ජපානය කියන්නේ මේ වන විට තාක්ෂණයේ හැම අතින්ම ඉදිරියෙන් ඉන්න රටක්. ඔවුන්ගේ අභ්‍යාවකාශ ව්‍යාපෘති වලත් සැලකිය යුතු ප්‍රගතියක් දැකියහැකි වන අතර Ryugu නම් වූ ග්රහකයට රොබෝ කෙනෙකු යැවීමේ ව්‍යාපෘතියක් ගැන මේ වන විට දැනගන්නට ලැබෙනවා.
පෘථිවියට සැතපුම් මිලියන 186ක් දුරින් පමණ තිබෙන Ryugu නම් ග්රහකය මතට Hayabusa2 කියන අභ්‍යවකාශ යානයෙන් ඔවුන් මේ වනවිට 3 වෙනි රොබෝ කෙනෙකුත් යවන්නට සමත් වෙලා තියනවා.
මෙවර යවලා තියෙන රොබෝ, ප්‍රංශ හා ජර්මානු සමාගම් විසින් නිපදවපු පෙට්ටියක හැඩය ඇති රොබෝ කෙනෙක් වන අතර එයාගේ නම MASCOT යනුවෙන් තමයි දැනගන්නට ලැබෙන්නේ. ග්රහකය මත ගමන් කරමින් මේ රොබෝ එහි උෂ්ණත්වය මෙන්ම ග්‍රහකයේ ස්වභාවය ගැන පරීක්ෂණ කරනු ලබනවා.



මේ ග්‍රාහකය ගොඩක් කුඩා නිසා ඒකෙ ලොකු ගුරුත්වාකර්ශණ බලයක් නැහැ. ඒ නිසා මේ රොබෝගේ ඇතුලේ තියෙන මොටර් වලින් එකේ බර වෙනස් කිරීමෙන් අදාල චලනයන් සිදු කරන බවයි ඔවුන් පවසන්නේ. මේ ආකාරයේ එක චලනයක් සිදු කිරීමට විනාඩි 15ක් පමණ ගත වෙන බව තමයි දැනගන්නට ලැබෙන්නේ.
Rover-1B succeeded in shooting a movie on Ryugu’s surface! The movie has 15 frames captured on September 23, 2018 from 10:34 - 11:48 JST. Enjoy ‘standing’ on the surface of this asteroid! [6/6] pic.twitter.com/57avmjvdVa
— HAYABUSA2@JAXA (@haya2e_jaxa) September 27, 2018
මේ රොබෝ ප්‍රධාන උපකරණ 4 කින් සමන්විත වන අතර ඒ උපකරණ වලින් ග්රහකය මත ඡායාරූප ගැනීමට, උෂ්ණත්ව මැනීමට, ග්රහකය මත ඇති විවිධ මූලද්‍රව්‍ය හදුනාගැනීමට හා විද්‍යුත් චුම්භකත්වය මනින්නට හැකියාව ලැබෙනවා.
කොහොම නමුත් මේ රොබෝගේ පිටත සූර්ය පැනල සවි කරලා නැති නිසා එහි අභ්‍යන්තර බැටරි වලින් මේ සියලු දේ සිදු කරනු ලබන බව තමයි ජර්මානු ආයතනය ප්‍රකාශ කරන්නේ. මේ බැටරියේ බලය පැය 16ක් පමණක් තිබෙන බවත් මේ ගැන නිවේදනයක් නිකුත් කරන ලද අවස්ථාවේදී එයින් පැය 7ක් ඉතිරි වී ඇති බවත් ඔවුන් තවදුරටත් ප්‍රකාශ කරනු ලැබුවා.
මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා theverge වෙබ් අඩවිය සහ foxnews වෙබ් අඩවිය භාවිතා කළ හැක.