මෙම ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 20 ත් 30 අතර මුදලක් වියදම් වේවි කියලා දැනට ඇස්තමේන්තුගත කරලා තිබෙනවා.
ප්‍රකට ව්‍යාපාරික නායක මුකේෂ් අම්බානි (Mukesh Ambani) විසින් ලෝකයේ විශාලතම data center එක ඉන්දියාවේ Jamnagar නගරයේ ඉදිකිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වෙනවා. මෙම data center එක gigawatt 3 ධාරිතාවයකින් යුක්ත වනු ඇති අතර, එය දැනට ක්‍රියාත්මක වන ඕනෑම data center එකට වඩා කිහිප ගුණයකින් ධාරිතාව අතින් විශාලයි.
Artificial Intelligence ඉතාම වේගයෙන් වර්ධනය වන මේ කාලයේ, මෙවැනි විශාල data center එකක අවශ්‍යතාවය නුදුරු අනාගතයේදීම ඉතාම තදින් දැනීමට නියමිතයි.
Reliance Group එක මෙම ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු සමාගමක් වන Nvidia සමාගමෙන් ඉතා AI semiconductors මිලදී ගැනීමට බලාපොරොත්තු වෙන බව වාර්තා වෙනවා. මෙම ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 20 ත් 30 අතර වියදම් වේවි කියලා දැනට ඇස්තමේන්තුගත කරලා තිබෙනවා.
Jamnagar හි දැනටමත් ඉදිවෙමින් පවතින සූර්ය, සුළං සහ හරිත green hydrogen බලශක්ති ව්‍යාපෘති ඔස්සේ සම්පුර්ණයෙන් ම මෙම data center එක පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් (renewable energy) භාවිතයෙන් ක්‍රියාත්මක කිරීමට තමයි ඔවුන් සුදානම් වෙන්නේ.
බොරතෙල් පිරිපහදු කිරීමට අමතරව, මෙම සංකීර්ණය ඛනිජ රසායනික නිෂ්පාදනයේ වගේම ප්ලාස්ටික්, රෙදිපිළි සහ අනෙකුත් කර්මාන්ත සඳහා අමුද්‍රව්‍ය සපයනවා.
AI ආශ්‍රිත tools භාවිත කරන හැම අවස්ථාවකදී ම අධික ව computing power එක සහ විදුලිය වය වෙන බව ඔබ දන්නවා. එනිසාම බොහොමයක් AI ආශ්‍රිත සමාගම් ඉතාම වැඩි වශයෙන් පාඩු ලබනවා. කොහොම නමුත්, මේ ව්‍යාපෘතිය ඔස්සේ ඒ වියදම් අවම කරලා AI inferencing cost එක අඩුම රට බවට ඉන්දියාව පත් කිරීම Mukesh Ambani ගේ අරමුණයි.
Find more statistics at Statista
මෙහි photovoltaic panels, fuel cell systems, බenergy storage සහ wind turbines නිෂ්පාදනය සඳහා කර්මාන්තශාලා ස්ථාපිත කරන්න ඔවුන් බලාපොරොත්තු වෙනවා.
කොහොම වුනත්, මේ data center එක වෙත අඛණ්ඩව හා දීර්ඝ කාලීනව බලශක්ති සැපයුමක් ලබා දීමේදී renewable energy පමණක් භාවිත කිරීම ප්‍රමාණවත් වේවිද කියන ගැටලුව මතු වෙනවා.
බොහෝ විට මේ සඳහා න්‍යෂ්ටික බලාගාර, පොසිල ඉන්ධන බලාගාර හෝ විශාල බැටරි පද්ධති වැනි විකල්ප බලශක්ති මූලාශ්‍ර හෝ පොසිල ඉන්ධන වුනත් භාවිත සිදු කරන්න සිදු වේවි කියලා තාක්ෂණික ලෝකයේ දැනටම කතාබහක් ගොඩ නැගෙමින් පවතිනවා.
මෙම ව්‍යාපෘතිය සම්පූර්ණ වීමෙන් පසු ඉන්දියාවේ data center capacity එක සැලකිය යුතු ලෙස ඉහළ යනු ඇති බවට විශ්වාස කෙරෙනවා. දැනට ඉන්දියාවේ මුළු දත්ත මධ්‍යස්ථාන සියල්ලේම භාවිතාවන ධාරිතාව gigawatt 1කට අඩු මට්ටමක පවතින අතරම ලෝකයේ වැඩිම ජනගහනයක් සහිත රටක් වන ඉන්දියාවට මෙම නව data center මගින් Artificial intelligence හා බැඳුනු සේවාවන් වේගවත් ලෙස දියුණු කිරීමේ හැකියාව ලැබේවි.
McKinsey & Co උපදේශන සමාගමේ අනාවැකි අනුව, 2030 වන විට ලෝකයේ data center capacity ඉල්ලුම gigawatt 219 දක්වා තුන් ගුණයකින් පමණ ඉහළ යනු ඇත. මෙවැනි පසුබිමක, Mukesh Ambani ගේ මෙම මහා පරිමාණ ආයෝජනය ඉන්දියාව කෘතිම බුද්ධි තාක්ෂණය හා බැඳී සේවාවන් වල ප්‍රමුඛයෙකු බවට පත් කිරීමට උපකාරී වෙන බව නම් සැකයක් නැහැ.
මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා bloomberg.com වෙබ් අඩවිය සහ techcrunch.com වෙබ් අඩවිය භාවිතා කළ හැක.