OnePlus 7 සහ 7 Pro ජංගම දුරකථන වලට Android 10 මෙහෙයුම් පද්ධතිය ලබාදීමට OnePlus ආයතනය සූදානම් වන බව මීට පෙර අපි ඔබව දැනුවත් කළා මතක ඇති.
ඔන්න දැන්, Android 10 මත පදනම් වූ අලුත්ම OxygenOS එකේ beta සංස්කරණයක් OnePlus 6 සහ OnePlus 6T යන ජංගම දුරකථන සඳහා නිකුත් කිරීමට OnePlus ආයතනය කටයුතු කර තිබෙනවා.
මේ Android 10 beta update එක 1.7GB පමණ වන අතර මෙය flash කරනු ලබන අතරතුර අවම වශයෙන් battery ධාරිතාව 30% පමණ තිබිය යුතු වන බව ද, 3GB පමණ free storage space එකක් ද අදාල ජංගම දුරකථනයේ තිබිය යුතු වන බව ද OnePlus සමාගම නිවේදනය කර තිබෙනවා.
ඔවුන්ගේ නිළ OnePlus forum එක හරහා මෙය download කරගැනීමේ හැකියාව ලබාදී ඇති අතර මීළඟ නොවැම්බර් මාසය වන විට මෙහි stable සංස්කරණයක් නිකුත් කිරීමට ද මොවුන් බළාපොරොත්තුවෙන් සිටින බව වාර්ථා වෙනවා.
OnePlus සමාගම මීට පෙර නිවේදනය කළ පරිදි OnePlus 7, 7 Pro, 6, 6T, 5 සහ 5T යන ජංගම දුරකථන වලට මේ update එක ලැබෙන අතර 2020 වර්ෂය වන විට මේ සියළු ජංගම දුරකථන මාදිලි වලට නිළ වශයෙන් Android 10 සංස්කරණය ලබාදීමට කටයුතු කෙරෙනු ලැබෙනවා.
මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ OnePlus forum එක, XDA-Developers වෙබ් අඩවිය හා 9to5google වෙබ් අඩවිය භාවිතා කළ හැක.