OnePlus සමාගම විසින් 2021 වර්ෂයේදී smartwatch එකක් එළිදැක්වීමට සූදානම් වන බව මීට පෙර අපි ඔබව දැනුවත් කිරීමට කටයුතු කළා මතක ඇති.

ඔන්න දැන් මේ smartwatch එකට අමතරව, smartband එකක්, එහෙමත් නැතිනම් fitness tracker එකක් එළිදැක්වීමට ද සූදානම් වන බව ඔවුන්ගේ නිළ Facebook පිටුව සහ වෙබ් අඩවිය හරහා නිවේදනය කර තිබෙනවා.
නිළ තොරතුරු හරහා වාර්තා වන්නේ finess tracker එකක් එළිදැක්වීම පිළිබඳ පුවත පමණක් වුවත්, ප්රසිද්ධ leaksters දෙදෙනෙකු විසින් මෙහි specifications සහ සම්පූර්ණ ඡායාරූප ද අන්තර්ජාලයට නිකුත් කිරීමට කටයුතු කර තිබෙනවා.
Exclusive: OnePlus Band Launching on January 11 in India
— Ishan Agarwal (@ishanagarwal24) January 4, 2021
-24/7 Heart Rate + SpO2 Blood Saturation Monitoring
-Sleep Tracking
-1.1" Touch AMOLED Display
-14 Days Battery
-IP68
-13 Exercise Modes
-Around INR ₹2,499
What do you think? 😃 #OnePlus #OnePlusBand #SmartEverywear pic.twitter.com/tCLLwCrrTV
මේ අනුව IP68 rating එක මෙන්ම 14-day battery life එකකින් සහ 1.1-inch AMOLED color display එකකින් සමන්විත වනු ඇති බව විශ්වාස කෙරෙන අතර, exercise modes 13ක් සඳහා ද සහාය දක්වන බව වාර්තා වෙනවා.
Here are some more images of the OnePlus Band 😉#OnePlus #OnePlusBand pic.twitter.com/8mTL7h2eZI
— Mukul Sharma (@stufflistings) January 4, 2021
මීට අමතරව sleep tracking, 24/7 heart rate tracking මෙන්ම SpO2 (blood oxygen level) monitoring පහසුකම් වලින් ද සමන්විත වෙන මෙම fitness tracker එක ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොළර් 34ක පමණ මුදලකට මිළ නියම කෙරෙනු ඇති බව අනුමාන කෙරෙනවා.
මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා GSM Arena වෙබ් අඩවිය සහ OnePlus Pre-launch වෙබ් පිටුව භාවිතා කළ හැක.