Xbox One එකකදී Keyboard සහ Mouse භාවිතා කිරීමේ සහාය ලබා දීමට Microsoft ආයතනය කටයුතු කරමින් සිටින බව මේ වන විට දැනගන්නට ලැබෙන අතර Xbox Gaming Testers ලා විසින් ඉදිරි සති කිහිපය තුළදී මෙය අත්හදා බැලීම සිදු කරන බව Microsoft ආයතනය පවසා තිබේ.
මෙහිදි Microsoft සමාගම ලොව සුපිරිම Gaming Devices නිර්මාණය කරන සමාගමක් වන Razer සමාගම සමග එකතු වි වැඩ කිරිමටත් තිරණය කර ඇති බව ඔවුන් ප්රකාශ කර සිටිනවා.

එබැවින් Xbox One පරිශීලකයින්ට ඉදිරියේදී Chroma ආලෝකකරණය සහිත දෘඩාංග මිලදී ගත හැකියාව ලැබෙන අතර නුදුරු අනාගතයේදී රැහැන් රහිත මෙන්ම USB keyboard සහ mouse ද Xbox One මත වැඩ කරනු ඇත.
නමුත් consoles සඳහා මේ වන විට නිර්මාණය කර ඇති games විශේෂයෙන් mouse සහ keyboard වලට සකස් කර නොමැති නිසා මේ පහසුකම Xbox One එකට එකතු කළ සැනින් එය අදාල games වලදී භාවිතා කිරීමට නොහැකි වෙනවා. කොහොම නමුත් මේ වෙනුවෙන් අදාල game developers ලා ද අනාගතයේදී සහාය දක්වනු ඇති බව Microsoft සමාගම වැඩිදුරටත් ප්රකාශ කරනවා.
🚨WAITING FOR SOMETHING EPIC?
— R Λ Z Ξ R (@Razer) September 25, 2018
Be sure to tune in to the November edition of #InsideXbox to find out what's on the horizon.
#Xbox #Razer ⌨️🖱 pic.twitter.com/D1ZiuMWl4R
PC එකේ first person shooter game එකක් වැනි game එකක් play කරද්දී මෙන්ම ඒ game එකම console එකකදී play කරන විට ඉලක්කය හැසිරවීමට ඇති පහසු/අපහසු බව ඔයා games play කරන කෙනෙක් නම්, බොහෝ වෙලාවට අත්දැකලා ඇති. ඉතින් මෙන්න මේ වෙනස අවම කිරීම සඳහා තමයි Microsoft සමාගම මේ වෑයම දරනු ලබන්නේ.
මීට අමතරව මේ Razer සමාගම හා ඇතිකරගත් partnership එක පිළිබඳව වැඩි විස්තර මීළඟ නොවැම්බර් මස 10 වැනිදා පැවැත්වීමට නියමිත Inside Xbox stream එකේදී නිවේදනය කරන්නට Microsoft සමාගම සැළසුම් කර තිබෙනවා.
කොහොම වුණත් මේ වෙනස හරහා ඉදිරියේදී Xbox මගින් video games play කරන්නන් හට සුපිරි අද්දැකීමක් ලබා ගැනිමට පුලුවන් වෙන බව තමයි සැම දෙනාගෙම මතය වන්නේ.
Microsoft සමාගමේ Newsroom එකෙහි මේ පිළබඳව පළ කර ඇති නිවේදනය හරහා මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගන්න පුළුවන්.