මේ වන විට ජංගම දුරකථන වල සිට ඔරලෝසු, ‍TV, ‍Car මෙන්ම Microwave Owen වැනි අප භාවිතා කරනු ලබන බොහෝමයක් උපාංග වල Android Operating system එක විවිධ ආකාරයෙන් ස්ථාපනය කිරීමට කටයුතු කර තිබුණත්, iPhone එකක Android ස්ථාපනය කිරීම එතරම් පහසු කටයුත්තක් වුණේ නැහැ.

කොහොම නමුත් මේ වන විට Project Sandcastle නම් වූ ව්‍යාපෘතියක් හරහා iPhone මත Android මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කර භාවිතා කිරීමේ හැකියාව ලබාදීමට හැකි ක්‍රමයක් එළිදැක්වීමට කටයුතු කර ඇති බව වාර්ථා වෙනවා.

Android 10 running on an iPhone 7

මීට වසර 10 කට පමණ පෙර Linux on iPhone නම් වූ ව්‍යාපෘතියක් හරහා පළමුවැනි iPhone එක මත Android ස්ථාපනය කිරීමට උත්සාහ කළ David Wang සහ Chris Wade යන දෙදෙනාගේම ව්‍යාපෘතියක් වන මේ Sandcastle ව්‍යාපෘතිය මේ වන විට iPhone 7 සහ iPhone 7 Plus යන ජංගම දුරකථන වල භාවිතා කළ හැකි beta සංස්කරණයක් නිකුත් කිරීමට ද සමත් වී තිබෙනවා.

Project Sandcastle
IT’S ANDROID. FOR THE IPHONE.
නිළ Project Sandcastle වෙබ් අඩවිය
iPhone සහ iPod Toch මාදිලි වන දැනට ක්‍රියාත්මක වන functions

දැනට iPhone 7 සහ 7+ වල පමණක් මෙය භාවිතා කළ හැකි වුවත්, iPhone SE වල සිය iPhone X දක්වා devices සඳහාත්, iPod Touch 6G සහ 7G යන devices සඳහාත් මෙම වැඩසටහන පුළුල් කිරීමට ඔවුන් බළාපොරොත්තු වෙනවා.

ඔබ සතුව iPhone 7 හෝ iPhone 7 Plus ජංගම දුරකථනයක් තිබෙන්නේ නම්, මෙම වැඩසටහන අත්හදාබැලීම සඳහා ඔවුන්ගේ status page එක හරහා මෙය download කරගැනීමේ හැකියාව ලබා දී තිබෙනවා.

මෙම ව්‍යාපෘතිය open source ව්‍යාපෘතියක් වන අතර අවශ්‍යය කෙනෙකුට ඔවුන්ගේ GitHub repository එක හරහා මීට අදාල source code එක ලබාගෙන තමන්ගේම සංස්කරණයක් නිර්මාණය කරගැනීමට හෝ වැඩිදියුණු කිරීම් වලට සහාය ලබාදීමේ හැකියාව තිබෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Project Sandcastle වෙබ් අඩවිය, Forbes වෙබ් අඩවිය හා BGR වෙබ් අඩවිය භාවිතා කළ හැක.