Pocophone යනු Xiaomi සමාගම විසින් මීට වසර දෙකකට පමණ පෙර ආරම්භ කළ ජංගම දුරකථන brand name එකක් වන අතර ඒ යටතේ Xiaomi Pocophone F1 ජංගම දුරකථනය නිකුත් කරන්නට කටයුතු කරනු ලැබුවා.
Mid-range ජංගම දුරකථන වල මිල පරාසයන්ට සමානව මිල නියම කිරීමට කටයුතු කර තිබුණු මෙම ජංගම දුරකථනයෙහි විශේෂත්වය වූයේ Flagship ජංගම දුරකථන වලට භාවිතා කරන ලද Software සහ Hardware මේ අඩු මිළ ජංගම දුරකථනයට අන්තර්ගත කිරීමට ඔවුන් කටයුතු කිරීමයි.
ඉන්දියානු වෙලඳපොලට මුලිකව නිකුත් කල මෙම දුරකථන මාදිලිය කොතරම් ජනප්රිය වූයේද යත් නිකුත් කොට මාස තුනක් ඇතුළත ඒකක 700,000 ක් පමණ ඉන්දියාව තුළ අලෙවි කිරීමට ඔවුන් සමත් වී තිබුණා.
Excited to share: #POCO will now be an independent brand!
— Manu Kumar Jain (@manukumarjain) January 17, 2020
What started as a sub-brand within Xiaomi, has grown into its own identity. POCO F1 was an incredibly popular phone. We feel the time is right to let POCO operate on its own.
Join me in wishing @IndiaPOCO all the best.
මේ අතර Xiaomi India සමාගමේ CEO Manu Kumar Jain පවසන්නේ Poco වෙළඳ නාමය ඉදිරියේදී Xiaomi මව් සමාගමෙන් වෙන්ව ස්වාධීනව ඉදිරි කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වන බව Twitter පණිවුඩයක් නිකුත් කරමින් තහවුරු කර තිබෙනවා.
මේ අතර Pocophone හි මීළඟ මාදිලිය පිළිබඳ දැනටමත් යම් යම් තොරතුරු හෙළි වී ඇති අතර එම මාදිලිය Poco F2 ලෙසින් 2020 දී ඉන්දියානු කලාපය මුලික කරගෙන නිකුත් කිරීමට සූදානමින් පවතිනවා.
මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා GSM Arena වෙබ් අඩවිය හා Android Authority වෙබ් අඩවිය භාවිතා කළ හැක.