Netflix සමාගම video game streaming කිරීමට ඉතා ඉක්මනින්ම කටයුතු කරනු ඇති බවට මීට පෙර අපි ඔබව දැනුවත් කර තිබෙනවා ඔබට මතක ඇති.

ඔන්න දැන් Netflix සමාගම පොරොන්දු ඉටු කරමින් සිය Video game series එක launch කර තිබෙන අතර ඒ අනුව,
යන games play කරන්නට දැන් හැකියාව ලබාදී තිබෙනවා.
🎮📱 Let the Games Begin📱🎮
— Netflix Geeked (@NetflixGeeked) November 2, 2021
Tomorrow, Netflix Games will start rolling out on the Netflix mobile app. First on Android, with iOS on the way.
It’s early days, but we’re excited to start bringing you exclusive games, with no ads, no additional fees and no in-app purchases. pic.twitter.com/ofNGF4b8At
දැනට Android සඳහා පමණක් නිකුත් කර ඇති මෙම game series එක කුඩා දරුවන්ගේ Netflix account වල හැර ලොව ඕනෑම අයෙකුගේ ඕනෑම Netflix account එකකින් play කිරීමටත් හැකියාව තිබෙනවා.
ඔබේ Android phone එකේ හෝ tablet එකේ Netflix app එක මත dedicated row එකක් ලෙස මෙම නව game series එක දැක ගත හැකි වනු ඇත. ඒ වගේම මෙම ඇතැම් games, offline play කිරීමටත් හැකියාව ලබා දී තිබෙනවා. කෙසේ නමුත් මෙම games play කිරීම සඳහා Netflix subscription එකක් තිබිය යුතු වන බව ඔවුන් පෙන්වා දෙනවා.
එමෙන්ම තවත් games හා features සමඟින් සිය mobile gaming experience එක තවදුරටත් upgrade කිරීමටද තම සමාගම කටයුතු කරන බව Netflix ආයතනය වැඩිදුරටත් සඳහන් කරනවා.
මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Netflix වෙබ් අඩවිය, Independent වෙබ් අඩවිය සහ The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.