Qualcomm සමාගම විසින් Snapdragon 875 chipset එක මෙම වසරේ දෙසැම්බර් 1 වැනි දින එළිදැක්වීමට සූදානමින් සිටින බව අපි ඔබව මීට පෙර දැනුවත් කර තිබෙනවා ඔබට මතක ඇති.

කොහොම නමුත් මේ chipset එක Snapdragon 875 ලෙසින් නම් නොකර, ඒ වෙනුවට Snapdragon 888 ලෙස නම් කර, නියමිත වූ පරිදි දෙසැම්බර් පළමුවැනිදා ඔවුන්ගේ Tech Summit Digital 2020 event එක අතරතුරදී නිවේදනය කිරීමට Qualcomm සමාගම කටයුතු කරනු ලැබුවා.
Introducing the #Snapdragon 888 #5G Mobile Platform. Packing next-generation #AI, gaming, and camera features, it transforms smartphones into pro-quality cameras, smarter digital assistants, and elite gaming rigs. pic.twitter.com/CsR0A8GGgB
— Qualcomm (@Qualcomm) December 1, 2020
Snapdragon 800 series එකේ අනෙකුත් chipset වලින් වෙනස් වී, 5nm process එකක් යටතේ නිෂ්පාදනය කරනු ලබන මෙම Snapdragon 888 chipset එක 3rd generation 5nm Snapdragon X60 5G Moderm එකකින් සමන්විත වෙනවා.
මේ නිසා මෙය 5G Chipset එක ලොවපුරා තිබෙන mmWave හා Sub-6 Bands සඳහා මෙන්ම multi-SIM, SA සහ NSA networks සහ Dynamic Spectrum Sharing සඳහාද සහය දක්වන බව Qualcomm සමාගම පෙන්වා දෙනවා.

6 වන පරම්පරාවේ (6th Generation) ෂඩාස්රාකාර powerful AI Engine එකකින් සන්නද්ධ කර තිබෙන මෙම chipset එක AI හැකියාවන්ගෙන් සැලකිය යුතු වර්ධනයක් ළඟාකර දෙන අතර එය TOPS, එනම් තත්පරයට Tera Operation 26 ක් තරම් විශාල ප්රමාණයක් සිදු කිරීමට සමත් වෙනවා.
එමෙන්ම මෙම Snapdragon 888 5G chipset එකට ඇතුළත් කර තිබෙන 2nd generation Qualcomm Sensing Hub එක නිසා AI Operation සඳහා වැයවන බැටරි ධාරිතාවය අඩු කර ගැනීමටද හැකියාව ලැබෙනවා.
Finally, we built the #Snapdragon 888 #5G Mobile Platform to enable you to take pro-level photos and videos. With our new gigapixel ISP, you can capture photos and videos at 2.7 gigapixels per second, or 120 photos at 12 MP resolution in 1 second. 📷 💪 #SnapdragonSummit pic.twitter.com/QxnHk9npHl
— Qualcomm (@Qualcomm) December 1, 2020
එමෙන්ම ඡායාරූපකරණ හැකියාවන් ගැන කතා කිරීමේදී, එහි gigapixel speed එකක් ලබාදෙන Spectra ISP moderm එක මඟින් තත්පරයට gigapixel 2.7 ක shutter speed එකක් ලබා දෙන අතර, එනම් එය ආසන්න වශයෙන් තත්පරයට 12mp ක ඡායාරූප 120 ක් පමණ ග්රහණය කර ගැනීමේ හැකියාවකින් යුක්ත වෙනවා .
මෙම අද්විතීය ඡායාරූප හැකියාව මීට පෙර නිකුත් කළ Snapdragon series එකේ Snapdragon 865 chipset එක සමඟ සැසඳීමේදී 35% ක වැඩි කාර්යක්ෂමතාවයක් වන බව Qualcomm සමාගම පෙන්වා දෙනවා.

මෙම සුපිරි chipset එක භාවිත කොට ජංගම දුරකතන නිකුත් කිරීම සඳහා මේ වන විට ජනප්රිය දුරකථන සමාගම රැසක් සූදානමින් සිටින අතර Samsung, Sony, Asus, Blackshark, Lenovo, LG, Meizu, Motorola, Nubia, Realme, Oneplus, Oppo, Sharp, Vivo, Xiaomi, ZTE යන සමාගම් ඒ අතර වෙනවා.
මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා GSM Arena වෙබ් අඩවිය, Gizmochina වෙබ් අඩවිය සහ Android Authority වෙබ් අඩවිය භාවිතා කළ හැක.