් වෙයි
පසුගිය අගෝස්තු මාසයේදී Google සමාගම විසින් ඔවුන්ගේ Google Pixel 4a ජංගම දුරකථනයඑළිදැක්වීමට කටයුතු කළ අතර, එම event එක අතරතුරදී මෙම වසර ඇතුලත තවත් Google Pixelජංගම දුරකථන ද්විත්වයක් එළිදැක්වීමට කටයුතු කරනු ලබන බව ඔවුන් ප්‍රකාශ කර සිටියා. එමෙන්ම පසුව අන්තර්ජාලයට එකතු වී තිබුණු පුවතක් අනුව Google Pi…

කොහොම නමුත් සුපුරුදු පරිදි Google Pixel ජංගම දුරකථනය නිළ වශයෙන් එළිැක්වීමට පොරොතුව එහි තොරතුරු සම්පූර්ණයෙන්ම පාහේ අන්තර්ජාලයට එකතු කිරීමට නොයෙක් පුද්ගලයින් කටයුතු කරනු ලබනවා.

මේ අනුව මෙම ජංගම දුරකථනයේ නිළ renders ගණනාවක් මේ වන විටත් අන්තර්ජාලයට එකතු වී තිබෙන අතර ඒ අතර කොළ පැහැයට හුරු මාදිලියක් ද ඇතුලත් වන බව දැකගත හැකි වෙනවා.

මේ Pixel 5 ජංගම දුරකථනයට අදාල අලුත්ම renders සියල්ලම පාහේ අන්තර්ජාලයට එකතු කිරීමට කටයුතු කර ඇත්තේ ප්‍රසිද්ධ leakster කෙනෙකු වන Evan Blass විසින් වන අතර Pixel 5 ජංගම දුරකථනයේ black සහ green යන මාදිලි ද්විත්වයටම අදාල renders මෙලෙස නිකුත් කර තිබෙනවා.

මේ ජංගම දුරකථනය mid-range chipset එකක් වන Snapdragon 765G chipset එකකින් බළගැන්වෙනු ඇති අතර මීළඟ සැප්තැම්බර් 30 වැනි දින නිළ වශයෙන් එළිදැක්වීමට Google සමාගම කටයුතු කරනු ඇති.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය, GSM Arena වෙබ් අඩවිය සහ XDA-Developers වෙබ් අඩවිය භාවිතා කළ හැක.