පසුගියදා Apple සමාගම විසින් ඔවුන්ගේ Apple Watch මාදිලි බොහෝමයක් සඳහා watchOS 8.3 සංස්කරණය නිකුත් කිරීමට කටයුතු කරනු ලැබුවා.

මෙම update එක හරහා ලබාදුන් වැඩිදියුණුකිරීම් සහ අලුත් පෙනුම නිසාවෙන් බොහෝ දෙනා මෙය install කරගැනීමට කටයුතු කරනු ලැබූ නමුත්, මෙහි වූ එක් අංගයක් නිසාවෙන් මේ වන විට ලොව පුරා බොහෝ දෙනා කනස්සල්ල පළ කරමින් සිටිනවා.

හේතුව වන්නේ Apple සමාගම විසින් මෙම Apple Watch 3rd party chargers හරහා, එනම් Apple සමාගම මගින් නිෂ්පාදනය නොකරන, වෙනත් සමාගම් විසින් නිෂ්පාදනය කරනු ලැබූ chargers භාවිතා කිරීමේ හැකියාව අහිමි කිරීමයි.

WatchOS 8.3 Killed 3rd Party Charger? from AppleWatch

Apple Watch පරිශීලකයින් Reddit වෙබ් අඩවිය හරහා මීට අදාලව thread එකක් open කර ඇති අතර, බොහෝ දෙනා පවසන්නේ wearOS 8.3 update එකෙන් පසුම මෙම ගැටළුව ඇති වූ බවයි.

මූලිකව මෙම ගැටළුව Apple Watch Series 7 එකට පමණක් සීමා වූ එකක් බව වාර්තා වුවත්, Reddit වෙබ් අඩවිය හරහා අදහස් පළ කළ පරිශීලකයින් පෙන්වා දෙන්නේ මෙම ගැටළුව Apple Watch Series 5 වැනි අනෙකුත් මාදිලි සඳහා ද බලපා ඇති බවයි.

කෙසේ නමුත් Belkin වැනි වෙළඳ නාම යටතේ නිකුත් කළ ඇතැම් චාජර් තවමත් ක්‍රියාත්මක වන බවත්, ඇතැම් chargers සම්බන්ධ කළ විට 2%ක් දක්වා charge වී, මිනිත්තු කිහිපයක් තුලදී ඒවා ක්‍රියා විරහිත වන බවත් ඇතැම් පරිශීලකයින් පෙන්වා දෙනවා.

Watch එක සමඟින් ලැබුණු original Apple cable එක භාවිතා කිරීම හැරුණු විට, මෙම ගැටළුව සඳහා තවමත් කිසිඳු විසඳුමක් සොයාගැනීමට කිසිවෙකු සමත්වී ඇති බවක් පෙනෙන්නට නැහැ.

Apple සමාගම මේ පිළිබඳව තවමත් කිසිඳු නිවේදනයක් නිකුත් කර නොමැති අතර, මීළඟ ජනවාරි මාසයේදී නිකුත් වීමට නියමිත අලුත් wearOS update එක එන තුරු තම devices charge කරගැනීමට නොහැකි වූ Apple Watch පරිශීලකයින් බොහෝ දෙනෙකු නොයිවසිල්ලෙන් බලා සිටිනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Softpedia වෙබ් අඩවිය සහ Forbes වෙබ් අඩවිය භාවිතා කළ හැක.