Wireless charging නමින් මේ වන විට වෙළඳපොලේ දැකියහැකි සෑම උපාංගයක්ම පාහේ charging mat එකකින් සමන්විත වන අතර ඒ හරහා charge කිරීමේදී වයර් අවශ්‍යය නොවුනත් දුරක තිබෙන උපාංගයක් මේ හරහා charge කිරීමේ හැකියාව නොමැති බව අපි දැනටමත් දන්නා කාරණයක්.

කොහොම නමුත් මේ වන විට Guru නමැති ආයතනයක් විසින් ප්‍රකාශ කරනු ලබන්නේ high-frequency radio waves, එහෙමත් නැතිනම් millimeter wave (mmWave) යන නමින් හඳුන්වන රේඩියෝ තරංග භාවිතා කරමින් විදුලිය සම්ප්‍රේෂණය කිරීම සිදු කළ හැකි උපාංග නිෂ්පාදනය කිරීමට ඔවුන් සමත් වී ඇති බවයි.

මේ සතියේ පැවැත්වීමට නියමිත CES, එහෙමත් නැතිනම් Consumer Electronic Show 2020 event එක අතරතුරදී මෙම තාක්ෂණය සහිත prototype ත්‍රිත්වයක් එළිදැක්වීමට ඔවුන් සූදානමින් සිටින අතර මේ උපාංග හරහා අඩි කිහිපයක් දුරින් පවතින උපාංගයක් රැහැන් රහිතව ආරෝපණය කිරීමේ හැකියාව තිබෙනවා.

Guru ආයතනයේ CEO වන Florian Bohn ප්‍රකාශ කර සිටි‍න්නේ මෙම අදහස අලුත් එකක් නොවන බවත්, සියවසකට පමණ පෙර Nokola Tesla විසින් ‍ද මෙම අදහස දැරූ අතර පසුගිය දශක කිහිපය පුරාවට රේඩියෝ තරංග සම්ප්‍රේෂණය කිරීමේ තාක්ෂණය දියුණුවීමත් සමඟින් මෙය සාක්ෂාත් කරගැනීමට ඔවුන් හට හැකි වුණු බවයි.

මෙම ආයතනයේ co-founder කෙනෙකු වන Ali Hajimiri විසින් තරංග ගමන් කරන දිශාව සහ ගමන් කරන්නට අවශ්‍යය තරංග ප්‍රමාණය පාලනය කළ හැකි තාක්ෂණයක් නිර්මාණය කිරීමට සමත්වී ඇති අතර මෙම තාක්ෂණය Smart RF Lensing නමින් patent බළපත්‍රයක් ද ලබාගැනීමට ඔවුන් කටයුතු කර තිබෙනවා.

US20140175893A1 - Smart rf lensing: efficient, dynamic and mobile wireless power transfer - Google Patents
An RF lens includes a multitude of radiators adapted to transmit radio frequency electromagnetic EM waves whose phases are modulated so as to concentrate the radiated power in a small volume of space in order to power an electronic device positioned in that space. Accordingly, the waves emitte…
Smart RF Lensing patent බළපත්‍රය

මේ තාක්ෂණය හරහා energy beams ගණනාවක් තවත් ස්ථානයක තිබෙන receiver එකකට ඉලක්ක කර යැවීමේ හැකියාව තිබෙන අතර ඊට අදාල receivers ඉතාමත් කුඩා ප්‍රමාණයට නිෂ්පාදනය කිරීමට ද මොවුන් සමත් වී තිබෙනවා.

මේ අනුව ඉදිරියේදී ජංගම දුරකථන, පරිගණක මෙන්ම IP Camera, smart home devices වැනි IoT devices charge කිරීම සඳහා මෙම තාක්ෂණය භාවිතා කිරීමේ හැකියාව ලැබෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සදහා The Verge වෙබ් අඩවිය හා නිළ Guru වෙබ් අඩවිය භාවිතා කළ හැක.