8000mAh බැටරියක් සහිත Flagship දුරකතනයක් 2025දී Realme වෙතින්?

Realme කියන්නේ ලෝකයේ ජංගම දුරකථන සන්නාම අතර ඉතා ඉහලින් තමන්ගේ නම රඳවාගෙන ඉන්න සමාගමක්. 2023 වසර වෙනකොට Realme ජංගම දුරකථන වෙළඳපොලින් 3.94% ක් තමන් සතු කර ගන්නත් උපාංග මිලියන 200 කට අධික ප්‍රමාණයක් වෙළඳපොල වෙත නිකුත් කරන්නත් සමත් තිබෙනවා. 

තරමක් වැඩි බැටරි ධාරිතාවයක් සහිත උපාංග නිපදවන සමාගමක් ලෙස Realme තාක්ෂණික ලෝකයේ නමක් උසුලනවා. එළඹෙන 2025 වසරේදී 8,000mAh ක ධාරිතාවයක් සහිත flagship උපාංගයක් එළිදැක්වීමට Realme සමගම සුදානම් වෙන බවට දැන් තාක්ෂණික ලෝකය දෙසින් ආරංචි පළවෙනවා. 

මෙතෙක් නිෂ්පාදනය වූ සිහින්ම Apple දුරකථනය iPhone 17 Slim වෙයි ද ?
පසුගිය සැප්තැම්බරයේ වෙළඳපොළට නිකුත් වුණ නවතම Apple iPhone 16 මාදිලි වල උණුසුම පහ වෙන්නටත් කලින් එළඹෙන 2025 වසරේ අග භාගයේ නිකුත් වේ යැයි අනුමාන කෙ

ගෙවීයන 2024 වසරේ ඔවුන් නිකුත් කල flagship උපාංගය Realme GT 7 Pro සතුව පවතින්නේ 6,500mAh ක ධාරිතාවයක් සහිත බැටරියක්.  මේ අවුරුද්දේ නිකුත් වූ බොහොමයක් flagship උපාංග වල බැටරි ධාරිතාවයන් හා සසඳද්දී මෙය ඉතාම වැඩි බව කියන්න ඕනේ. ඒවගේම Realme GT 7 Pro දුරකථනය 120W charging සඳහා සහය දක්වනවා. 

Company Flagship Device for 2024 Battery Capacity
Apple iPhone 16 Pro Max 4,685 mAh
Samsung Galaxy S24 Ultra 5,000 mAh
Xiaomi Xiaomi 14T Pro 5,000 mAh
Vivo Vivo X100 Pro 5,400 mAh
Oppo Oppo Find X8 Pro 5,910 mAh

කොහොම වුනත් ඔවුන් ගේ මේ high-capacity batteries දුරකථන වෙත එක කරන්න තිබෙන උවමනාව නිසාම එළඹෙන 2025 වසරෙදි ඔවුන් නිකුත් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න උපාංගය වෙනුවෙන් දැන්ම පරික්ෂණයන් අරඹා තිබෙන බව දැනගන්නට ලැබෙනවා. 

微博
随时随地发现新鲜事!微博带你欣赏世界上每一个精彩瞬间,了解每一个幕后故事。分享你想表达的,让全世界都能听到你的心声!

Weibo හි Digital Chat Station නම් ගිණුම ඔස්සේ මේ දත්ත අන්තර්ජාලයට leak වෙලා තිබෙනවා

Weibo හි Digital Chat Station නම් ගිණුම ඔස්සේ මේ දත්ත අන්තර්ජාලයට leak වෙලා තිබෙන බව  Android Authority ලිපියක් ඔස්සේ අනාවරණය කර තිබුණා.  ඔවුන්ට අනුව Realme සමාගම බැටරි ධාරිතාවයන් තුනක් පිලිබඳ පරීක්ෂණ කරමින් ඉන්නවා. 

  •  7,000mAh battery with 120W fast charging, achieving a full charge in 42 minutes.
  • A 7,500mAh battery with 100W fast charging, achieving a full charge in 55 minutes.
  • An 8,000mAh battery with 80W fast charging, achieving a full charge in 70 minutes.

Realme සමාගමට දැන් ලොකු තීරණ කිහිපයක් ම ගන්න තියෙනවා. ඒ ලබන අවුරුද්දේ ඔවුන්ගේ flagship උපාංගය වෙනුවෙන් භාවිත කරන්නේ කුමන බැටරි ධාරිතාවයද යන කාරනාව වගේම ඔවුන් මේ flagship උපාංගය වෙනුවෙන් භාවිත කරන නම පිළිබඳවයි.  

Digital Chat Station ගිණුමට මේ ගැන නම් හරි තොරතුරක් නිකුත් කරන්න තවම බැරි වෙලා තියෙනවා.  බොහෝ විට 2025 වසරේ Realme flagship උපාංගය Realme GT 8 Pro ලෙස නම් වේවි කියලා androidcentral වෙබ් අඩවිය විශ්වාස පල කරලා තියෙනවා. 

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා androidauthority.com වෙබ් අඩවිය සහ notebookcheck.net වෙබ් අඩවිය භාවිතා කළ හැක.