පසුගිය වසර කිහිපය පුරාවට ජංගම දුරකථන නිෂ්පාදකයන්ගේ අවධානය යොමු වී තිබුණු ප්‍රධානතම සාධකය වූයේ screen-to-body ratio එක වැඩිම ජංගම දුරකථනය නිර්මාණය කිරීම කෙරෙහි බව ඔබ දකින්නට ඇති.
කොහොම නමුත් මෙහිදී පැන නැගුණු විශාලතම ගැටළුව වූයේ screen-to-body ratio එක වැඩි කිරීමට නම් selfie camera එක, fingerprint sensor එක, proximity සහ අනෙකුත් sensors ඉවත් කිරීම හෝ ඒ වෙනුවට වෙනත් ක්‍රමයක් භාවිතා කිරීමට සිදු වීමයි.
මීට විසඳුමක් ලෙස පසුගිය වර්ෂයේ නිකුත් කළ බොහෝමයක් ජංගම දුරකථන වලට notch එකක් එකතු කිරීම සහ in-display fingerprint sensors භාවිතා කිරීමට මොවුන් කටයුතු කළ අතර, මේ වන විට එයින් ඉදිරියට පියවරක් තබමින් selfie camera එක display එක තුළට අන්තර්ගත කිරීමට Oppo සමාගම සමත් වී තිබෙනවා.
OPPO's brand new solution for full-screen display - Under-screen Camera (USC) has just been unveiled here at #MWC19 Shanghai! #MoreThanTheSeen pic.twitter.com/k5qEQ3QNta
— OPPO India (@oppomobileindia) June 26, 2019
මෙම කාර්යය සාර්ථක කරගැනීම සඳහා transparent අමුද්‍රව්‍යය භාවිතා කරමින් එම ස්ථානයේ ඇති pixel structure එක නිර්මාණය කර ඇති අතර, camera එකෙහි ඇති image sensor එක ද වෙනත් camera වලට වඩා විශාල කිරීමට මොවුන් කටයුතු කර තිබෙනවා.
Camera එකෙහි ඇති aperture එක විශාල වන තරමට, image sensor එක විසින් ග්‍රහණය කරගන්නා ආලෝක ප්‍රමාණය වැඩි වන බැවින් මේ හරහා හොඳ තත්ත්වයේ output එකක් ලබාගත හැකි බව ඔවුන් පෙන්වා දෙනවා.

මේ සඳහා display එකේ quality එක අඩු කිරීමක් සිදු කර නොමැති බවත්, camera එක පිහිටා තිබෙන ප්‍රදේශයේ ඇති touch screen එක ද සාමාන්‍යය පරිදි ක්‍රියාත්මක වන බවත් Oppo සමාගම වැඩිදුරටත් පෙන්වා දෙනවා.
එමෙන්ම camera එක ඉදිරියෙන් screen එක තිබීම නිසාවෙන් image quality එකට සිදු වන බළපෑම අවම කරගැනීම හා උපරිම තත්ත්වයේ output එකක් ලබාගැනීම සඳහා අවශ්‍යය වන algorithm නිර්මාණය කිරීමට හා වැඩිදියුණු කිරීමට ද Oppo සමාගම මේ වන විට කටයුතු කරමින් සිටින බව වාර්ථා වෙනවා.
The algorithms behind our USC technology showcased at #MWC19 include haze removal, HDR and white balance resulting in a bezel-less phone, yet with a selfie camera that rivals current smartphones in the market today. #MoreThanTheSeen pic.twitter.com/yTpWgIMLmA
— OPPO (@oppo) June 26, 2019
කොහොම නමුත් මේ තාක්ෂණය සහිත ජංගම දුරකථනයක් වෙළඳපොලට නිකුත් කිරීමට තවමත් මොවුන් කටයුතු කර නොමැති අතර prototype එකක් ලෙස නිර්මාණය කර ඇති මේ device එක ඉතාමත් ඉක්මණින්ම වෙළඳපොලට නිකුත් කිරීමට ඔවුන් බළාපොරොත්තු වෙනවා.
මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය, GSM Arena වෙබ් අඩවිය හා CNET වෙබ් අඩවිය භාවිතා කළ හැක.