Facebook වල ආගමනයත් සමඟින් ක්රමයෙන් අපේ ග්රහණයෙන් මිදී යන්න MySpace වෙබ් අඩවිය කටයුතු කලත්, ලොව ජනප්රිය ගායක, වාදක කණ්ඩායම් වල ප්රධානතම සමාජ ජාල වෙබ් අඩවිය ලෙස මෙය මේ වන විට ප්රසිද්ධියට පත් වී තිබෙනවා.
කොහොම නමුත් ඔබ 2003 සහ 2015 යන වර්ෂ 12ක පමණ කාලය තුලදී MySpace page එකක් ආරම්භ කරන්නට කටයුතු කළා නම්, බොහෝ දුරට මේ ප්රවෘත්තිය ඔබට එතරම් සුභදායක පණිවිඩයක් නොවනු ඇත.
MySpace සමාගමේ data privacy officer විසින් Reddit user කෙනෙකු වෙත එවන ලද email ලිපියක සඳහන් වන ආකාරයට Server migration එකක්, එහෙමත් නැතිනම් එක් server එකකින් තවත් server එකකට දත්ත ගෙනයාමකදී ඇති වූ අත්වැරදීමකින් එම දත්ත් corrupt වී ඇති බව සනාථ කරනු ලබනවා.

දැනට වසරක පමණ කාළයක සිට MySpace පරිශීලකයන් 2003 සහ 2015 අතර කාලසීමාවේදී upload කළ music tracks අතුරුදහන් වී ඇති බව ප්රකාශ කරමින් MySpace සමාගමට complain ඉදිරිපත් කරනු ලැබුවත්, මේ වන තුරු ඒවාට පැහැදිළි පිළිතුරක් ලබා දීමට ඔවුන් කටයුතු කර තිබුණේ නැහැ.
I'm deeply skeptical this was an accident. Flagrant incompetence may be bad PR, but it still sounds better than "we can't be bothered with the effort and cost of migrating and hosting 50 million old MP3s."
— Andy Baio (@waxpancake) March 18, 2019
කොහොම නමුත් මේ වන වට එම දත්ත නැවතත් ලබාගත නොහැකි අන්දමින් විනාශ වී ගොස් ඇති අතර මේ දත්ත් වල කිසිඳු backup එකක් ද නොමැති බව දැනගන්නට ලැබෙනවා.
මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා TechCrunch වෙබ් අඩවිය හා The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.