ඔයාලට මතක ඇති මීට ටික දවසකට කලින් Microsoft එක විසින් GitHub එක මිලට ගත්තා. ඔන්න Microsoft එක ආයෙත් සැරයක් shopping යන්න පටන් අරන්.

Xbox එකේ ප්‍රධානියා වෙන Phil Spencer මහතා කියන විදිහට මේ පාර ඔවුන් මිලදීගෙන තියෙන්නේ Game Studios එහෙමත් නැත්නම් පරිගණක ක්‍රීඩා නිර්මාණය කරන ආයතන 4ක්.

  1. Ninja Theory
  2. Playground Games
  3. Undead Labs
  4. Compulsion Games

2010 අවුරුද්දේ තමයි මේ Playground Games කියන සමාගම පටන් අරගෙන තියෙන්නේ. ඒ වගේම ප්‍රසිද්ධ game මාලාවක් වෙන Forza racing series එක අයිති වෙන්නෙත් මෙයාලටම තමයි. ඒ වගේම ඒ games මාලාවේ අළුත්ම එක වෙන Froza Horizon 4 කියන game එකත් අද දිනයේදී E3 සමුළුවේදී announce කිරීමට නියමිතයි.

ඒ වගේම Ninja Theory කියන්නේ 2000 වර්ශයේ ආරම්භ කරන ලද සමාගමක් වන අතර Hellblade කියන game එක අයිති වෙන්නත් මේ සමාගමටමයි.

මීට අමතරව State of Decay game series එක අයිති වෙන්නේ මම කලින් සඳහන් කරන ලද Undead Labs කියන studio එකටයි.

Compulsion Games කියන studio එකෙන් Contrast කියන game එක release කරලා තියන අතර 2018 වර්ශයේ එනම් මේ අවුරුද්දේ release කිරීමට නියමිත We Happy Few කියන game එක මේ වන විට නිර්මාණය කරමින් සිටිනවා.

ඔයාලාට මතක ඇති මේ වගේම Microsoft එක විසින් 2014 දී Minecraft එක අමෙරිකානු ඩොලර් බිලියන 2.5ක් ගෙවලා මිලදී ගත්තා. ඉතින් Microsoft ලා එයාලාගේ Xbox game download subscription සේවාව තව දුරටත් ශක්තිමත් කරන්නට සහ බොහෝවිට Xbox exclusive එහෙමත් නැත්නම් Xbox එකේ පමණක් play කිරීමට හැකියාව ඇති හොඳ games වැඩි වශයෙන් නිර්මාණය කිරීමට පෙළඹෙන බව තමයි මේ මිලදීගැනීම් වලින් පෙනෙන්නට තිබෙන්නේ.

Source: TechCrunch