වසර ගණනාවක marketing campaign එකකින් පසුව CyberPunk 2077 game එක පසුගියදා නිකුත් කිරීමට CD Projekt ආයතනය කටයුතු කරනු ලැබූ අතර ලොව පුරා බොහෝ දෙනෙකුගේ අවධානය ඒ වෙත යොමු වුණා.

කොහොම නමුත් මෙම game එක බොහෝ දෙනා බළාපොරොත්තු වූ තරම් හොඳ තත්ත්වයක නොතිබූ අතර ආරම්භයේ සිටම save game files courrupt වීම ඇතුළු bugs ගණනාවකින් යුක්ත වුණා.

මේ හේතුව නිසාවෙන් Microsoft සමාගම විසින් මෙම game එක මිලදීගත් ඔවුන්ගේ Xbox පරිශීකයින් හට refunds ලබාදීමට කටයුතු කළ අතර Sony සමාගම විසින් ඔවුන්ගේ PlayStation Store එකෙන් ද game එක තාවකාලිකව ඉවත් කර, මිලදීගත් අය සඳහා ද refunds ලබාදීමට කටයුතු කරනු ලැබුවා.

Important Update
Important Update

මීට අමතරව Steam, Amazon, Walmart, BestBuy ඇතුළු අනෙකුත් platform වලින් ද මේ සඳහා refunds ලබාදීමට කටයුතු කළ අතර, මේ වන විට CJ Projekt ආයතනයට විරුද්ධව නඩු පැවරීමට එහි ආයෝජකයින් ද කටයුතු කර තිබෙන බව වාර්තා වෙනවා.

මෙහිදී CJ Projekt ආයතනයට විරුද්ධව එල්ල වී ඇති ප්‍රධාන චෝදනාව වන්නේ game එක release කිරීමට පෙර එහි ප්‍රගතිය පිළිබඳව ආයෝජකයින්ව නොමඟ යැවීමට කටයුතු කර තිබීම වන අතර, එහි ප්‍රතිපලයක් ලෙස මේ වන විට එම සමාගමේ කොටස් වෙළඳපොල අගය ද විශාල ලෙස පහළ වැටී තිබෙනවා.

මෙය play කිරීමට නොහැකි වනු ඇති වන බව වෙනුවට, ක්‍රීඩකයින්ගේ අවධානයට ලක් නොවනු ඇති කුඩා ගැටළු කිහිපයක් ඇති බව පමණක් ඇති බව මෙම game එක නිකුත් කිරීමට පෙර ආයෝජකයින්ව දැනුවත් කිරීමට කටයුතු කර ඇති බව මෙම නඩුවෙහි වැඩිදුරටත් සඳහන් වෙනවා.

2012 වර්ෂයේදී මුලින්ම announce කරනු ලැබූ CyberPunk 2077 game එක 2013, 2018 සහ 2019 යන වර්ෂ වලදී trailers නිකුත් කිරීමට කටයුතු කරනු ලැබූ අතර, මේ වන විට විවිධ awards 200කට අධික ප්‍රමාණයක් ලබාගැනීමට සමත් වී තිබෙනවා.

මේ වන විටත් මෙම game එකෙහි copies මිලියන 13ක් පමණ අලෙවි වී ඇති බවත්, 2020 වර්ෂයේ නිකුත් කළ game වලින් වැඩිම අලෙවියක් සහිත වූ games වලින් එකක් වීමට මෙයට හැකිව තිබෙන බවත් දැකගත හැකි වෙනවා.

විශේෂයෙන්ම මෙම තත්ත්වයට හේතුව වන්නේ වසර ගණනාවක් තිස්සේ සිදු කරගෙන ගිය marketing campaign එකේ ප්‍රතිඵලයක් ලෙස, game එක release කිරීමට පෙර සිදු කර තිබුණු මිලියන 8ක් පමණ වූ pre-orders නිසාවෙන් බව The Verge වෙබ් අඩවිය පෙන්වා දෙනවා.

Hotfix 1.05
Hotfix 1.05 is now live on PC, Xbox and PlayStation systems!

කෙසේ වෙතත් මේ වන විට ක්‍රීඩකයින් විසින් report කළ බොහෝ ගැටළු ඉතාමත් ඉක්මණින් updates හරහා fix කිරීමට මොවුන් කටයුතු කරමින් පවතින බව දැකගත හැකි වන අතර ඔවුන්ගේ නිළ වෙබ් අඩවියෙහි News section එක හරහා මේ පිළිබඳව අලුත්ම තොරතුරු දැනගැනීමේ හැකියාව පවතිනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ Bloomberg වෙබ් අඩවිය භාවිතා කළ හැක.