පෙර වසරවල් වලට වඩා සාපේක්ෂව අඩු මිලට NVIDIA සමාගම විසින් නව පරම්පරාවේ RTX 50 series එක නිකුත් කරන්න තීරණය කරලා තියෙනවා.
NVIDIA සමාගම 2025 CES ප්‍රදර්ශනයේදී ඔවුන්ගේ නවතම GeForce RTX 50 පෙළේ ග්‍රැෆික් කාඩ් නිල වශයෙන් එළිදැක්වීමට කටයුතු කරනු ලැබුවා. මෙම නව පරම්පරාව තුළ RTX 5090, RTX 5080, RTX 5070 Ti සහ RTX 5070 යන මොඩල හතර ඇතුළත් වන අතර, ඒවායේ මිල ගණන් පිළිවෙලින් ඇමරිකානු ඩොලර් 1,999, 999, 749 සහ 549 ලෙස තමයි සඳහන් වෙන්නේ.
ප්රමුඛ පෙළේ RTX 5090 හැර අනෙකුත් මොඩල සඳහා පෙර වෙළඳපොළට හඳුන්වා දුන් ග්‍රැෆික් කාඩ් වලට සාපේක්ෂව අඩු මිලක් හෝ ඊට සමාන මිලක් සමගින් මේවා එලි දැක්වීම කාගේත් අවධානය දිනා ගන්න සමත් වුනා .
GPU Model | CUDA Cores | Memory Bus Width | Memory Size | TGP (W) |
---|---|---|---|---|
RTX 5090 (Mobile) | 10,496 | 256-bit | 24GB GDDR7 | 95-150 W |
RTX 5080 (Mobile) | 7,680 | 256-bit | 16GB GDDR7 | 80-150 W |
RTX 5070 Ti (Mobile) | 5,888 | 192-bit | 12GB GDDR7 | 60-115 W |
RTX 5070 (Mobile) | 4,608 | 128-bit | 8GB GDDR7 | 50-100 W |
Blackwell ශිල්පීය ක්‍රමය මත පදනම්ව නිර්මාණය කර ඇති මේ වසරේ flagship මොඩලය ලෙස හැඳින්විය හැකි RTX 5090 හි ට්‍රාන්සිස්ටර බිලියන 92ක් අන්තර්ගත වන අතර, එය පෙර පරම්පරාවට වඩා 33% ක වැඩි Memory capacity සහ 154% කින් වැඩි AI computational performance එකක් ලබා දෙයි.
NVIDIA විසින් හඳුන්වා දෙන ලද DLSS 4 තාක්ෂණය මෙම නව පරම්පරාවේ සැලකිය යුතු නවීකරණයක් ලෙස හඳුන්වන්න පුළුවන්. DLSS 4 සමගින් එන Multi frame generation තාක්ෂණය මගින් එක් frame එකකින් upscaled frames තුනක් දක්වා නිර්මාණය කිරීමේ හැකියාව ලබා දෙන අතර, DLSS-Transformer upscaling තාක්ෂණය භාවිතා කරමින් වඩා යහපත් visual experience එකක් ලබා දෙයි.
මෙය මේ මාසයේ අග වෙළඳපොල වෙත නිකුත් වෙද්දී පරිගණක ක්‍රීඩා 75ක් සඳහා මේ නව තාක්ෂනයන් සහය දක්වනු ඇති බව ඔවන් පෙන්වා දෙනවා.
Nvidia සමාගම විසින් නිවේදනය කර ඇති පරිදි RTX 5090 සහ 5080 මොඩල 2025 ජනවාරි 30 වන දින වෙළඳපොළට නිකුත් කරන අතර, RTX 5070 Ti සහ 5070 මොඩල 2025 පෙබරවාරි මාසයේදී වෙළඳපොල වෙත නිකුත් කිරීමට නියමිතයි.
මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා theverge.com වෙබ් අඩවිය සහ tomshardware.com වෙබ් අඩවිය භාවිතා කළ හැක.