පසුගිය සැප්තැම්බර් 03 වැනි දින Google සමාගම විසින් Android මෙහෙයුම් පද්ධතියේ අලුත්ම සංස්කරණය වන Android 10 සංස්කරණය නිළ වශයෙන් නිකුත් කිරීමට කටයුතු කළ අතර එය Pixel ජංගම දුරකථන වලට ලබාදීමට ද කටයුතු කළා.

එමෙන්ම Essential Phone එක සඳහා මෙන්ම Xiaomi ආයතනය විසින් ඔවුන්ගේ Redmi K20 Pro ජංගම දුරකථනයට එදිනම මෙම සංස්කරණය ලබාදීමට කටයුතු කරනු ලැබුවා.
ඔන්න දැන් OnePlus ආයතනය විසින් ඔවුන්ගේ OnePlus 7 සහ OnePlus 7 Pro ජංගම දුරකථන සඳහා OxygenOS 10 සංස්කරණයෙහි stable release එකක් නිකුත් කිරීමට කටයුතු කර තිබෙන බව වාර්ථා වෙනවා.

මෙම update එක OTA update වැඩසටහන හරහා ලැබෙනු ඇති අතර OnePlus 7 සහ 7 Pro ජංගම දුරකථන පරිශීලකයන් හට තම ජංගම දුරකථන හරහාම මෙම update එක සිදු කරගැනීමේ හැකියාව පවතිනවා.

කොහොම වුණත් තවමත් සියළුම පරිශීලකයන් හට මෙය ලබාදීමට කටයුතු කර නොමැති අතර ඉදිරි දින කිහිපය තුලදී ක්රමයෙන් සියළුමදෙනා හට මේ update එක ලැබෙනු ඇති බව ඔවුන් පෙන්වා දෙනවා.

සැප්තැම්බර් 26 වැනි දින London වල පැවැත්වීමට නියමිත OnePlus event එක අතරතුරදී අනෙකුත් OnePlus ජංගම දුරකථන වලට Android 10 update එක ලැබෙන දිනයන් පිළිබඳව දැනුවත් කිරීමට කටයුතු කරනු ලබන බව ද ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මේ අනුව මෙම OnePlus 7 සහ 7 Pro ජංගම දුරකථන වලට අමතරව OnePlus 5/5T, OnePlus 6/6T යන ජංගම දුරකථන වලටද මෙම update එක ලබාදෙනු ඇති බවට විශ්වාස කෙරෙනවා.
මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ OnePlus Community එක හා XDA-Developers වෙබ් අඩවිය භාවිතා කළ හැක.