Android P සංස්කරණය වන තුරු Google සමාගම විසින් Android මෙහෙයුම් පද්ධතියේ beta සංස්කරණ භාවිතා කිරීමට අවස්ථාව ලබා දී තිබුණේ Google Nexus හෝ Google Pixel devices සඳහා පමණක් බව ඔබට මතක ඇති.
කොහොම නමුත් පස්ගිය වසරේ Android P මෙහෙයුම් පද්ධතියේ developer preview සංස්කරණය නිකුත් කරන විට මේ සීමාවෙන් මදක් ඔබ්බට ගොස්, Essential, HMD Global, OnePlus, Oppo, Sony, Vivo සහ Xiaomi යන ජංගම දුරකථන නිෂ්පාදකයන් 7දෙනෙකුගේ devices කිහිපයකට ද මෙය නිකුත් කිරීමට කටයුතු කළා.
මේ අනුව Essential Phone, Nokia 7 Plus, OnePlus 6, Oppo R15 Pro, Sony Xperia XZ2, Vivo X21, සහ Xiaomi Mi Mix 2S යන ජංගම දුරකථන වලට මේ Android P Developer Preview එක install කිරීමේ හැකියාව ලබා දී තිබුණා.
Google Developers Backstage podcast එක අතරතුරදී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් Developer වරයෙකු ප්‍රකාශ කර සිටියේ මෙවර මෙම update එක ලබා දෙන devices ප්‍රමාණය ඉතාමත් ඉහළ අගයක් ගනු ඇති බවත්, devices ගණන තවමත් හරිහැටි ප්‍රකාශ කළ නොහැකි බවත් ය.
මීට අමතරව ප්‍රසිද්ධ XDA-Developer editor කෙනෙකු වන Mishaal Rahman විසින් ඉඟි පළ කර ඇති ආකාරයට Android Q වල පළමුවැනි developer preview සංස්කරණය අද දින නිකුත් කරනු ඇති බව විශ්වාස කළ හැකි වෙනවා.
Seems like Google opened up the bug tracker for submitting bugs related to the Android Q beta. The link to check for existing bugs filters by date created after March 11th.
— Mishaal Rahman (@MishaalRahman) March 11, 2019
Are you ready for Android Q?
https://t.co/MQj25b6XXZ pic.twitter.com/EZkNNFmCbW
කොහොම නමුත් ඒ වෙනුවෙන් ඉදිරිපත් කර ඇති සාක්ෂිය වන Android Q Bug Tracker එකේ starting date එක පදනම් කරගෙන මෙය ප්‍රකාශ කලත්, එය අද දින සිදුකිරීමට හෝ නොකර සිටීමට Google සමාගමට හැකියාව තිබෙනවා.
නමුත් පසුගිය වසරේ මාර්තු මාසයේ මැද වන විට Android P developer preview එක නිකුත් කිරීමට Google සමාගම කටයුතු කළ බැවින්, මෙම වසරේ ද එය එසේ සිදුවීමට යම්කිසි හැකියාවක් ද පවතිනවා.
මේ ගැන මේ වන විට Reddit thread එකක් ආරම්භ කර ඇති අතර එයට පිවිසීම මගින් ඔබ මෙය කියවන විට පවතින තත්ත්වය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට හැකි වේවි.
මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා Android Authority වෙබ් අඩවිය, AndroidBackstage blog එක හා XDA-Developers වෙබ් අඩවිය භාවිතා කළ හැක.