Instagram කියන්නේ මේ වෙනකොට ලොව පුරා ඉතාමත් ජනප්රිය සමාජජාල platform එකක් වන අතර පසුගිය කාලසීමාව ඇතුලත ඔවුන් අලුත් පහසුකම් කිහිපයක්ම ඔවුන්ගේ මේ platform එකට ඇතුලත් කරන්නට කටයුතු කලා.
Nametag යන නමින් හඳුන්වන අලුත් පහසුකමක් මේ Instagram platform එකට හඳුන්වා දීමට Instagram සමාගම දැන් කටයුතු කර තිබෙනවා.
පරිඝනකයෙන් මිදිලා අපේ ඇත්ත ජීවිතේදී මගතොටදී යන එන ගමන් මුණගැහෙන අලුත් යහළුවන් Instagram හරහා සම්බන්ධ කරගන්න මේ අලුත් පහසුකම භාවිතා කරන්න පුලුවන්.
Now you can quickly add friends on Instagram by scanning their nametags. You can also customize your own nametag with emojis, colors and selfies. pic.twitter.com/fq4HFNiDMy
— Instagram (@instagram) October 4, 2018
මෙය තරමක් දුරට QR Code එකක් ලෙසින් ක්රියා කරන අතර මෙහිදී අදාල පරිශීලකයාගේ username එක ඇතුලත tag එකක් නිර්මාණය වෙනවා. ඉතින් එලෙස නිර්මාණය වන tag එක වෙනත් පුද්ගලයෙකුගේ Instagram app එක හරහා scan කිරීමෙන් මේ tag එකේ අයිතිකරු ව follow කිරීමට අදාල පුද්ගලයාට හැකියාව ලැබෙනවා.
මෙවැනිම තාක්ෂණයක් මේ වනවිට Twitter, Facebook හා Snapchat හරහා ලබාදීලා තිබෙන අතර ඒවායෙදී QR Code එකක් scan කිරීම මගින් මෙම සේවාව ඉෂ්ඨ වෙනවා.

මෙම සේවාව භාවිතා කිරීමට ඔබගේ Instagram profile එකට ඇතුලුවී, දකුණු පැත්තේ උඩ ඇති menu icon එක click කර, "Nametag" යන්න තේරීමෙන් තමන්ගේ Nametag එක ලබා ගත හැකි අතර, කැමරාවෙන් වෙනත් කෙනෙකුගේ Nametag එකක් scan කිරීමෙන් ඔවුන්ගේ profile එක වෙත ඔබව යොමු කරනු ලැබේ.
පසුගිය ඔක්තෝම්බර් 4 වැනිදා මේ පහසුකම ලොව පුරා Android සහ iOS භාවිතා කරන Instagram පරිශීලකයින් සඳහා නිකුත් කිරීමට Instagram සමාගම කටයුතු කර තිබෙනවා.
මේ පිළිබඳව වැඩි විස්තර දැනගැනීම සඳහා theverge වෙබ් අඩවිය සහ makeuseof වෙබ් අඩවිය භාවිතා කළ හැක.