GrayShift ආයතනය විසින් GrayKey කියන device එක හරහා iPhone hack කිරීමේ හැකියාව ඇති බව පසුගිය වසරේ ජුනි මස අපි ඔබව දැනුවත් කළා මතක ඇති.
මේ වන විට ඊශ්‍රායෙල් ආයතනයක් වන Cellebrite ආයතනය විසින් iOS 12.3 දක්වා වන ඕනෑම iOS සංස්කරණයක් ඇති iPhone, iPad මෙන්ම වෙනත් ඕනෑම high-end Android device එකක් hack කළ හැකි බව ප්‍රකාශ කර තිබෙනවා.
Cellebrite is proud to introduce #UFED Premium! An exclusive solution for law enforcement to unlock and extract data from all iOS and high-end Android devices. To learn more, click here: https://t.co/WHsaDxzoXz pic.twitter.com/BSixEkyAuL
— Cellebrite (@Cellebrite_UFED) June 14, 2019
මේ සමාගම විසින් මේ හැකියාව ඇති, UFED Premium නමින් device එකක් හඳුන්වාදී ඇති අතර මෙය නිකුත් කිරීමට සූදානමින් සිටින්නේ පොලිසිය, උසාවිය වැනි නීතිය සම්බන්ධ රාජ්‍යය ආයතනයන් සඳහා පමණක් වන බව වාර්ථා වෙනවා.
මේ අනුව යම්කිසි සැකකරුවෙකුගේ iPhone එකක ඇති දත්ත මොනවාදැයි දැනගැනීමට අවශ්‍යය නම් මේ UFED Premium device එකක් මිළදීගෙන ඒ හරහා අදාල iPhone එක hack කර, අවශ්‍යය දත්ත ලබාගැනීමේ හැකියාව පොලිසියට ලැබෙනවා.
Chat messages, Emails, attachments සහ අනෙකුත් apps වල දත්ත මෙන්ම, delete කරනු ලැබූ දත්ත පවා මේ device එක භාවිතයෙන් නැවත ලබාගත හැකි අතර iOS 7 වල සිට iOS 12.3 දක්වා iPhone සහ iPad ද Galaxy S6 වල සිට Galaxy S9, Huawei, LG, Motorola සහ Xiomi වැනි Android ජංගම දුරකථන මාදිලි ද මේ ආකාරයෙන් hack කිරීමේ හැකියාව මෙම device එකට තිබෙන බව වාර්ථා වෙනවා.
මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Cellebrite වෙබ් අඩවිය, Mac Rumors වෙබ් අඩවිය හා Digital Trends වෙබ් අඩවිය භාවිතා කළ හැක.