බොහෝ වෙලාවට Google, Microsoft වැනි විශාල සමාගම් පවා April fool's day, එහෙමත් නැතිනම් මෝඩයාගේ දිනය අතරතුර යම්කිසි නොමඟ යවන සුළු ප්‍රවෘත්තියක් නිවේදනය කිරීම වසර ගණනාවක් තිස්සේ සාමාන්‍යය දෙයක් බව අපි හැමෝම දන්නා කාරණයක්.

Google සමාගම විසින් 2016 දී නිකුත් කරන ලද Prank එකක්

කොහොම නමුත් Microsoft සමාගම විසින් මෙවර April fool's day එක වෙනුවෙන් කිසිඳු ආකාරයක නොමඟ යවන සුළු ක්‍රියාකාරකමක් සිදු නොකරන ලෙස එම ආයතනයේ සේවය කරන සියළුම සේවකයන් හට දැනුම්දීමට කටයුතු කර ඇති බව මේ වන විට වාර්ථා වෙනවා.

මේ ආකාරයේ නොමඟ යවන සුලු ක්‍රියාවන් හේතුවෙන් හොඳ දෙයක් සිදු වීමට වඩා නරකක් සිදු වූ අවස්ථා වැඩි බැවින් මහජනතාව වෙනුවෙන් කිසිඳු April fool's day activity එකක් සිදු කිරීමට කටයුතු නොකරන ලෙස එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙනවා.

Microsoft සමාගම විසින් ගනු ලබන තීරණයන් බොහෝ විට වෙනත් විශාල තාක්ෂණික ආයතනයන් වල ද ක්‍රියාත්මක කරවීමට බොහෝ ආයතන සූදානමින් සිටින බැවින් Google, Amazon වැනි විශාල ආවතන පවා මේ තීරණය ගැනීමට බොහෝ විට ඉඩකඩ ඇති බව බොහෝ දෙනෙකු විශ්වාස කරනු ලබනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා Softpedia වෙබ් අඩවිය හා The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.