Messages කියන්නේ අපි නිතරම භාවිතා කරනු ලබන පහසුකමක් වුණත්, අපිට පසුගිය messages අතරින් යම්කිසි දෙයක් නැවත සොයාගැනීමට අවශ්‍යය නම්, මේ වන තුරුත් ඒ සඳහා හොඳ තත්ත්වයේ search පහසුකමක් ලබා දී තිබුණේ නැහැ.

නමුත් පසුගිය සති කිහිපය තුලදී මේ Android Messages app එකට අලුත් පෙනුමක්, dark mode වැනි විශේෂ පහසුකම් එකතු කිරීමට Google සමාගම කරටයුතු කළ අතර ඔන්න දැන්, මේ Android Messages වලට අලුත් search පහසුකමක් එකතු කිරීමටත් ඔවුන් කටයුතු කර තිබෙනවා.

මේ අලුත් පහසුකම හරහා ඔයා contact එකක් තම tap කළ විට ඔහු/ඇය සමඟ හුවමාරු කරගත් සියළුම විස්තර අදාල category මගින් වෙන වෙනම පෙන්වීමට කටයුතු කරනු ලබනවා. මේ අතරට අදාල පුද්ගලයා ඇතුලත් වූ group chat වල ඇතුලත් තොරතුරුද එකතු කිරීමට Google සමාගම කටයුතු කර තිබෙනවා.

දැනට SMS පමණක් භාවිතා කරනු ලබන නිසාවෙන් මෙය එතරම් වැදගත් නොවුණත්, SMS වෙනුවට එන අලුත් තාක්ෂණය වන RCS සාමාන්‍යය භාවිතයට පැමිණි පසු, මේ පහසුකම ඉතාමත් වැදගත් වෙනවා.

එමෙන්ම මේ පහසුකම මේ සතිය ඇතුලත Android Messages භාවිතා කරන්නන් හට නිකුත් කිරීමට Google සමාගම බළාපොරොත්තු වෙනවා.

මේ පිළිබඳ වැඩිදුර විස්තර දැනගැනීමට Google Blog එක භාවිතා කළ හැක.